Biz Log
Classifields
Biz Log
Classifields

සෑම පරාජයක්ම ජයග්‍රහණයේ පදනම කරගන්න


යොවුන් වියේ පසුවන ගැහැනු ළමයෙක් විදියට ඔබ සැබෑ ජීවිත පදනම් සකස්කර ගන්න ඉගෙන ගන්න ඕනේ මොනවද? ඔබ ඔබේ අර්බුදවලට පිළිතුරු සොයාගත යුතු වගේම ඔබේ සම්පූර්ණ ජීවිතයටම පදනම සකස් කරගත යුතු වෙන්නෙත් මේ යොවුන් කාලෙදි. මේ නිසා ඔබ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඉගෙන ගතයුතු කරුණු රැසක් තිඛෙනවා.

පළමුව තමන්ට ආදරය කරන්න : 

ඔබ මුලින්ම ඔබ පිළිබඳ ධනාත්මක විශ්වාසයක් ගොඩනගා ගන්න. ඔබ මේ රටට, සමාජයට වැදගත් කෙනෙක් බව අවබෝධ කරගෙන කටයුතු කරන්න. ඒ වගේම මුලින්ම ඔබ ඔබට ආදරය කරන්න. ඔබට ගරු කරන්න. තමන් ගැන කලකිරුණු තමන්ට වෛර කරන කෙනකුගේ අනාගතය සාර්ථක වෙන්නේ නෑ. ඒ නිසා තමන් ගැන අභිමානවත් කෙනෙක් බවට පත්වෙන්න. එහෙම වුණොත් ඔබ සුළු දේටත් ජීවිතයෙන් පලා යන්නේ නෑ.

විවිධ චිත්තවේගවලට ඔරොත්තු දෙන්න හැකියාවක් ඇතිකරගන්න : 

ඔබට යොවුන් වියේදී මානසික ගැටලු ගණනාවක් ඇති වෙනවා. ඒ වගේම සමාජය තුළ ඔබ හැසිරෙනකොටත් ගැටලු රැසක් ඇති වෙන්න පුළුවන්. ඒ ඔබ හිතන විදියටම හැමදේම වෙන්නෙ නැති නිසා. සමහර විට ඔබ ඔබව ලස්සනට දැක්කට සමාජයට ඔබ ලස්සන නැති වෙන්න පුළුවන්. ඒත් ඔබත් මේ ලෝකේ සුවිශේෂීයි කියලා හිතාගෙන චිත්තවේග සමබර කරගන්න. ඒ වගේම තමයි ඔබට කොතරම් බාහිර ලස්සන තිබුණත් වැඩක් නෑ ඔබට ගැටලුවකට මුහුණ දෙන්න බැරිනම් සමහර බුද්ධිමත් අය ඉන්නවා ක්‍ෂණිකව කේන්ති ගියාම ඒ ඔක්කොම බුද්ධිය ඉවරයි. ඒ නිසා චිත්තවේග කියන්නේ සාමාන්‍ය දෙයක් වුණත් යොවුන් වියේදී ඒ චිත්තවේගවලට ඔරොත්තු දෙන්න හැකියාව ඇතිකර ගැනීම ඉතාම වැදගත්.

ඔඛෙන් වන වැරැදි ඔබේ ජීවිතයේ පාඩමක් කියලා හිතන්න : 

අත්දැකීම් කියන්නේ ඔබ නොදන්නා ලෝකයක් විවෘත කරන කවුළුවක්. ඒ වගේම ඔබේ හැම පරාජයක්ම ජයග්‍රහණයේ මුල්ගලක්. එහෙම හිතලා තමන්ට වෙන වැරැදි පාඩමක් කරගෙන නැවැත වැරැදි නොකරන්න ශක්තිමත් වෙන්න. ඔඛෙන් වුණු වැරැද්ද ගැන හිතලා පසුතැවිලි වෙන්න එපා. ඒ වගේම ඔබ වරක් කළ වැරැද්ද නැවැත කරන්නත් එපා. වැරැදි නිවැරැදි කරගෙන නිවැරැදි දිශාවට ගමන් කරන්න ඒ මොහොතෙම සිතට ගන්න.

ඔබ ඇති කරගන්නා ගැටලු විසඳන්න කුසලතා ඇතිකරගන්න : 

යොවුන් වියේදී හුගක් දුරට වෙන්නේ ගැටලු විසඳනවා වෙනුවට ගැටලුවල ගොදුරු බවට පත්වෙන එක.ගැටලුවට විසඳුමක් නෑ කියලා හිතලා ගැටලුව තුළම හිර වෙනවා. ඒකෙන් මිදෙන්න තියෙන එකම දේ තමයි ගැටලුව කියන්නේ විසඳන්න පුළුවන් දෙයක් කියලා නිර්වචනය කරගන්න එක. එහෙම හඳුනාගෙන ඒ ගැටලුවට තිඛෙන විවිධ විසඳුම් ගැන හිත යොමු කරලා, ඒ විසඳුම්වලට යන්න තිඛෙන විවිධ උපාය මාර්ග හඳුනාගන්න. ඒ අතරින් ඔබට වඩාත්ම සුදුසු උපාය මාර්ගය තෝරගෙන කටයුතු කරන්න. සමහර අය ඉතාම හොඳින් තීරණ ගන්නවා. ඒත් ඒ තීරණය තියෙන්නේ දවසයි, දෙකයි.

වගකීම් දරන්න පුරුදු වෙන්න : 

හැම කෙනකුටම තිඛෙනවා වගවීමක්. ඒ වගේම ඔබටත් අයිතිවාසිකම් හා යුතුකම්, වගකීම් තිඛෙනවා. යුතුකම් හා වගකීම්වලින් බැහැරව අයිතිවාසිකම් භුක්ති විඳින්න බැහැ. ඒ නිසා යොවුන් වියේ ඉඳන්ම ඔබ පුරුදු වෙන්න ඕනේ. ඔබ දැනගන්න ඕනේ ඔබට අයිතීන් ලැඛෙන්නේ ඔබ වගකීම් හා යුතුකම් ගැන වග වුණොත් විතරයි කියන එක. ඔබ ඉගෙනීමට වග නොවුණොත් පස්සේ වයසට ගියාම ඔබට ඉගෙන ගන්න බැහැ. මවුපියෝ මේ කාලෙදී ඔබට විවිධ පහසුකම් සපයනවා. ඒ නිසා ඔවුන්ගෙන් ලැඛෙන රැකවරණයට ඒ පහසුකම්වලට ඔබ වගවිය යුතුයි. ඔබ හුස්ම ගන්නවා නම් ඔබට වගකීමක් තියෙනවා වායුව දූෂණය නොකරන්න.

යහපත් සන්නිවේදනයක් තබා ගන්න : 

ඔබ සක්‍රීය සවන් දෙන්නෙක් බවට පත් වෙන්න. එතෙනදි අනුන්ට වගේම ඔබ ඔබටත් සවන් දෙන්න ඕනේ. ඔබ අනුන්ට සවන් දුන්නාම අනුන්ගේ අවශ්‍යතා දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔබ ඔබට සවන් දුන්නම ඉන් ඔබ නිවැරැදිව තෝරාගත යුතු දේ මොකක්ද කියලා නිවැරැදිව දැකගන්න පුළුවන්. මෙතෙන්දි ඔබ මතක තබාගත යුතු වැදගත් දෙයක් තමයි සියලු දේ වාචිකව වෙන්නේ නෑ. බොහෝ දේ වෙන්නේ ශාරීරිකව. ඒ නිසා ඔබ ඔබේ සන්නිවේදනය දියුණුකර නොගත්තොත් ඒ අවාචික දේ ඔබට හැෙගන්නේ නැති වේවි.

සහකම්පනය වැඩි දියුණු කරගන්න : 

යොවුන් වියේ ඉන්න හැම කෙනකුටම, අනුන්ට දැනෙන දේ තමන්ටත් අනුරූප කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි සහකම්පනය විදියට හඳුන්වන්නේ. ඒ සහකම්පනය නැති වුණාම ඔබ අමානුෂික වෙනවා. ඒ නිසා සහකම්පනය කියන්නේ හොඳ මානසික ගුණයක් වගේම හොඳ හැකියාවක්. මොකද ඔබට අනෙකා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සහකම්පනය තිඛෙනවා නම් විතරයි. කලාව, සාහිත්‍ය ප්‍රගුණ කළාට, ප්‍රායෝගික වැඩවල නිරත වුණාම සහකම්පනය ඇතිකරගන්න පුළුවන්. එවිට ඔබට අනෙකාට වගේම සතුන්ටත් කරුණාව දක්වන්න පුළුවන් වෙනාව. තමන්ට වඩා හැකියාවන් අඩු අය ගැන සංවේදීව කටයුතු කරන්න.

අනුන්ට දායක වෙන්න : 

ඔබ පුළුවන් තරම් ස්වේච්ඡා සේවය ඇති කරගන්න. තමන්ගේ නිවෙසට, පාසලට තම දායකත්වය ස්වේච්ඡාවෙන් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. මේක පුරුදු නොවුණොත් වැඩිහිටි වුණාම හරි ආත්මාර්ථකාමී කුහක අය වෙනවා. කණ්ඩායම් ක්‍රියාවලට, බාලදක්‍ෂ පුහුණුවලට යොවුන් වියේ යන අය සාමාන්‍යයෙන් වැඩිහිටි වුණාම පරාර්ථකාමී අය වෙනවා. සක්‍රීය පුද්ගලයෙක් වෙනවා. ඔබේ ගැටලුවලට සෘජුව මුහුණදෙන්නත් පුළුවන් වෙනවා. ඒ නිසා යොවුන් වියේ ඔබ හුදෙක් අයාලේ යනවා වෙනුවට මේ ගැනත් සිතා බලන්න.

උපුටා ගැනීම මව්බිම