Biz Log
Classifields
Biz Log
Classifields

චීනයේ ලොකුම ලෙන් විහාරය විවෘත වෙයි

චීනයේ ලොකුම ලෙන් විහාරය විවෘත වෙයිඑක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පිහිටි දැවැන්ත "ලොන්ග්මන්" ලෙන් විහාර සමුහයේ පිහිටි "කන්ජින් රාජකීය ලෙන් විහාරය" වසර 63 කට පසුව බැතිමතුන් සහ සංචාරකයින් වෙත විවෘත කර ඇත.

පෞරාණික චීන බෞද්ධන්ගේ නිර්මාණශීලි බවත් කැපවීමත් විදහා දක්වන මෙම පුදබිමෙහි සැතපුමක් පමණ දිගට විහිදී ගිය හුණු ගලෙහි අලංකාර පිළිම සහ කැටයම් වලින් පිරීගිය ලෙන් විහාර 2300 කටත් වැඩි ප්‍රමාණයක් ඇත.

ඒවා අතරින් දැනට කන්ජින් රාජකීය ලෙන් විහාරය මහජනයා වෙත විවෘත කිරීමට තීරණය කළේ මෙම ලෙන් විහාර වැඳපුදා ගැනීමටත් නැරඹීමටත් පැමිණෙන අති විශාල ජනතාව සඳහා එහි ඉඩකඩ ප්‍රමාණවත් වන නිසා බව ලොන්ග්මන් ලෙන් පරිශ්‍රය භාර පුරාවිද්‍යා ආයතනය පවසා ඇත.

මෙතෙක් කල් සංචාරකයින් හට අවස්ථාව ලැබුණේ එම ලෙන් පිහිටි කඳු පන්තිය අසල සිට ඒවා දැක බලා ගැනීමට පමණකි. මෙතෙක් සංචාරකයින් හට එම සුවිසල් ලෙන් විහාර තුළට ඇතුල් වීමට ඉඩ ලැබුණේ නැත.

මාර්තු මාසයේ සිට විවෘත කෙරුණ ප්‍රධාන ලෙන් විහාරය තුළ ක්‍රිස්තු වර්ෂ 618 සිට 907 දක්වා පැවති "ටැං" රාජ වංශයේ පාලන සමයේ ඉදිකළ අඩි 29ක් උස අලංකාර හිඳි පිළිම වහන්සේ නමක් ඇත.

සම්පුර්ණ ලෙන් විහාර පරිශ්‍රයේ වසර 300 ක පමණ කාල සීමාවක් ඇතුලත නිර්මාණය කර ඇති බුදු පිළිම සහ අනෙකුත්  ප්‍රතිමා 110,000 ක් පමණ ඇත. මෙම ලෙන් විහාරය මුලින් නිර්මාණය කර ඇත්තේ චීනයේ සිටි එකම අධිරාජිනිය ලෙස සලකන "වූ සේශියන්" ගේ රාජකීය විහාර මන්ධිරය ලෙසය.

දඹදිව සිට චීනයට බුදුදහම ගෙන ආ "ශුවන්ෂන් " නම්වූ සුප්‍රකට චීන භික්ෂුන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ විසූ බවත් එහිදී උන්වහන්සේ විසින් බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කරන ලද බවත් පැවසෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ වැසි සුලං ආදී විවිධ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දුන්නද මෙම විහාරයන්හි ඇති පිළිම වහන්සේලා බොහෝ දුරට ආරක්ෂාවී ඇත.

1970 ව වකවානුවේ චීනයේ ඇතිවූ චීන සංස්කෘතික විප්ලවාදී පවා මෙවැනි පෞරාණික වටිනාකමකින් යුතු ස්ථාන එම ප්‍රදේශවල ජිවත් වුවන් විසින් ආරක්ෂා කරන ලද බව කියවෙයි. 

කන්ජින් රාජකීය ලෙන් විහාරයෙහි ඇති මිල කළ නොහැකි පිළිම ආරක්ෂා වන අයුරින් විදුරු ආවරණ සකස් කිරීමටත් පරිසර දූෂණය සොයා බැලීමේ උපකරණ සවි කිරිමටත් බලධාරීන් කටයුතු යොදා ඇත.ලංකාදීප

Share This Article

පෘථිවියේ ජෛව පැවැත්මට ගිනි කඳු පුපුරා යෑම අත්‍යවශ්‍යයි

ටියැන් ටියෑන් නැගිටලා ගිහින් රූපවාහිනිය නිවල දැම්මා. ඔහු නරඹමින් හිටියෙ ලොව වටා ගිනිකඳු පිළිබඳ පර්යේෂණයේ යෙදුණු ප්‍රංස ජාතික ජෝඩුවක් පිළිබඳ වැඩ...

දුරකතනය සුමිතුරු ලිංගිකත්ව විසිතුරු

මිනිස්සු ජීවත් වෙන්නේ ආශාවන් එක්ක. මම ඔබ අපි හැමෝම අපිටම වෙන්වුණු එක එක ආශාවන් එක්ක ජීවත් වෙනවා කිව්වොත් හරි. ඔබ මොනවටද...

ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 67කි

ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 67කි. මේ වර්ෂයේ අප සමරන්නේ 67 වන නිදහස් සමරුවයි. නිදහසේ ඇති නිදහස් බව විදින නිදහස්...

අයර්ලන්ත ඉතිහාසය අවුරුදු 2500කින් ආපස්සට?

අයර්ලන්තයේ මානව ශිෂ්ටාචාරය වසර 12500 ක් දක්වා  දිවයන බව වලස් අස්ථියකින් තහවුරු වී තිබේ. ගල් ලෙනක තිබී හමු වූ මෙම අස්ථිය...