උණුසුමත් සීතලත් එකම කටින්
දවසක් වනාන්තරයක මඟ වැරදුනු මිනිහෙකුට යහපත් රාක්ෂයෙක් හමු වුනා. රාක්ෂයා මිනිහා තමන්ගේ ගෙදර එක්කන් ගිහින් ඉතා රසවත් කෑම බීම දී සංග්රහ කරලා මිනිහා එයාගේ ගෙදර ලඟට පරෙස්සමින් ඇරලුවා ඉතාම සතුටට පත් මිනිහා රාක්ෂයාට පසුවදා රෑ තමාගේ ගෙදර භෝජන සංග්රහයකට එන්න කිව්වා. රාක්ශයත් ඒ ආරාධනාව පිළිගත්තා.
පසුවදා රෑ රාක්ෂයා මිනිහාගේ ගෙදරට එනකොට මස් මාළු ආදිය උයා රස්නේ තියෙන්න ලිප උඩම තියා තිබුනා. රාක්ෂයා ආවාම මිනිහා එයාව බොහොම ආදරයෙන් පිළිගත්තා. එය ඉතාම ශීතල රාත්රියක්. දෙන්නා වාදී වෙලා කතා කර කර ඉන්න අතරේ මිනිහා කීප වතාවක්ම තමන්ගේ ඇඟිලි වලට පිඹ ගන්නවා රාක්ෂයා දැක්කා.
"යාලුවේ ඔහේ ඔය ඇඟිලිවලට නිතරම පිඹින්නේ මොකද?" කියා රාක්ෂයා මිනිහාගෙන් ඇහුවා. "ඒවා සීතල වෙලා නිසා ටිකක් උණුහුම් කරන්නයි මම එහෙම කරන්නේ." මිනිහා කිව්වා. මිනිහාගේ අංග ඇතුලේ ගින්දර ඇතැයි රාක්ෂයා සිතුවා.
දෙන්නා කෑම මේසෙට වාඩි උනාම මිනිහා රාක්ෂයාගේත් තමන්ගේත් පිගන් වලට උණු උණුවෙම කෑම බෙදුවා. රාක්ෂයා එයාගේ කෑම නිවෙන තුරු නොකා බලා සිටියා. මිනිහා එයාගේ පිගානේ කෑම වලට පිඹින්න පටන් ගත්තා. පිබින ගමන් ටික ටික කන්න කන්නත් පටන් ගත්තා. "යාලුවේ ඔහේ ඔය කෑම වලට පිඹින්නේ මොකද?" රාක්ෂයා මිනිහාගෙන් ඇහුවා. "ඒවා රස්නෙයි. ටිකක් නිවෙන්නයි මං ඒවාට පිඹින්නේ." මිනිහා කීවා.
රාක්ෂයා කෑමත් නොකා වහාම නැගිටලා ගෙයින් පිට උනා. යන ගමන් මිනිහාට මෙහෙම කිව්වා. "උණුහුමත් සීතලත් එකම කටින් පිඹින්න පුළුවන් මිනිහෙක් විශ්වාස කරන්න බෑ. අදින් පස්සේ අපි අතරේ කිසිම යාළුකමක් නෑ."
ඊසොප්
එක්තරා ගොවියකුට අයත් බූරුවෙක් හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්...
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...