බිලිං අච්චාරුව
මේ තමයි මම ආසම කෑම. ආහ් මතක් වෙද්දිත් රස දැනෙනවා වගේ. ටිකක් උශ්ණාධික කැමක් නම් තමයි. ඒත් රස නම් බලන්නම ඕන..
අවශ්‍ය ද්‍රව්‍ය :
- වියලි බිලිං 100
- උම්බලකඩ 25
- රතුලූණූ අහුරක්
- අමුමිරිස් 10
- කුරුදුපොතු
- අබ
- කරපිංචා
- ලුණු
- කහ
- ගම්මිරිස්
- මිරිස් කුඩු
- ඉගුරු
- විනාකිරි
- බැදපු තුනපහ
- පොල්‍තෙල්
බිලිං සෝදාගෙන ලුණු වතුරින් තම්බා ගන්න. එය තද අවුවේ දින 2ක් වේලාගෙන වියලි බිලිං හදාගන්න. අබ, කහ, ඉඟුරු, ගම්මිරිස්, විනාකිරි එකට අඹරාගන්න. මැටි භාජනයකට තෙල් දමා රත් කරගෙන එයට මිරිස් හා තුනපහ කුඩු දමා බැද ගන්න. රතුලූණු ගෙඩි හා අමු මිරිස් ටිකද එයට දමා බැද ගන්න. අවසානයේ බිලිං එක්කර ටික වේලාවකින් ලිපෙන් බාගෙන නිවුන පසු එයට අබ මිශ්‍රණයද එක්කර ගන්න. කල්තියා ගන්න අවශ්‍ය නම්, උණුවතුරින් තම්බා ගත් ජෑම් බෝතලය අසුරාගෙන මදක් රත්කර නිවාගත් විනාකිරි එක්කර අවශ්‍ය වේලාවට ආහාරට එක්කර ගන්න.
මේ තමයි මම ආසම කෑම. ආහ් මතක් වෙද්දිත් රස දැනෙනවා වගේ. ටිකක් උශ්ණාධික කැමක් නම් තමයි. ඒත් රස නම් බලන්නම ඕන.. අවශ්‍ය...
අවශ්‍ය ද්‍රව්‍ය :කරවිල ගෙඩි 4ක්වියලි මිරිස් අවුන්ස 1/2සුදු ළූණු අවුන්ස ¼අබ අවුන්ස ¼අමු ඉගුරු අවුන්ස ½ විනාකිරි අවුන්ස ¼ පොල්තෙල් ලුනුසාදා ගන්නේ මෙහෙමයි : කරවිල...
අවශ්‍ය ද්‍රව්‍ය :අලුත් ඌරුමස් ග්‍රෑම් 500 කහ කුඩූ තේ හැඳි 1 ලුණූ කුඩූ තේ හැඳි 1 අඹරාගත් ඉඟුරු අඟල් 2 කැබැල්ලක්...
අවශ්‍ය ද්‍රව්‍ය :රතු ළුණු ග‍්‍රෑම් 250 ( පිරිසිදු කරගත් )අමුමිරිස් ග‍්‍රෑම් 100 ( වෙන් නොවන සේ දෙකට පලා ගත් )කැරට් ග්රෑම්...
අවශ්‍ය ද්‍රව්‍ය :පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4සීනි මේස 1 1/2වියළි මිරිස් කැබලි මේස හැඳි 1විනාකිරි මිලි ලීටර් 200ලුණූ තේ 1...
අවශ්‍ය ද්‍රව්‍යය :ඉදුණු අඹ රාත්තල් 1මුද්දරප්පලම් රාත්තල් 1/4අබ අවුන්ස 1/2සීනි රාත්තල් 1 1/2වියළි මිරිස් අවුන්ස 1සුදු ළුෑණු අවුන්ස 1/2ලූණු තේ හැඳි...