Biz Log
Classifields
Biz Log
Classifields

කර්ඩ් කේක්

කර්ඩ් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

  • විටින් ක්‍රීම් මි.ලි. 250
  • කර්ඩ් මි.ලි.100
  • ටොපින් ෆ්ලේවර් මි.ලි 15
  • ජෙලටීන් ග්‍රෑම් 12
  • කේක් බේස්.
  • මාරි බිස්කට් ග්‍රෑම් 100
  • ඇස්ට්‍රා ග්‍රැම්
  • අයිසින් ෂුගර් ග්‍රෑම් 25
සාදා ගන්නා ආකාරය :

මාරි බිස්කට් ස්වල්පය කුඩු කරගන්න. (සැ.යු.පොඩි කැබළි ඉතිරි වන සේ කුඩු කරගැනීම අත්‍යවශ්‍ය යි. ) ඉන්පසුව අපි එයට ඇස්ට්‍රා සහ අයිසින් ෂුගර් එකතු කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් සුදුසු බ`දුනක් ගෙන එයට බිස්කට් මිශ්‍රණය එක් කොට හොඳින් තද කොට පසුව උණුවතුර ස්වල්පයක් ගෙන ජෙලටීන් ටික හොඳින් මිශ්‍ර කරගන්න. ඉන්පසුව විටින් ක්‍රීම් බඳුනකට දමා විනාඩි දෙකක් පමණ බීට් කරගන්න. එයට මුදවපු කිරි සහ ටොපින් ප්ලේවර් 50 පක ක් එකතු කොට තත්පර 30ක් පමණ බීට් කරගන්න. දැන් ජෙලටීන් මිශ්‍රණය එයට දමා හැන්දක් ආධාරයෙන් කළවම් කරගන්න ඕන.ඉන්පසු මෙම මිශ්‍රණය අප කලින් සාදාගත් බිස්කට් මිශ්‍රණය දැමූ බදුනට දමා එය පිළිවෙලකට සදා ගන්න. අනතුරුව එය මතට අපි කලින් ඉතුරු කරගත් ටොපින් ප්ලේවර් එක යොදා එය අලංකාර කරගන්නත් අපිට පුළුවන්. දැන් එය පැයක් පමණ කාලයක් ශීතකරණයේ තබාගන්න.ඔන්න දැන් අපි අපේ කර්ඩ් කේක් එක සාදා ගෙන අවසන්.. පිස්සු වැටෙන රසක් පොඩ්ඩොන්ට දෙන්න වගේම ගෙදර අනෙක් උදවියටත් රසම රස අතුරුපස ලෙස කර්ඩ් කේක් පිළිගන්වන්න.

Share This Article

හරියට හැදුවොත් රසම රස වෙඩින් කේක්

රසයෙන් ද අඩුවක් නැති, කේක් අතරින් වැඩි විශේෂත්වයක් ඇති වෙඩින් කේක් කවුරුත් කන්න කැමැතියි. විවාහ මංගල උත්සවයකදී පිළිගන්වන්නේ ද වෙඩින් කේක්...

රටඉඳි කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :මාගරින් ග්‍රෑම් 150සීනි ග්‍රෑම් 200රට ඉඳි ග්‍රෑම් 400 (ඇට ඉවත් කර සිිහින්ව කපා ගත්)පිටි ග්‍රෑම් 200බිත්තර 3කජූ ග්‍රෑම් 200...

චීස් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :බිත්තර 4 සීනි ග්‍රෑම් 200 කජූ ග්‍රෑම් 100 පූහූල් දොසි ග්‍රෑම් 200 ලෙලි දොසි ග්‍රෑම් 50 ගෝල්ඩන් සිරප් මේස...

බීට් ඇන්ඩ් බේක් ඔරේන්ජ් කේක්.

අවුරුදු මේසයට කේක් අනිවාර්යයි. හැමදාම කන චොක්ලට් කේක් හෝ බටර් කේක් වෙනුවට වෙනස් විදිහේ කේක් කෑල්ලක් රස විදිමුද?අවශ්‍ය ද්‍රව්‍ය :පිටි කෝප්ප...

චොක්ලට් ලාවා කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :  චොක්ලට් චිප්ස්  ග්‍රෑම් 175බටර් ග්‍රෑම් 90පාන්පිටි ග්‍රෑම් 45ලුණු තේ හැඳි 1/4බිත්තර 3යිකොකෝ පවුඩර් ටිකක් සාදන ආකාරය : චොක්ලට් චිප්ස් ගන්නා...

සැමන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය : සැමන් ග්‍රෑම් 250ක්චොප්කර ගත් ලූනූ ගෙඩි­යක්කොටු­වට කපා­ගත් බෙල්පෙ­පර් ගෙඩි­යක්ඔලිව් තෙල් ස්වල්ප­යක්බටර් ස්වල්ප­යක්බිස්කට් කුඩු කෝප්ප 1/4ක්බිත්තර 2ක්සෝයා සෝස් මේස...