Biz Log
Classifields
Biz Log
Classifields

පළමු ලිංගික එක්වීමට අනියත බිය

පළමු ලිංගික එක්වීමට අනියත බියපළමු ලිංගික එක්‌වීම සම්බන්ධව අප සමාජයේ බොහෝ දෙනා තුළ ඇත්තේ අනියත බියකි. විශේෂයෙන්ම මෙය කාන්තාවන් තුළ ඉතා ප්‍රබලව පවතී. තමාගේ පිවිතුරු බව ඔප්පුකර පෙන්වීම, කන්‍යා පටලය බිඳීයැම ආදී කරුණු සම්බන්ධව පවතින මතවාද වලින් සිත පුරවාගෙන සිටින ඔවුන්ට පළමු ලිංගික එක්‌වීම යනු වධකාගාරයකට වැරදිකරුවකු හා සමානය. මෙවැනි මානසික පීඩනයෙන් සිටින කාන්තාවට තම සහකරු සමඟ සාර්ථකව ලිංගිකව එක්‌වීමට නොහැකි වේ. එසේම ලිංගික අතවරයකට ලක්‌වූ කාන්තාවන් ද නැවත ලිංගිකව එක්‌වීමේදී දැඩි ලෙස බියට පත්විය හැකිය. එවිට ඔවුනට ද නිසි ලෙස ලිංගිකව එක්‌වීමට මුහුණදිය නොහැකි විය හැකිය. මෙවැනි අවස්‌ථාවකදී බොහෝ විට සිදුවන්නේ ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගයේ ඇතිවන තද බවයි. මෙය වැජිනිස්‌මස්‌ ලෙස හඳුන්වයි. මෙම තත්ත්වය නිසා කාන්තාවකට ලිංගිකව එක්‌විය නොහැකි ආකාරයෙන් යෝනි මාර්ගය තදවීම නිසා ලිංගික සංසර්ගය වේදනාකාරී මෙන්ම අසාර්ථක විය හැකිය.

යෝනි මාර්ගයේ තදබව  :

යෝනි මාර්ගයේ තදබව එසේත් නැතිනම් වැජිනිස්‌මස්‌ තත්ත්වය විවිධ කායික හෝ මානසික හේතූන් නිසා ඇතිවිය හැකිය. ඉන් ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මානසික සාධකය. වැජිනිස්‌මස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන්ගේ සහකරුවන් අතරින් බොහෝ දෙනා සිතා සිටින්නේ තම සහකාරිය ලිංගික සංසර්ගයට අකමැති බවය. මෙය වැරදි මතයකි. මෙම කාන්තාවන් අතරින් බොහෝ දෙනකුට ලිංගික ආශාව සාමාන්‍ය මට්‌ටමක පවතී. ඔවුන් ලිංගික සංසර්ගයේ යෙදීමට කැමැති වුවත් තම යෝනි මාර්ගයේ ක්‌ෂණිකව ඇතිවන තද බව නිසා එය අසාර්ථක වේ. මෙම තත්ත්වය නිසා ඔවුන් තුළ ඇති විශ්වාසය ගිලිහී යැම දුක හා ලැඡ්ජාවට පත්වීම ආදී විවිධාකාර මානසික ගැටලු ඇතිවේ. ඉන් එම කාන්තාවෝ විවිධාකාර මානසික ගැටලුවලින් පීඩා විඳිති. මෙම තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ පළමුවර ලිංගිකව එක්‌වීමකට උත්සාහ දැරීමේදීය. එම නිසාම ඔවුන්ට ලිංගික සංසර්ගයේ යෙදීමට හැකියාවක්‌ නැතිවිය හැකිය. මෙයට කලින් ලිංගිකව අක්‍රියව සිටි කාන්තාවකට වුව ද මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය. එය කලාතුරකින් සිදුවිය හැකි තත්ත්වයකි. මෙය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වීම නිසා ඇතිවන තත්ත්වයකි. එසේම මෙම තත්ත්වය ලිංගික සංසර්ගය පමණක්‌ නොව යෝනි මාර්ගය වෛද්‍යවරයකු විසින් පර්යේෂණයට භාජනය කිරීම වැනි අවස්‌ථා වලදී පවා ඇතිවිය හැකිය. ඇතැම් කාන්තාවන්ට වැජිනිස්‌මස්‌ තත්ත්වය ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්‌ථා වෛද්‍ය පර්යේෂණ යන ඕනෑම අවස්‌ථාවකදී ඇතිවේ. තවත් පිරිසකට මෙම තත්ත්වය ඇතැම් සහකරුවන් සහ ඇතැම් අවස්‌ථාවලදී පමණක්‌ ඇතිවිය හැකිය. වැජිනිස්‌මස්‌ තත්ත්වය යම් කාන්තාවකට මුල සිටම පවතින්නේ නම් එය බොහෝ විට සංසර්ගය වේදනාකාරී වේ යෑයි ඇති බිය හෝ සැකය වැනි මානසික හේතු නිසා ඇතිවිය හැකිය. ලිංගික හිංසනයකට භාජනය වී තිබීම නිසා හෝ ලිංගික සම්බන්ධතාවයේ ගැටලු නිසා ද කලාතුරකින් මෙම වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය. කලක්‌ ලිංගිකව සක්‍රීයව සිටි කාන්තාවකම මුත්‍රා හෝ යෝනි මාර්ගයේ ආසාදන, දරු ප්‍රසූතිය, ආර්තවහරණය, ඇතැම් පිළිකා, යෝනි මාර්ගය ආශ්‍රිත ශල්‍යකර්ම හෝ යෝනි මුඛය ආශ්‍රිත වේදනාකාරී තත්ත්ව නිසා ද වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවිය හැකිය.

ප්‍රතිකාර :

වැජිනිස්‌මස්‌ තත්ත්වය සඳහා සාර්ථක ලෙස ප්‍රතිකාර කළ හැකිය. මෙහිදී සිදුකරන ප්‍රතිකාරය ඇයට වැජිනිස්‌මස්‌ තත්ත්වය ඇතිවීමට හේතුකාරක වූ සාධකය මත තීරණය වේ. බහුලව භාවිත වන ක්‍රමවේදයක්‌ වන ක්‍රමාණුකූල අසංවේදකරණය යොදාගෙන ප්‍රතිකාර කළ කාන්තාවන් 90% කට වැඩි පිරිසක්‌ එයින් සාර්ථක ප්‍රතිඵල ලබා ඇති බව විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. කායික ප්‍රතිකාර ක්‍රමයක්‌ මෙහිදී ක්‍රමානුකූල අසංවේදන අභ්‍යාස මඟින් එම කාන්තාවන්ට තම යෝනි මාර්ගයේ මාංශපේශී සංකෝචනය හා ඉහිල් කිරීමට හැකියාව ලබාදෙයි. මේ තත්ත්වය සඳහා ශල්‍යකර්මමය ප්‍රතිකාර නැත. වැජිනිස්‌මස්‌ තත්ත්වයට හේතුව කුමක්‌ වුවත් මෙය එම කාන්තාවන්ට මානසිකව බලපෑම් ඇති කරයි. කායික තත්ත්වයක්‌ නිසා ඇති වුවත් බොහෝ විට මෙම කාන්තාවන් ආත්ම විශ්වාසය හීනවීම පුද්ගල සම්බන්ධතාවල ගැටලු මානසික ආතතිය හා බිය වැනි තත්ත්ව වලින් පීඩා විඳිති. එම නිසා වැජිනිස්‌මස්‌ තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් බොහෝ දෙනාට මනෝ උපදේශනය උපකාරී වේ.

උපුටා ගැනීමකි

Share This Article

පවුල තුළ අවුල් ඇති වීමට බලපාන හේතු

අද සමාජයේ බොහෝ පවුල් දෙකඩ වන්නටත් නොයෙක් අඬදබර ඇතිවන්නටත් බලපාන ප්‍රධානම හේතුව ලිංගික ජීවිතය තුළ පවතින අනවබෝධය බව මින් පෙර විස්තර...

අඹු-සැමි යහපත් සබඳතාවකට හොඳම උපදෙස් 4ක්

හොඳ සන්නිවේදනය කැයි කියන්නේ යහපත් සම්බන්ධතාවක් වර්ධනය කරගැනීමට හැකිවන එක් ප්‍රධාන සාධකයකි. ඵලදායි සංවාදවලට ඉඩ සලසන සවන් දීමේ හා කතා කිරීමේ යහපත්...

ඇයි මේ තරමට විවාහ දෙදරා යන්නේ

විශාල මුදලක් වියදම් කරලා, නම් දරාපු හෝටලයකදී දෙනෝදාහක් ඉදිරියේ විවාහ වන ඇතැම් තරුණ තරුණියන් එහි උණුසුම ගෙවිලා යන්නත් මත්තෙන් දික්කසාදය ලබා...

දරුවන්ට දඬුවම් කරන්න කලින් මේ ගැනත් හිතන්න

මිනිසුන්ගේ වැරැදි චර්යාවන් නවතාලීම සදහා යොදා ගන්නා එක් උපක්‍රමයක් ලෙස දඬුවම් කිරීම දැක්විය හැකිය. එබැවින් ඔබ ඔබේ දරුවන් කරනා වැරැදිවලට ඕනෑතරම්...

දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

නිසි වයස සම්පූර්ණ කොට තිබියදී නීත්‍යානූකූලව විවාහ දිවියකට ඇතුල් වූ දෙදෙනෙකුට අධිකරණ නියෝගයක් ලබාගෙන වෙන්විය හැකියි. එය අප දික්කසාදය ලෙස හඳුන්වනවා....

දරුවො දඟවැඩ කරනවා අවධානයෙන් ඉන්න

උගුරේ යමක් සිරවූනොත් :ක්‍රීඩා භාණ්ඩවල කොටස්, කාසි වර්ග, මාලු කටූ වැනි දේ දරුවන් උගුරේ සිරකර ගන්නවා උගුරේ සිරවනවා නම් තරමක් විශාල...