කපුටු උපාය
රජතුමාගේ උයනේ පොකුණ අයිනේ තිබුන විශාල ගහක කපුටු ජෝඩුවක් කූඩුවක් හදා ගෙන ජිවත් වුනා. හැම අවුරුද්දෙම ගහ මුල තුබසක උන් නයෙක් ගහ දිගේ ඉහලට ඇවිත් කපුටියගේ බිත්තර ගිල දමනවා. ඒත් කපුටු ජෝඩුවට ඒ නයා මරා දැමීමට හයියක් නෑ. උන් ඊට හොද උපායක් කල්පනා කළා. දවසක් රජතුමා පිරිවර එක්ක පොකුණට ඇවිත් ආභරණ ගලවා ගොඩින් තියා නාන්න පොකුණට බැස්සා. මෙය බලාගෙන සිටි කපුටිය රජතුමාගේ රන් මාලය ගෙනැවිත් නයාගේ ඛෙනය ඇතුලට දැම්මා. ටික වෙලාවකට පසුව කොහේදෝ ගිහින් හිටිය නාගයා ඇවිත් රන් මාලය උද දරණ ගසා නිදා ගන්නට උනා.
නෑම හමාර කල රජතුමා තමන්ගේ රන් මාලය නොමැති වීම ගැන තදින් කෝප වී වහාම එය සොයන්න අණ කළා. රන් මාලය සොයා සොයා ඇවිද්ද රාජ පුරුෂයෙක් නිකමට වාගේ ගහ මුල තිබුන තුඹසට එබුනා. නයාගේ අගට යට වෙලා තිබුන මාලය කොටසක් දුටු රාජපුරුෂයා අනෙක් රාජ පුරුෂයන් සමග එකතු වී තුඹස කඩාදමා නාගයාද මරා මාලය අර ගත්තා.
"උපාය දන්නා අයට අපායෙන් වුනත් ගොඩ එන්න පුළුවන්. අපි යෙදු උපාය නිසා අවුරුදු ගණනක් අපි විදි කරදරෙන් අපි නිදහස් වුනා. දැන් ඉතින් අපට දරුවන් හදාගෙන හොදින් ඉන්න පුළුවන්." කපුටු දෙමල්ලෝ සතුටින් කතා වුණා.
ඊසොප්
එක්තරා ගොවියකුට අයත් බූරුවෙක් හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්‌තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්...
එක්තරා ගමක ප්‍රසිද්ධ දෛවඥයෙක් වාසය කළා. එයා අහසේ තරු දිහා බලලා ගණන් හදා එක එක අයට අනාගතේ වෙන්න තියෙන ග්‍රහ බලපෑම්...
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්‍රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...