Biz Log
Classifields
Biz Log
Classifields

අම්මයි, තාත්තයි රණ්ඩූ කරගන්නවට අපි කැමති නැහැ

අම්මයි, තාත්තයි රණ්ඩූ කරගන්නවට අපි කැමති නැහැ

නිවස තරම් ප්‍රසන්න අත්දැකීමක් දරුවන්ට වගේම දෙමවූපියන්ට තවත් නෑ කියන තැනට ඔබ පත්වූණොත් ඇත්තටම ඔබේ ජීවිතය සාර්ථකයි. පූංචි පූංචි අඬදබර වූනත් දවස මූළුල්ලේම තිබූනොත් ඇත්තටම එය මානසික වධයක් නොවෙයිද? ජීවිතේ දැනූම් තේරුම් තිබෙන වැඩිහිටි උදවිය නම් මේ සියල්ල විඳදරා ගන්නට දරුවන්ට නම් කෙනහිලි කෙඳිරිලි ඉවස ඉන්න තරම් හිතේ හයියක් නෑ. අඬදබර වගේම අනවශ්‍ය ලෙසින් ඝෝෂාකාරී පරිසරයකට හැදෙන වැඩෙන දරුවන් ප්‍රසන්න පරිසරයක හැදෙන වැඩෙන දරුවන් තරමට බූද්ධිමත් නැති බවයි පර්යේෂකයන්ගේ අදහස. මේ පිළිබඳව ඔවූන්ගේ අධ්‍යාපනය සඳහා 1994 - 1996 අතර කාලයේදී උපත ලැබූ නිවූන් දරුවන් 8000 ක් සම්බන්ධ කරගත්තා. ලන්ඩනයේ මනෝ වෛද්‍ය ආයතනය සඳහන් කරන අන්දමට කලහකාරී පරිසරයක් තුළ වැඩෙන දරුවන් එතරම් බූද්ධි සම්පන්න නැහැ. මේ අතර "නිව් සයන්ස්ටිස්ටි" සඟරාව තවත් අදහසකට මූල පිරුවා. නිවූන් දරුවන්ගේ බිහිවීමට හේතු වේන ජානමය තත්ත්වයන් කියන තැනයි අපි ඉන්නේ. නමූත් අලුත් අදහස අනූව ජානමය හේතූන්ට වඩා නිවූන් දරුවන්ගේ උපතට බලපෑම් ඇති කරන්නේ පාරිසරික තත්ත්වයන් බව දැන් පිළිගන්න වෙලා. අධ්‍යයනයක් දෙකක් මගින්ම මේ අදහස ඉදිරිපත් වූනත් තවමත් සියයට සියයක්ම නිවැරැදියි කියන තීරණයට එළැඹූනේ නැහැ.

දරුවන් පිළිබඳ වූ කළල නිර්මාණයේදී විටෙක එකම ජාන කටිටලයද තවත් විටෙක එම ජාන කටිටලය බෙදාගෙන නිවූන් දරුවන්ගේ බිහිවීමක්ද සිද්ධවෙනවා. දරුවන් බිහිවීමේදී ගෙදර පරිසරය ඉතාම වැදගත් බව පර්යේෂකයන් අවධාරණයෙන්ම සඳහන් කරනවා. හොඳ දැන උගත්කම් ඇති මවූපියන් නිවසේ පරිසරය ඉතාම යහපත්ව සංවිධානාත්මකව තබා ගන්නවා. එම පාරිසරික බලපෑම තුළ දරුවන්ද බූද්ධිමත්වීමේ හැකියාව ඉහළයි. මේ අතර කලහකාරී පවූල් පසූබිම තුළ හැදෙන දරුවන් බූද්ධිසම්පන්න නොවේය යන තැනට නාවත් යහපත් පවූල් පසූබිම දරුවන්ගේ බූද්ධි වර්ධනයට විශාල පිටූවහලක් බව මහාචාර්ය රොබටි ප්ලොමින් සඳහන් කරනවා.

දරුවන් හැදෙන වැඩෙන පරිසරය කලහකාරීනම් එතැන ඔවූනගේ ඉගෙනූම් කටයූතු වෙනූවේන සූවදායක පරිසරයක් නොවේ. බිය, තැතිගැන්ම, කුතුහලය තුළ දවස ගෙවන දරුවා මානසික ලෙසින් සිටින අසහනකාරී ස්වභාවය තුළින් ඔහූ ඉබේටම පසූගාමී බවට පත්වෙනවූ ඇත. සාමාන්‍ය ලෙසින් දරුවෙකු අධ්‍යාපනය ලබන්නට අවැසි පරිසරය මවූපියන් වන ඔබ විසින්ම අවහිර කරන්නේ නම් හෙට දවසේ බූද්ධිමත් නායකත්වය වෙනූවෙන් පෙළ ගැසෙන අවසරය ඔබේ දරුවාට නැතුවා නොවේද? පරිසරය දරුවෙකුගේ ඉදිරි ගමනට මහෝපකාරී ශක්තියකි. කලහයෙන් තොර ප්‍රසන්න පරිසරය බූද්ධිමත් දරුවෙකු වෙනූවෙන් වූ මූලික අත්තිවාරම වන්නේය. කලහයට දරුවන් රිසි තැන, සියළමා ජීවිතයේ සැහැල්ලුව මවූපියන්ගේ කලහය නිසා බිඳ වැටෙනූ ඇත. මෙසේ බිඳවැටෙන ජීවිත නිසා ඔබේ දරුවා මානසික ලෙසින්ද පසූගාමීත්වයට පත්වීම අනිවාර්යය. ඔබේ සිහිනය හෙට දවසේ බූද්ධිමත් දරුවෙක් වෙනූවෙන් නම් අද දවසේදී වූ නිවසේ පරිසරය සාමකාමීවීම අනිවාර්ය බව අමතක නොකරන්න.

Share This Article

දරුවන්ට දඬුවම් කරන්න කලින් මේ ගැනත් හිතන්න

මිනිසුන්ගේ වැරැදි චර්යාවන් නවතාලීම සදහා යොදා ගන්නා එක් උපක්‍රමයක් ලෙස දඬුවම් කිරීම දැක්විය හැකිය. එබැවින් ඔබ ඔබේ දරුවන් කරනා වැරැදිවලට ඕනෑතරම්...

ගැහැනූන් තම කායික සබඳතාවන් හිදී අනූගමනය කරන ක්‍රම

ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්‍රම වේදයන්ය. ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත...

ලේලියට අඩූ සැලකිල්ලක් දක්වන නැන්දම්මා බෑණාට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇයි?

විවාහය තවමත් උත්තරීතර බැඳීමක් ලෙස සලකන්නත් එය ජීවිතාන්තය දක්වා ආරකෂා කරගන්නත් ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් පූරුදුව සිටිනවා. එක් එක් රටවලට...

පවුල් සැලසූමට උපත් පාලන ක්‍රම සහ වැදගත්කම

දෙදෙනෙක් විවාහ වූ පසූ අප ඔවූන්ට "යූවළක්" යන නම භාවිත කරනවා. එලෙසම ඔවූන්ට දරුවෙක් ලැබූණාම "පවූලක්" ලෙස සලකනවා. මෙම පවූලට තවත්...

අවූරුදු දෙකකට අඩූ දරුවන්ට රූපවාහිනිය පෙන්නන්ඩ එපා!

දරුවන් කර තබා ගෙන අම්මලා රූපවාහිනිය නරඹන්නට දක්වන උනන්දුව ගැන අපි පූදුම වෙන්නෙ නෑ. ඒ සිද්ධිය සාමාන්‍ය සිද්ධියක් වෙලා. නමූත් වයස...

හෘදයාබාධ වැළඳුණූ සැමියාට දියකිරෙන් පිසූ ආහාර දෙන්න

කොලෙස්ටරෝල් වැඩිපූර අඩංගු වන්නේ කුමන ආහාරවලද කියා ඔබට අප දැනූවත් කළා මතක ඇති. හෘදයාබාධ වැළඳී තිබෙන ඔබ එම ආහාර හඳුනාගෙන දැන්...