කොයිල් වෙනුවට පැල වවලා මදුරුවෝ පන්නමු
හැමදාමත් තිබෙන මදුරු කරදරේ වැසි සමයත් එක්ක තවත් වැඩි වෙලාද? මදුරුවන් විකර්ශනය කරන රසායනික නිෂ්පාදන නම් කොතෙකුත් වෙළෙඳපොළේ තිබුණත් ඒවා භාවිත කිරීම ගැන අපි කා අතරත් පොඩි බියක් හටගන්නේ ඒවා කෘත්‍රිමව සැකසූ නිෂ්පාදනයන් නිසාමයි. ඉතින් මදුරු කරදරය තවදුරටත් හිසරදයක් නොවී මුදල් පසුම්බියටත් නොදැනෙන්න මදුරුවන් වගේම අනෙක් කෘමීන්ගෙ කරදරයෙනුත් බේරෙන්න බොහොම සරල ස්වාභාවික කෘමි විකර්ශක කිහිපයක් තමයි අද අපි අරගෙන ආවේ.
පෙපර්මින්ට් ශාකය :
මල් වවලා මිදුල ලස්සන කරනවා වගේම නිවෙසෙන් එළිමහනෙ නිතර ගැවසෙන තැන්වල, දොර ජනේල ළඟ මේ පෙපර්මින්ට් නැත්නම් මින්චි පැළයක් සිටුවන්නත් පුළුවන් නම් ඔබට මේ කෘමි කරදරවලින් මිදෙන්න ඒක ලොකු පිටිවහලක් වේවි. එහි අඩංගු ස්වභාවික සුවඳ මදුරුවන් පලවා හරින්න ඉතාමත් යෝග්‍යය සංයෝගයක්.
බැසිල් ශාකය :
බැසිල් කොළ කියන්නෙත් කදිම කෘමි විකර්ශකයක්. හැබැයි මේ ශාකයේ ස්වභාවික සුවඳ නම් මදුරුවො එළවන්න තරම් ප්‍රමාණවත් නැහැ. ඒ නිසා බැසිල් කොළ පොඩි කරලා සම මත ආලේප කරන්න අවශ්‍යයයි. මේ සරල ස්වභාවික ක්‍රමවේදය කෘමි දෂ්ට කිරීම්වලින් ඔබට රැකවරණය සලසයි.
ලැවෙන්ඩර් ශාකය :
ලැවෙන්ඩර් ශාකයේ අන්තර්ගත වෙලා තිබෙන සුගන්ධවත් බව නිසාම මේක අපේ කාන්තාවන් අතර නම් ඉතා ජනප්‍රිය ශාකයක්. එහෙත් මේ ශාකයත් බොහොම ප්‍රබල මදුරු විකර්ශකයක් බව ඔබ මින් පෙර දැනගෙන සිටියාද? ලැවෙන්ඩර් මඟින් ස්වභාවිකවම නිපදවන මේ සුවඳ නිසාම මදුරුවන් වගේම අනෙකුත් කෘමීන්වත් ඔබේ නිවෙසින් ඈත් කරලා තිබෙනවා.
සිට්‍රොනෙල්ලා ශාකය :
සිට්‍රොනෙල්ලා කියන්නෙ අපි කවුරුත් දන්න පැඟිරි ශාකයටයි. මේවා අඩංගු විවිධ නිෂ්පාදනත් වෙළෙඳපොළේ බහුල වශයෙන් දැකගන්න පුළුවන්. නිවෙසට ඇතුළුවෙන දොර සමීපයේ මේ සුවඳ අඩංගු ඉටිපන්දමක් දල්වන්න පුළුවන් නම් ඒකත් ප්‍රබල කෘමි විකර්ශකයක් විධියට ක්‍රියා කරනවා.
මාරිගෝල්ඩ්ස් :
දුටු සැණින් මේ කියන ශාකය හුරුපුරුදු නැති වුණත් මාරිගෝල්ඩ්ස් කියන්නේ අපි කාගෙත් ගෙමිදුලේ හැඩකාරියක් වුණු දාස්පෙතියා ශාකයටමයි. මේ ශාකයේ මුල්වල ස්වභාවිකවම “ඊඩඪධනඥදඥඵ” නම් වූ රසායනික සංයෝගය අඩංගු වෙලා තිබෙනවා. ඒ නිසාම මේ ශාකයත් බොහොම සාර්ථක කෘමි විකර්ශකයක් කියන්න පුළුවන්.
රෝස්මරි ශාකය :
රෝස්මරි කොළවලත් තිබෙන්නෙ ටිකක් සැර සුවඳක්. ඒ නිසාම තමයි මේක කෘමි විකර්ශකයක් වෙන්නෙ. පුළුස්සන ලද රෝස්මරී පත්‍ර කියන්නෙත් අගනා කෘමි විකර්ශකයක්. ඉන් වහනය වෙන සුවඳ නිසා ඔබේ නිවෙසෙන් කෘමීන් ඈත්වෙයි.
උපුටා ගැනීම මව්බිම
මිනිස් පරිභෝජනයට සුදුසු ආහාර කුමක්ද? යන්න තෝරා බේරා ගෙන වෙළඳපොළෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයා විමසිලිමත් වීම මේ උත්සව සමයේදී වඩාත් වැදගත් කාරණයකි....
ජීවිතයේ අර්ථය සතුටයි. එහි සමස්ත අරමුණ මිනිස් පැවැත්මයි. අප මිය යනතුරුම ප්‍රීතිමත් ජීවිතයක් ගත නොකළොත් ජීවිතයේ සැබෑ අරමුණ කුමක්ද? ජීවිතයේ සැබෑ...
ෆේස්බුක් (face book) එසේත් නැත්නම් මුහුණු පොත මේ දිනවල ඉතාම ජනපි‍්‍රය මාතෘකාවක්. ෆේස් බුක් අද සමාජයට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. කෙසේ වෙතත්...
ඔබගේ දැන ගැනීම සඳහා ඒ ඒ ලග්නවලට 5 වැන්නාධිපතියා පහත සඳහන් පරිදි පෙන්වා දෙමි. මේෂ - රවි තුලා - ශනිවෘෂභ - බුධ...
අළුත් අවුරුද්ද යනුවෙන් අදහස් කරන්නේ ගස් වල ඵල දරන, මල් පිපෙන දරණ වසන්ත කාලය එළඹීමයි. වසන්තය ලැබීමේ මෙම මංගල්‍ය සමරන්නේ ශ්‍රි...
ඔබට යාළුවො ඉන්නවද? සාමාන්‍යයෙන් අපි හැමෝටම වගේ යාළුවො ඉන්නව. හොඳ යාළුවෙක් කියන්නෙ විශාල ශක්තියක්. සහනයක් වගේම සැනසීමක්. හැබැයි ඉතිං යාළුවො කිව්වට සේරම...