බකමූණෙකුට ගැලපෙන බිරිඳ
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්‍රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා.
"මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?" ඌට හිතුනා, මහ කන්දේ ඉන්න රාජාලියාගේ දුවක් උනත් කසාද බදින්න බැරි කමක් නෑ කියලා. මෙහෙම හිතපු බකමූණා කපුටෙකුට ඒ මගුල් කපුකම කරන්න බාර දුන්නා.
බකමූණා කපුටා අත එවපු මගුල් යෝජනාව ඇහුවාම රාජාලියාට හරිම තරහක් ආවා. "බකමූනෙක් කවදද රාජාලි පැටික්කියක් බැන්දේ. දවල් කණාට හොඳ පාඩමක් උගන්නනවා කියල හිතාගෙන, කපුටෝ හොදයි ඔය කියන ඉලන්දාරියාට හරියටම අද දවල් දොළහට ඇවිත් මාව හම්බවෙන්න කියන්න. එතකොට අපට කාරණේ ගැන විස්තර කතා කර ගත හැකියි."
කපුටා අරගෙන ආ පිළිතුරින් බොහොම සතුටට පත් වූ බකමූණා ජැන්ඩියට ඇඳ පැළඳ ගෙන ලොකු මාළු වැලකුත් අරගෙන හරියටම දවල් දොළහට රාජාලි කූඩුව තිබුන උස කන්ද පැත්තට පියෑඹුවා. එත් සුළු මොහොතකින් ඉර එලිය වැදුන උගේ ඇස් නිලංකාර වුනා. ඌ ඉතාම අසරණ වී පාරක් තොටක් යන එන දිශාවක් තීරණය කර ගත නොහැකිව අහස පුරා ඉබාගාතේ පියාබන්න පටන් ගත්තා. සෑහෙන වෙලාවක් එහෙම පියබලා අන්තිමේදී ඌ බොහොම අමාරුවෙන් ගෙදර ආවා. ඇවිත් හති දම දමා, දැවිල්ල හැදුනු නිලංකාර වුනු ඇස් වහගෙනම තවත් බකමූණෙකුට මෙහෙම කිව්වා.
"දවාලේ හැංගිලා ඉදලා රෑට එලියට එන මට ගැලපෙන්නේ බකමූණු කෙල්ලෙක්ම තමයි. මද්දහනේ ගිනි පුටක අව්වේ අහසේ කරක් ගහන රාජාලි කෙල්ලෙක් මට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. අද තමයි ඇත්තටම මගේ තරම තේරුනේ."
ඊසොප්
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්‍රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...
එක්තරා ගමක ප්‍රසිද්ධ දෛවඥයෙක් වාසය කළා. එයා අහසේ තරු දිහා බලලා ගණන් හදා එක එක අයට අනාගතේ වෙන්න තියෙන ග්‍රහ බලපෑම්...