චීස් කේක්
අවශ්‍ය ද්‍රව්‍ය :
- ජෑම් ග්‍රෑම් 100
- සීනි ග්‍රෑම් 90
- කජු ග්‍රෑම් 100
- මාගරින් ග්‍රෑම් 90
- අඹරාගත් කජු ග්‍රෑම් 250
- පිටි කිරි මේස හැදි 4
- වැනිලා මේස හැදි 1
- බිත්තර 1
පේස්ට්‍රිය සදහා අවශ්‍ය ද්‍රව්‍ය :
- පිටි ග්‍රෑම් 300
- මාගරින් ග්‍රෑම් 150
- කෝන්පිටි ග්‍රෑම් 50
- සීනි මේස හැදි 3
- බිත්තර කහ මද 1
- ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ක්‍රමය :
මුලින්ම පිරවුම සාදා ගන්න. ඒ සදහා සීනි හා මාගරින් එකට දමා හොදින් බීට් කර ගන්න. ඉන්පසු බිත්තරය අඹරා ගත් කජු හා වැනිලා සමඟ කිරි එකතු කර හොදින් කලවම් කරන්න. දැන් පේස්ට්‍රි රවුම මත ජෑම් හැන්ද බැගින් දමා ජෑම් වැසෙන සේ සාදා ගත් මෙම පිරවුම ටිකටික දමන්න.පේස්ට්‍රි මිශ්‍රනයෙන්ම තීරු කපා පිරවුමට උඩින් කතිර හැඩයට තබා ඒ මත කජු අතුරන්න. මේවා බටර් තැවරූ තැටියක දමා සෙ.180˚ ක උෂ්නත්වයේ විනාඩි 25 පමණ බේක් කර ගන්න.
පේස්ට්‍රිය සාදා ගන්නා ක්‍රමය :
පිටි කෝන්ෆ්ලවර් එකට කලවම් කර තුන්වරක් හලා ගන්න. මෙයට බිත්තර කහ මදය, ලුණු හා මාගරින් දමා වතුර දමමින් අතේ නොඇලෙන පදමට මෝලිය සාදා ගන්න.දැන් අඟල් තුනේ පමණ විශ්කම්භය ඇති රවුම් සහ තීරු කපා ගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : චොක්ලට් චිප්ස් ග්‍රෑම් 175බටර් ග්‍රෑම් 90පාන්පිටි ග්‍රෑම් 45ලුණු තේ හැඳි 1/4බිත්තර 3යිකොකෝ පවුඩර් ටිකක් සාදන ආකාරය : චොක්ලට් චිප්ස් ගන්නා...
අවශ්‍ය ද්‍රව්‍ය : බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්අයිසිං සීනි කෝප්ප 2ක්කිරි මේස හැඳි 2ක්ගාගත් පොල් කෝප්ප 3ක්වැනිලා තේ හැඳි 1/2ක්කොළ පාට...
අවශ්‍ය ද්‍රව්‍ය :සීනි ග්‍රැම් 125බටර් ග්‍රෑම් 375බිත්තර 15යිරුලං ග්‍රෑම් 500පොල් ගෙඩියකින් පමණසාදා ගත් පැණි පොල් ග්‍රෑම් 150කජු මද ග්‍රෑම් 150එන්සාල් ඇට...
අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...
අවශ්‍ය ද්‍රව්‍ය :මාගරින් ග්‍රෑම් 150සීනි ග්‍රෑම් 200රට ඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)පිටි ග්‍රෑම් 200බිත්තර 3කජූ ග්‍රෑම් 200...
අවශ්‍ය ද්‍රව්‍ය : පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 චෙරි දෝසි ග්‍රෑම් 50 බටර් ග්‍රෑම් 200 බේකිං පවූඩර් තේ හැඳි 2...