සුවඳ හමන්න පත්තු කරන හඳුන්කූරුවලින් හැදෙන මාරාන්තික ලෙඩ
හඳුන්කූරු දුමෙහි පවතින විස සහිත ස්වභාවය පිළිබඳව මේ දිනවල සමාජයේ යම් කතා බහකට ලක්ව තිබෙනවා. හඳුන්කූරු දුම සෞඛ්‍යයට ඇති කරන අහිතකර බලපෑම පිළිබඳ විදෙස් රටවල් විවිධ පර්යේෂණ සිදුකර තිබෙනවා. හඳුන්කූරු දුමෙහි තිබෙන විස සහිත බව සහ එය සෞඛ්‍යයට කොතරම් හානිදායකද යන්න පිළිබඳවයි මේ දැනුවත් කිරීම.
හඳුන්කූරුවල වාෂ්පශීලී කාබනික සංයෝග, පොලි ඇරෝමිටික්, හයිඩේරාකාබන් ඇතුළු විස රසායනික සංයෝග රැසක් අඩංගු වෙනවා. ඒනිසා මෙන්ම වෛද්‍ය විද්‍යාව දියුණු මට්ටමක පවතින එක්සත් රාජධානිය, යුරෝපා රටවල්, ස්කැන්ඩිනේවියානු රටවල් ආදිය ආගමික ස්ථාන, පොදු ස්ථාන, දරුවන් ගැවසෙන ස්ථාන, ආදියෙන් හඳුන්කූරු වැනි දේ දැල්වීම මේ වනවිටත් තහනම් කර හමාරයි.
හඳුන්කූරු වැනි දුම් සහිත දේ දැල්වීම වෙනුවට ඔවුන් කරන්නේ ආගමික ස්ථාන, පොදු ස්ථාන, අවමංගල්‍ය උත්සව ආදියේදී ඉටිපන්දමක්, පහනක් ආදිය දල්වා ආලෝකමත් කිරීමයි.
සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් තොර හඳුන්කූරු පැකට්ටුවකින් නිකුත්වන විස දුම සිගරට් පැකට්ටුවකින් නිකුත්වන විස දුමට සමාන බව ජපානය පර්යේෂණ මඟින් පවා සනාථ කර තිබෙනවා.
අද ප්‍රමිතියෙන් තොර සහ ප්‍රමිතියෙන් යුතු හඳුන්කූරු වර්ග ඕනෑතරම් වෙළෙඳපොළේ තිබෙනවා. ප්‍රමිතියෙන් යුතු හඳුන්කූරු සුවඳවත් කිරීමට භාවිත කරන රසායන ද්‍රව්‍ය ස්වාභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදිත බව සඳහන්. ප්‍රමිතියෙන් තොර හඳුන්කූරුවල සුවඳවත් කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය ස්වාභාවික ද්‍රව්‍යවලින් සැකසූ ඒවා නොවෙයි. මෙසේ ප්‍රමිතියෙන් තොර හා ප්‍රමිතියෙන් යුතු ලෙස හඳුන්කූරු වර්ග කළත් පොදුවේ හඳුන්කූරු දුම ආඝ්‍රාණය කිරීම ශරීරයට හිතකර වන්නේ නැහැ.
ඕනෑම ද්‍රව්‍යයක් දහනයේදී වායුගෝලයට කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ලබනවා. හඳුන්කූරු මදුරු කොයිල්, ළිප් දර බාබක්‍යු අඟුරු ආදී සෑම දෙයක්ම දැල්වූ පසුව කාබන්ඩයොක්සයිඩ් පිටවීම සිදුවෙනවා.
කෙසේ වෙතත් පෙර සඳහන් කළ ද්‍රව්‍ය දහනයේදී නිකුත්වන දුමින් වඩාත්ම අහිතකර වන්නේ හඳුන්කූරු දුම සහ මදුරුකොයිල් දැල්වීමෙන් නිකුත්වන දුමයි.
මෙම දුම විශේෂයෙන්ම කුඩා දරුවන්ට, ප්‍රතිශක්තිය දුර්වල ගර්භණී මවුවරුන්ට මෙන්ම වියපත් අයට ඉතා අහිතකරයි.
උපතේ සිට වයස අවුරුද්ද දක්වා දරුවන්ට මෙම විස දුම ආඝ්‍රාණයෙන් පෙණහලු ආසාදන ඇති විය හැකියි. ඒ වගේම ගර්භණී සමයේදී මෙම විස දුම ආඝ්‍රාහණයෙන් මවට හා සමාන හානියක් දරුවාටත් සිදුවිය හැකියි.
පෙණහලු ආශි්‍රත ගැටලු, හුස්ම ගැනීම සම්බන්ධ ගැටලු, කැස්ස, උගුර ආශි්‍රත රෝගාබාධ ආදියද ඇතිවිය හැකියි. ඒවාගේම මෙහි ඇති දරුණුම තත්ත්වය වන්නේ පිළිකා ඇතිවීමේ අවදානමයි.
ඒවගේම උණ, සරම්ප, ඩෙංගු වැනි රෝග වැලඳුණු රෝගීන්ට මෙම දුම නිසා මාරාන්තික තත්ත්ව පවා ඇති විය හැකියි.
විශේෂයෙන්ම ආගමික ස්ථානවල නිතරම පාහේ ගැවසෙන වයස්ගත පුද්ගලයන් මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. බණ භාවනා සහ ආගමික කටයුතුවල නිරතවන පුද්ගලයන්ට එම ආගමික වතාවත් ඉටුකිරීමේදී සුවඳවත් කිරීමට හඳුන්කූරු දැල්වීම වෙනුවට මලින් සුවඳවත් කිරීම, පහන් ඉටිපන්දම් ආදිය දැල්වීම කළ හැකියි.
උපුටා ගැනීම මවුබිම
ඔබගේ දැන ගැනීම සඳහා ඒ ඒ ලග්නවලට 5 වැන්නාධිපතියා පහත සඳහන් පරිදි පෙන්වා දෙමි. මේෂ - රවි තුලා - ශනිවෘෂභ - බුධ...
ගැහැනු ළමයෙක් වුණාම පිළිවෙළට අඳින්න පලඳින්න ඕනෑ කියලා අම්මා ඔයාට ඒ කාලේ ඉදන් කියලා ඇති. ඒ අතරේ සමාජයේ ජීවත්වීම ගැනත් ඇය...
බලාපොරොත්තු තමයි මිනිස්සුන්ට ජීවත්වෙන්න දිරිය සහ ආශාව ජනනය කරන්නේ. බලාපොරොත්තු සිහින, අපේක්ෂා දැක්ම, අරමුණු, පරමාර්ථ ලෙස විවිධ නම්වලින් විවිධ අර්ථකථන ඔස්සේ...
අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා. මේ...
පුංචිම පුංචි බොත්තමේ ඉඳන් අපි පාවිච්චි කරන උපකරණවල, දවසේ වැඩවලදී හමුවන ස්ථානවල සූක්ෂ්මව මේවා අටවලා තියෙන්න පුළුවන්. කාන්තාවකට තමන්ගෙ පෞදගලිකත්වය රැකගන්න...
මානවයාගේ හිතවත්ම මිතුරා සුනඛයා බැව් ඈත අතීතයේ පටන් පැවත එන සත්‍යයකි. එහෙත් සුනඛ වර්ග අති විශාල ප්‍රමාණයක් ලෝ පුරා වෙසෙතැයි යන්න...