පලතුරු කේක්
![පලතුරු කේක්](https://www.sithmalyaya.com/images/recipes/recipes-20/larges/chocolate-fruit-cake-wallpaper.jpg)
අවශ්‍ය ද්‍රව්‍යය :
- සීනි ග්‍රෑම් 150
- පිටි ග්‍රෑම් 250
- බටර් ග්‍රෑම් 250
- බිත්තර සුදු මද 3
- මිල්ක් මේඩ් පොඩි ටින් 1/2
- වැනිලා තේ හැඳි 2
- බේකින් පවුඩර් තේ හැඳි 2
- ප්ලම්ස, චෙරි, රටඉඳි, පුහුල් දෝසි, මේවා සමූහයක් වශයෙන් ගෙන ග්‍රෑම් 100 ක් පමණ
- අවශ්‍ය නම් පලතුරු එසන්ස් වර්ගයක්
- කලරිං ස්වල්පයක්
සාදා ගන්නේ මෙහෙමයි :
සීනි, බටර් එකම අතට බීට් කරන්න. පසුව බිත්තර සුදු මද තුනක් වෙනම හොඳින් ගසාගෙන වරින් වර බටර් මිශ්‍රණයට දමා හොඳින් බීට් කර ගන්න. මිල්ක් මේඩ් පොඩි ටින් එක උණු වතුර මේස හැඳි 2 කින් දියකර ගෙන බටර් මිශ්‍රණයට ටික ටික දමා බීට් කරගන්න. පිටිවලට බේකිං පවුඩර්දමා 3 වරක් හලා ගන්න. කපාගත් පලතුරු සියල්ලම පිටිවලට කලවම් කරගන්න. පසුව සීනි, බටර් මිශ්‍රණයට පලතුරු, පිටි එකතු කරගන්න. වැනිලා, කලරින්, වර්ග එකතු කර සකසාගත් ටේ්‍ර එකක සෙන්ටිග්‍රේඩ් අංශක 180 ක උෂ්ණත්වයකින් විනාඩි 35 ක් පමණ බේක් කරගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය : පිටි ග්‍රෑම් 250 සීනි ග්‍රෑම් 200 චෙරි දෝසි ග්‍රෑම් 50 බටර් ග්‍රෑම් 200 බේකිං පවූඩර් තේ හැඳි 2...
අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ග්‍රෑම් 250ක්චොප්කර ගත් ලූනූ ගෙඩියක්කොටුවට කපාගත් බෙල්පෙපර් ගෙඩියක්ඔලිව් තෙල් ස්වල්පයක්බටර් ස්වල්පයක්බිස්කට් කුඩු කෝප්ප 1/4ක්බිත්තර 2ක්සෝයා සෝස් මේස...
අවශ්‍ය ද්‍රව්‍ය :විටින් ක්‍රීම් මි.ලි. 250කර්ඩ් මි.ලි.100ටොපින් ෆ්ලේවර් මි.ලි 15ජෙලටීන් ග්‍රෑම් 12කේක් බේස්.මාරි බිස්කට් ග්‍රෑම් 100ඇස්ට්‍රා ග්‍රැම්අයිසින් ෂුගර් ග්‍රෑම් 25සාදා ගන්නා...
අවුරුදු මේසයට කේක් අනිවාර්යයි. හැමදාම කන චොක්ලට් කේක් හෝ බටර් කේක් වෙනුවට වෙනස් විදිහේ කේක් කෑල්ලක් රස විදිමුද?අවශ්‍ය ද්‍රව්‍ය :පිටි කෝප්ප...
අවශ්‍ය ද්‍රව්‍ය :සීනි ග්‍රැම් 125බටර් ග්‍රෑම් 375බිත්තර 15යිරුලං ග්‍රෑම් 500පොල් ගෙඩියකින් පමණසාදා ගත් පැණි පොල් ග්‍රෑම් 150කජු මද ග්‍රෑම් 150එන්සාල් ඇට...
අවශ්‍ය ද්‍රව්‍ය :මාගරින් ග්‍රෑම් 150සීනි ග්‍රෑම් 200රට ඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)පිටි ග්‍රෑම් 200බිත්තර 3කජූ ග්‍රෑම් 200...