Biz Log
Classifields
Biz Log
Classifields

චෙරි කේක්

චෙරි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පිටි ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 200
  • චෙරි දෝසි ග්‍රෑම් 50
  • බටර් ග්‍රෑම් 200
  • බේකිං පවූඩර් තේ හැඳි 2
  • බිත්තර 6
  • වැනිලා තේ හැඳි 1

සාදන ක්‍රමය :

බටර් හොඳින් ගසන්න. එයට සීනි ද මිශ්‍රකර ගසාගන්න. බිත්තර සහ පිටි ස්වල්පය බැගින් දමමින් හොඳින් ගසාගන්න. ඉන්පසූ චෙරි සහ අන්තිමට බේකිං පවූඩර් එකතු කර මිශ්‍ර කරන්න. වැනිලාද එකතු කරන්න.

මෙය පලතුරු කේක් එකක් නිසා තැටියට පත්තර කොළ දමාගත යූතුයි. පළමූව පත්තර කොළ දමා එයට උඩින් තෙල් කඩදාසියක් දමා එහි බටර් තවරාගන්න.

දැන් සාදාගත් මිශ්‍රණය තැටියට දමන්න. සෙල්සියස් අංශක 200 ට රත්වූ උඳුනක දමා බේක් වෙන්නට හරින්න. කේක් එක පිපූණාට පසූ (විනාඩි 10 න් පමණ) සෙල්සියස් අංශක 150 ට උෂ්ණත්වය අඩූකර මිනිත්තු 40 ක් බේක් කරගන්න.

බේක් වූ කේක් එක හොඳින් නිවූණූ පසූ අයිසිං කර ගැනීමට පූළුවනි.

Share This Article

පලතුරු කේක්

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි ග්‍රෑම් 150පිටි ග්‍රෑම් 250බටර් ග්‍රෑම් 250බිත්තර සුදු මද 3මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 වැනිලා තේ හැඳි 2බේකින් පවුඩර් තේ...

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...

අන්නාසි කේක්

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි ග්‍රෑම් 100පිටි ග්‍රෑම් 250බටර් ග්‍රෑම් 250බිත්තර සුදු මද 3මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 වැනිලා තේ හැඳි 2බේකින් පවුඩර් තේ...

සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ග්‍රෑම් 250ක්චොප්කර ගත් ලූනූ ගෙඩි­යක්කොටු­වට කපා­ගත් බෙල්පෙ­පර් ගෙඩි­යක්ඔලිව් තෙල් ස්වල්ප­යක්බටර් ස්වල්ප­යක්බිස්කට් කුඩු කෝප්ප 1/4ක්බිත්තර 2ක්සෝයා සෝස් මේස...

බීට් ඇන්ඩ් බේක් ඔරේන්ජ් කේක්.

අවුරුදු මේසයට කේක් අනිවාර්යයි. හැමදාම කන චොක්ලට් කේක් හෝ බටර් කේක් වෙනුවට වෙනස් විදිහේ කේක් කෑල්ලක් රස විදිමුද?අවශ්‍ය ද්‍රව්‍ය :පිටි කෝප්ප...

රුලං මිශ්‍ර ‍පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :සීනි ග්‍රැම් 125බටර් ග්‍රෑම් 375බිත්තර 15යිරුලං ග්‍රෑම් 500‍පොල් ගෙඩියකින් පමණසාදා ගත් පැණි ‍පොල් ග්‍රෑම් 150කජු මද ග්‍රෑම් 150එන්සාල් ඇට...