Biz Log
Classifields
Biz Log
Classifields

නූල් පන්දුවේ ලේබලය ගැන අවබෝධයක් නැතිව මහන්න එපා

අප දැන් ගත කරන්නේ මේ අපූර්ව විශේෂාංගයේ හත්වැනි මාසය තුළ. ඒ පාඩම් මාලාවට අමතරව කරන පූර්ව දැනුවත් කිරීම් මාලාවන් සමඟයි. මැහුම් කලාවේ වගේම ඇඟලුම් ක්ෂේත්‍රෙය් අතිශය සියුම් අංශ පවා ස්පර්ශ කරන මෙවන් විශේෂාංගයක් තවත් නොමැති බව නම් අවධාරණයෙන් සඳහන් කරන්නට පුළුවන්.

අද අපි දැනුවත් වෙමු නූල් ගැන

නූල් අවශ්‍ය වෙන්නේ ඉරී ගිය අඳුමක් එළලීම සඳහා, අලුත් ඇඳුමක් මැසීම සඳහා, ඇඳුමකට බොත්තමක් ඇල්ලීම ආදිය සඳහායි.

"ඉතින්.... කඩේට ගියා.... ගෙනාවා."

එහෙම හිතන්නත් පුළුවන් කාට හරි. වෙළෙඳපොළට ගියවිට නූල් වර්ග ගණනාවක් දැක ගන්නට ලැබෙනවා. ඒ තමයි.

  •  Embroidary
  •  100% Cotton
  •  Yarn
  •  Polyester
  •  Nylon

ඉතින් ඔබ කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතිව මෙයින් කුමන හෝ නූලක් රැගෙනවිත් මැසීමට යොදා ගන්නවා. ඒත්, මැස්මක් නිරවුල්ව කරගත නොහැකිවීමට කරුණු කීපයක් බලපානවා. එනම්,

  •  නූල් කැඩී යාම.
  •  ගැළපෙන නූල් වර්ගය තෝරා නොගැනීම.
  •  රෙද්දට අනුව නූල මහත හෝ සිහින් වීම.

එහෙම වෙන්නේ නූල් පන්දුවේ ලේබලයේ දක්වා තිබෙන තොරතුරු පිළිබඳ ඔබට නිසි අවබෝධයක් නොතිබීමයි. එම ලේබලයේ අවශ්‍ය සියලු තොරතුරු සඳහන් වෙනවා. පාරිභෝගිකයාගේ දැනුවත්භාවය පිණිස එලෙස කිරීමට උසස් මට්ටමේ නිෂ්පාදන සමාගම් ක්‍රියා කරනවා. මේ ලේබලය කියවා තේරුම් ගැනීමට නිසි අධ්‍යයනයක්, හැදෑරීමක් මැහුම් ශිල්පියා සතුව තිබිය යුතුයි.

දැන් බලමු ලේබලයේ අඩංගු කරුණු මොනවාද කියා...

  •  පන්දුවේ ඇති නූල් ප්‍රමාණය
  •  නූලේ ඝණත්වය
  •  නූල සාදා ඇති කෙඳි වර්ගය
  •  වර්ණ අංකය
  •  වර්ණ ගැන්වීමේදී යොදාගත් ඛාණ්ඩ අංකය
  •  වෙළෙඳ නාමය
  •  නිෂ්පාදිත රට

මෙම කරුණු අඩංගු නොවේ නම් එය ප්‍රමිතිගත නිෂ්පාදනයක් බව හඳුනා ගන්නට පුළුවන්.

නූල් ප්‍රමාණය :

මෙයින් අදහස් කරන්නේ පන්දුවේ ඇති නූල් මීටර් කොපමණ තිබෙනවාද යන්නයි. මීටර් 1000, 2500, 3000, 3500, 5000 සහ 10,000 ආදි දිග ප්‍රමාණයන්ගෙන් නූල් පන්දු මිලදී ගන්නට පුළුවන්.

නූලේ ඝණත්වය :

නූලක පවත්නා ශක්තිමත් භාවය මෙමඟින් අදහස් කෙරෙනවා. ඝණත්වය සලකා බැලීමේ දී 30, 50, 120, 160 යනාදී ලෙස එය වර්ග කෙරෙනවා. මෙම අවබෝධය අත්‍යවශ්‍යයි.

නූල සාදා තිබෙන කෙඳි වර්ගය :

යොදාගෙන තිබෙන අමුද්‍රව්‍යය කුමක්ද පිළිබඳ අවබෝධය මෙමඟින් ලැබෙනවා. නූල් නිෂ්පාදනයේදී කපු සහ රෙයොන් ශාක ඵලය සහ පොත්තේ කෙඳි භාවිත වෙනවා.

නිෂ්පාදිත රට :

නූල් නිපදවා ඇත්තේ කවර රටකද යන්න මෙයින් හඳුනා ගන්නට පුළුවන්.

මෙම කරුණු පිළිබඳ පූර්ණ දැනුවත් භාවය ඔබ සතුව නොමැතිනම් නිවැරැදි ප්‍රමිතිගත මැස්මකට යා නොහැකි බව දැන් ඔබට අවබෝධ වී ඇති. නූල් සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු තවත් බොහොමයි. ඒ පිළිබඳව ලබන සතියේ අවධානය යොමු කරමු.

උපදෙස් - ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පී එරංග රණසිංහඔයාමා ෆැෂන්ස් සහ ග්‍රැෆික්ස්

උපුටා ගැනීම තරුණී

Share This Article

ෆේස් බුක් හරහා පිරිමි ළමුන් අපයෝජනයට පෙළඹුණු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් කොටු වු සැටි....

සමාජයේ වැදගතුන් ලෙස පෙනී සිටින පුද්ගලයන් රැසක් කාම අපරාධකරුවන් ලෙස අත්අඩංගුවට ෆේස් බුක් ඇතුළු විවිධාකාර සමාජ ජාල වබේ අඩවි තුළ සැඟවී බාලවයස්කාර...

ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ රහස්‍ය තොරතුරු ගබඩා කිරීම භයානකයි.

කෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු හා ඡායාරූප තවත් අයකු වෙත යෑම තුළින් සිදුවිය හැකි බරපතළ අනර්ථකාරී සිදුවීම් පිළිබඳ...

ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි සරල ක්‍රියාමාර්ග.

ඔබ භාවිත කරන ගෑස් උඳුනක කාර්යකෂමතාවය සියයට 40 සියයට 60 ත් අතර පවතී. එය දර ලිප් වර්ග සමග සැසඳීමේ දී ඉතා...

විදුලි බිලි අඩු වෙන්න Fridge එක මේ විධියට Organize කරන්න

ශීතකරණය කියන්නේ අද වන විට සෑම නිවෙසකටම අත්‍යවශ්‍ය විදුලි උපකරණයක්නේ. නමුත් ශීතකරණ භාවිත කරන බහුතරයක් දෙනා හට ශීතකරණය නිවැරදිව භාවිත කරන...

පණ ගිය හයිබ්‍රිඩ් බැටරියට මොනවා කරන්නද?

ප්‍රංශ ජාතික නව නිපැයුම් ශිල්පීන් දෙපළක් වූ ලුවිස් - රේනේ පැන්හාඩ් සහ එමිලී ලැවසර් විසින් 1894 දී පළමුවරට වාහන සඳහා මැනුවල්...

විදුලි බිල අඩූ කර ගැනූමට ශීතකරණය භාවි

ශීතකරණය යනූ සාමාන්‍ය නිවසක විදුලි බිලට ඒකක 40 ත් 55 ත් අතර විදුලි ඒකක ප්‍රමාණයක් දායාද කරනූ ලබන විදුලි උපකරණයකි. නැත්නම්...