අයර්ලන්ත ඉතිහාසය අවුරුදු 2500කින් ආපස්සට?
අයර්ලන්තයේ මානව ශිෂ්ටාචාරය වසර 12500 ක් දක්වා දිවයන බව වලස් අස්ථියකින් තහවුරු වී තිබේ. ගල් ලෙනක තිබී හමු වූ මෙම අස්ථිය ගල් මේවලම් වලින් සිදු වූ බවට සැක කරන කැපුම් පාරවල් කිහිපයක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මින් පෙර අයර්ලන්තයේ ශිෂ්ටාචාරය වසර 10,000කට පමණක් සිමා වී තිබිණි. නමුත් මෙම සොයාගැනීමත් සමග එම ඉතිහාසය වසර 2500කින් දීර්ග වනු ඇත. මෙම වලස් අස්ථිය ක්ලෙයාර් රටේ ගල් ගුහාවක නටබුන් අතර තිබී හමුවී ඇති අතර දැනට අයර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. එය හමුවී ඇත්තේ 1920 පමණ කාලයේදී වුවත් එය නිරීක්ෂණය කොට මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත්තේ මෑතකදීය. ආචාර්ය මේරියන් කොව්ඩ් 2010 සිට කරන ලද පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස එය අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම සොයාගැනීම අයර්ලන්තයේ ශිෂ්ටාචාරයට නව පිටුවක් එක කරනු ඇතැයි කොව්ඩ් පවසයි.
ලංකාදීප
සුප‍්‍රකට ඇමෙරිකන් රූපවාහිනී කතා මාලාවක් වන ‘එක්ස් ෆයිල්ස්’ ජනපි‍්‍රය වූයේ ද පිටසක්වළ ජීවීන්ගේ රහස් සහ ඇමෙරිකා රජයේ කුමන්ත‍්‍රණ ඊට පාදක වීම...
අවසන් වරට ලියමි ඔබ හට නැවත ලියන්නට නොහැක මා හට අහස බර වුනාවේ... මහා වැසි ඇද වැටුනාවේ... තනිවෙමි මා මුලාවේ... ජීවිතය මේ සා අතරමං වීම් ගොන්නකට...
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන ‘සුර්මා’ ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්‍රදාය තහනම් කිරීමට...
ඉකි ගසා හඬන... උදේ 5.30යි. මේ දවස් වල හැම කටකම තියෙන, තැනක් නොතැනක් නැතිව දවසට තුන් සැරයක්වත් අඩු තරමේ ඇහෙන, මමත්...
ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 67කි. මේ වර්ෂයේ අප සමරන්නේ 67 වන නිදහස් සමරුවයි. නිදහසේ ඇති නිදහස් බව විදින නිදහස්...
ස්ලෝවැකියාවේ කැච්ටිස් ගම්මානයේ කන්දක් මත පිහිටි ඒ මන්දිරය ගුප්තය. අඳුරුය. ජරාවාසය. දකින අයකුට භීතිය ගෙනෙන ඒ මන්දිරය අදත් ඇත්තේ මින් වසර...