Biz Log
Classifields
Biz Log
Classifields

සැමන් කේක්

සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • සැමන් ග්‍රෑම් 250ක්
  • චොප්කර ගත් ලූනූ ගෙඩි­යක්
  • කොටු­වට කපා­ගත් බෙල්පෙ­පර් ගෙඩි­යක්
  • ඔලිව් තෙල් ස්වල්ප­යක්
  • බටර් ස්වල්ප­යක්
  • බිස්කට් කුඩු කෝප්ප 1/4ක්
  • බිත්තර 2ක්
  • සෝයා සෝස් මේස හැඳි 2ක්
  • ලුණු හා ගම්මි­රිස් කුඩු
  • චොප්ක­ර­ගත් කොත්ත­මල්ලි කොළ ටිකක්

සාදන ක්‍රමය :
පෑන් එක­කට තෙල් ටිකක් දමා එය­ටම බටර් ස්වල්ප­යක් එක් කර­ගන්න. ලූනූ ටික රත් වූ තෙලට දමා බැඳෙන විට බෙල්පෙ­පර් ද එයට එකතු කර ගන්න. තෙම්ප­රා­දුව ලිපෙන් බා පොඩි කර­ගත් සැමන් වලට දමා කල­වම් කර­ගන්න. එය­ටම බිස්කට් කුඩු හා බිත්තර දමා සෝයා සෝස්, ලුණු, ගම්මි­රිස් කුඩු හා කොත්ත­මල්ලි කොළ ටික ද එකතු කර­ගන්න.මිශ්‍ර­ණය කල­වම් කර­ගෙන පැතලි බෝල සාදා ගන්න. බටර් ගා ගත් ට්‍රේ එකක සදා ගත් බෝල තබා ඔලිව් තෙල් උඩින් ස්ප්‍රේ කරන්න. දැන් සෙල්සි­යස් අංශක180ට රන්වන් පාට වන­තෙක් බේක් කර­ගන්න. නැත්තම් පෑන් එක­කට තෙල් ස්වල්ප­යක් දමා දෙපැත්ත බැඳ­ග­න්නත් පුළු­වන්.

Share This Article

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :ජෑම් ග්‍රෑම් 100සීනි ග්‍රෑම් 90කජු ග්‍රෑම් 100මාගරින් ග්‍රෑම් 90අඹරාගත් කජු ග්‍රෑම් 250පිටි කිරි මේස හැදි 4වැනිලා මේස හැදි 1බිත්තර...

බීට් ඇන්ඩ් බේක් ඔරේන්ජ් කේක්.

අවුරුදු මේසයට කේක් අනිවාර්යයි. හැමදාම කන චොක්ලට් කේක් හෝ බටර් කේක් වෙනුවට වෙනස් විදිහේ කේක් කෑල්ලක් රස විදිමුද?අවශ්‍ය ද්‍රව්‍ය :පිටි කෝප්ප...

පලතුරු කේක්

අවශ්‍ය ද්‍රව්‍යය :සීනි ග්‍රෑම් 150පිටි ග්‍රෑම් 250බටර් ග්‍රෑම් 250බිත්තර සුදු මද 3මිල්ක් මේඩ් පොඩි ටින් 1/2 වැනිලා තේ හැඳි 2බේකින් පවුඩර් තේ...

රටඉඳි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :මාගරින් ග්‍රෑම් 150සීනි ග්‍රෑම් 200රට ඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)පිටි ග්‍රෑම් 200බිත්තර 3කජූ ග්‍රෑම් 200...

රුලං මිශ්‍ර ‍පොල් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :සීනි ග්‍රැම් 125බටර් ග්‍රෑම් 375බිත්තර 15යිරුලං ග්‍රෑම් 500‍පොල් ගෙඩියකින් පමණසාදා ගත් පැණි ‍පොල් ග්‍රෑම් 150කජු මද ග්‍රෑම් 150එන්සාල් ඇට...

Christmas Tree Cookies

අවශ්‍ය ද්‍රව්‍ය : බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්අයිසිං සීනි කෝප්ප 2ක්කිරි මේස හැඳි 2ක්ගාගත් පොල් කෝප්ප 3ක්වැනිලා තේ හැඳි 1/2ක්කොළ පාට...