Biz Log
Classifields
Biz Log
Classifields

අනාවැකි කියන සපත්තු, සෙරෙප්පූ

අනාවැකි කියන සපත්තු, සෙරෙප්පූ

ගෙමිදුලේ ඇවිදින්නත් අද බොහෝ දෙනා පාවහන් පාවිච්චි කරන නමූත් අපේ වැඩිහිටියන් පාවහන් පාවිච්චි කළේ ඉඳහිටය. අපේ මූතුන්මිත්තන් නම් එක දිගට සැතපූම් දහයක - පහළොවක හෝ විස්සක තිහක හෝ දුරක් යන්නටවත් පාවහන් පාවිච්චි නොකළ තරම්ය. පාවහන් නොමැතිව ඇවිදීම මදිපූංචිකමක් හැටියට බොහෝ දෙනෙකු සළකන්නේ සංකර සිරිත්වලට හූරු පූරුදුව සිටින හෙයිනි. උජාරුකම පෙන්වන්නට පාවහන් පැළැන්ඳත්, ඒවායේ අඩි ගෙවීම තුළින් ඔවූන්ගේ ගති පැවතුම් හෙළි කරගත හැකි වග බොහෝ දෙනෙකු දන්නේ නැත. අද පොහොසතාගේ සිට දුප්පතා දක්වා බාල, මහලු කොයි කවූරුනූත් පාවහන් පළඳින අතර පාවහන් යනූ මානසික තත්ත්වයනූත්, චරිත ලකෂණයනූත් මැනවින් පෙන්නූම් කරන්නෙකි.

සමහරුන්ගේ සපත්තුවල හෝ සෙරෙප්පූවල හෝ අඩිය වේගයෙන් ගෙවෙන්නේ ඉස්සරහිනි. සමහරුන්ගේ පහළිනි, සමහරුන්ගේ පැත්තකිනි. සමහරුන්ගේ දෙයාකාරයකිනි, සමහරුන්ගේ සමාන්තර ආකාරයකිනි.

සමාන්තරව ගෙවී යන අන්දමට පාවහන් යූගළ පළඳින්නේ රටට කුමක් හෝ සේවයක් කිරීමට කැමති, අරපිරිමැස්මට කැමති, පිනට, දහමට කැමති, තීකෂණ මොළයක් ඇති, කාලය නිකරුණේ ගත කිරීමට අකමැති, ගැනීම කෙසේ වෙතත්, දීමට කැමති, රැවටිලිකාරයන්ට ලෙහෙසියෙන් හසූනොවන පූද්ගලයන්ය.

සමහරුන්ගෙ වම් පැත්තේ සපත්තුව හෝ සෙරෙප්පූව දකුණූ පැත්තේ එකට වඩා වේගයෙන් ගෙවී යන බව ඇත්තකි. සමහරුන්ගේ වැඩියෙන් ගෙවෙන්නේ දකුණූ පැත්තේ සපත්තුව හෝ සෙරෙප්පූවය. මෙයද ඔහූගේ හෝ ඇයගේ හෝ මානසික තත්ත්වයටත්, සෞඛ්‍යය තත්ත්වයටත්, ගතිපැවතුුම්වල තත්ත්වටයත් අනූව සිදුවන්නකි.

පළඳින පාවහන්වල අඩිය ඉස්සරහින් වැඩිපූර ගෙවී යන පූද්ගලයන් ආගම දහමට ලැදි, දියූණූවීමට කැමති, පූහූ අලංකාරයට අකමැති, ඇසූරු කරන හෝ නොකරන හෝ අනූන් පහත් මටිටමක ලා සළකන්න කැමති, නූල් සූත්තරකාරයන්ට නිතර ගොදුරු වීමට ඉඩ ඇති, උපයන දේවල් නිකරුණේ විනාශ වනවාට අකමැති අයයි.

අඩිය පසූපසින් වැඩිපූර ගෙවීයන පූද්ගලයන් රට, ජාතිය, ආගම ගැන මහ ඉහළින් කතා කරන නමූත්, රට ජාතිය, ආගමේ උන්නතිය උදෙසා සැළකිය යූතු කිසිවක් නොකරන, නපූරුකම හා මසූරුකම ද සහිත, එකකට දෙක තුනක් හෝ ඊට වැඩියෙන් හෝ බලාපොරොත්තු වන, බොරු ආටෝපයට කැමති, ආශ්‍රයට සූදුසූ පූද්ගලයකැයි කිව නොහැකි අන්දමේ අයයි.

සමහරුන්ගේ පාවහන් දෙක ගෙවී යන්නේ දෙආකාරයකිනි. දකුණූ පැත්තට වඩා වම් පැත්තේ අඩිය වැඩිපූර ගෙවී ඇත්නම්, ඔහූ හෝ ඇය හෝ උත්සාහයට ගැළපෙන්න ප්‍රතිඵල නොලබන, චිත්ත පීඩාවන්ගෙන් පෙළෙන, බොහෝ විට අනූන්ගේ නින්දා අපහාසවලට ගොදුරු වියහැකි, හිතන පතන දේවල් ඉටූකර ගැනීමේ හැකියාවක් නැති, එකේ කාළ්‍ය අත්කර ගන්නට බොහෝ විට ඉඩක් නොලබන අන්දමේ කෙනෙකු විය හැකිය.

දකුණූ පැත්තේ අඩිය වම් පැත්තේ අඩියට වඩා වැඩිපූර ගෙවී ඇත්නම් හරි හම්බ කර ගන්නා දේවල් අපතේ යා හැකි, අනූන් වෙනූවෙන් කාලය වෙන් කිරීමට කැමති, දරු මල්ලන්ගේ ප්‍රශන ගැන උවමනාවට වඩා කල්පනා කරන, අඹූ-සැමි ප්‍රශ්නවලට ගොදුරු විය හැකි, ආත්ම තෘප්තිය හරියාකාරව නොලබන අන්දමේ කෙනෙකු විය හැකිය.

මිනිසා ඇතුළු සතාසීපාවා, ගහ කොළ, ඇළ දොළ, වනවදුලු, කඳු වැටි ආදිය ස්වභාව ධර්මයේ දායාදයන් වන අතර මිනිසා ස්වභාව ධර්මයට අනූකුළව ජීවත් නොවූණහොත්, ස්වභාව ධර්මය ඔහූට හෝ ඇයට හෝ හරස් කපන වග සත්තක ඇත්තකි. සපත්තු, සෙරෙප්පූ ආදිය නිතර දමාගෙන සිටින අයගේ ඇස් පෙනීමට වඩා සපත්තු, සෙරෙප්පූ නොදමන අයගේ ඇස් පෙනීම යහපත් වීමෙන් ඇස් පෙනීම යහපත් වීමෙන් පෙනී යන්නේ එයයි.

Share This Article

මානසික නිදහස ඒක තමයී ජීවිතේ කියන්නේ...

ජීවිතයේ අර්ථය සතුටයි. එහි සමස්ත අරමුණ මිනිස් පැවැත්මයි. අප මිය යනතුරුම ප්‍රීතිමත් ජීවිතයක් ගත නොකළොත් ජීවිතයේ සැබෑ අරමුණ කුමක්ද? ජීවිතයේ සැබෑ...

අරපිරිමැස්ම තරමටම ආරක්‍ෂාවත් වැදගත්

ඉහළ පහළ යන උද්දමනය ගැන හොඳටම කියා පාන නමුත් එපා කියලා ඉවත් කරන්න බැරි අපේ ගෘහණියට බොහොම ළඟ දෙයක් තමයි ගෑස්...

නුඹ නෙළුමක්‌ වගේ වෙන්න

සොබාදහම කියන්නෙ හරිම ආශ්චර්යක්‌. අප ලැබූ මේ ජීවිතය අයිති වෙන්නෙත් සොබාදහම් මාතාවටම තමයි. සොබාදහම අවබෝධ කරගන්න නුඹ සමත් වුණුදාට පුදුමාකාර සතුටක්‌...

පුතා ඉල්ලන ෆෝන් එකට මාස හතරක විතර පඩිය යනවා... රට ඉඳන් අපි විදින අපාදුක ලංකාවේ ගෙවල්වල අය දන්නේ නෑ...

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්. සමහරක් අයට ලැබෙන දේ සමහරක් අයට ලැබෙන්නේ නෑ. ඒ තරම්ම ජීවිතය කියන රෝදය නැවතීමක් හොයන තුරු...

අපූරු යෝග අභ්‍යාසයක්

ඇබ්බැහිවීම මානසික රෝගයක් වුණත් එය උග්‍ර වූ විට තමයි බෙහෙත් ගන්න ඕනෑ. මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා සමහර අයගේ පවුල් සංස්ථාව, රැකියා...

PLAN නොකිරීම යනු අසාර්ථක වෙන්න PLAN කිරීමකි

බලාපොරොත්තු තමයි මිනිස්සුන්ට ජීවත්වෙන්න දිරිය සහ ආශාව ජනනය කරන්නේ. බලාපොරොත්තු සිහින, අපේක්ෂා දැක්ම, අරමුණු, පරමාර්ථ ලෙස විවිධ නම්වලින් විවිධ අර්ථකථන ඔස්සේ...