ලොව ලොකුම තොල්තැටිය හිමිකාරිය ඇයයි
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන ‘සුර්මා’ ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්‍රදාය තහනම් කිරීමට මෑත කාලයේදී ඉතියෝපියානු රජය පියවර ගත්තේය. නමුත් තවමත් එය මුළුමනින්ම තුරන්ව ගොස් නැත.සුර්මා ගෝත්‍රික ගැහැනු ළමුන් වයස අවුරුදු 15ත් 18ත් අතර කාලයට එළඹෙත්දී පළමුවරට මෙම තොල් තැටි පැළඳීම සිදුකරන අතර ක්‍රමයෙන් තැටියේ ප්‍රමාණය විශාල කරමින් තොල ඇදීමට ලක්කෙරේ.
සහකරුවෙකු සොයා ගැනීම සඳහාත්, විශාල දෑවැද්දක් (සුර්මා ගෝත්‍රිකයන් අතර විවාහයකදී දෑවැද්ද දෙනු ලබන්නේ මනාල පාර්ශ්වය විසින් මනාලියගේ පවුලටය) ලබා ගැනීමටත් මෙන්ම සිය ප්‍රජාව අතර කැපී පෙනීමේත් අරමුණින් මෙම තොල් තැටි පැළඳීම සඳහා යටි හනුවේ ඉදිරිපස දත් දෙක ගලවා දැමීමද අත්‍යවශ්‍ය වේ. නමුත් අහිමි වන දත් දෙකකට වඩා තොල් තැටියක ඇති වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටින සුර්මා ගෝත්‍රික තරුණියන් අතරින් විසි හැවිරිදි ‘අටායේ එලිගිඩැග්නි’ සුවිශේෂීය. ඒ ලොව විශාලතම තොල් තැටියේ හිමිකාරිනිය ඇය නිසයි.
59.5ජථක පරිධියකින් හා 19.5ජථක විෂ්කම්භයකින් යුතු ඇගේ තොල් තැටිය සාමාන්‍ය ප්‍රමාණයේ තොල් තැටියක විශාලත්වය මෙන් දෙගුණයකි. මීට පෙර ලොව ලොකුම තොල් තැටිය ලෙස ගිනස් පොතට ඇතුළුව තිබුණේ 15ජථක විෂ්කම්භයකින් යුතු තොල් තැටියකි. එය ඉක්මවාලීම සඳහා වසර තුනක් මුළුල්‍ලේ සිය තොල ඇදීමට ලක්කිරීමට අටායේට සිදුව තිබිණි.බැලූ බැල්මට මෙබඳු විශාල මැටි තැටියක් පැළඳ සිටීම ශාරීරික වශයෙන් දැඩි අපහසුතාවක් ගෙන දෙන්නක් බව පෙනී ගියත් අටායේ පවසන්නේ එවැනි අපහසුතාවක් ඇයට නොදැනෙන බවයි. එසේම එවැන්නක් පැළඳීමෙන් කිසිදු අතුරුආබාධයක් ඇති නොවන බවද ඇය කියන්නේ දැඩි විශ්වාසයකින් යුතුවය.
ප්‍රියන්ති රුද්‍රිගුලක්බිම
ඉතියෝපියාවේ ඕබෝ රෝවර් පහත් නිම්නයේ වෙසෙන ‘සුර්මා’ ගෝත්‍රික කාන්තාවන් අතර දිගු කාලයක සිට පැවත එන තොල් තැටි පැළඳීමේ සම්ප්‍රදාය තහනම් කිරීමට...
ලොව පුරා සිටින කිතුණු බැතිමතුන් සමරන අසිරිමත් නත්තල ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිකර සමරනු ලබනවා. ඒ වගේම වර්ථමානයේදී ක්‍රිස්තියානි භක්තිකයන් පමණක් නොව...
මිනිස්සු ජීවත් වෙන්නේ ආශාවන් එක්ක. මම ඔබ අපි හැමෝම අපිටම වෙන්වුණු එක එක ආශාවන් එක්ක ජීවත් වෙනවා කිව්වොත් හරි. ඔබ මොනවටද...
ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 67කි. මේ වර්ෂයේ අප සමරන්නේ 67 වන නිදහස් සමරුවයි. නිදහසේ ඇති නිදහස් බව විදින නිදහස්...
ඉකි ගසා හඬන... උදේ 5.30යි. මේ දවස් වල හැම කටකම තියෙන, තැනක් නොතැනක් නැතිව දවසට තුන් සැරයක්වත් අඩු තරමේ ඇහෙන, මමත්...