Biz Log
Classifields
Biz Log
Classifields

දරුවා අන්තර්ජාලයේ කරන්නේ මොනවාද?

දරුවා අන්තර්ජාලයේ කරන්නේ මොනවාද?

ඒ 2012 අවුරුද්ද. ඇමැන්ඩා ටොඩ් කියන නව යොවුන් වියේ පසුවන පාසල් සිසුවිය ජීවිතය නැතිකර ගැනීම මුළු ලෝකයම සසල වන සිදුවීමක් වුණා. පාසලේ 10 වැනි ශ්‍රේණිය් ඉගෙන ගනිමින් සිටි ඇය සිය ජීවිතය නැති කර ගැනීමට පාදක වන්නේ අන්තර්ජාලය ඔස්සේ හමුවූ පෙම්වතකු නිසා සිදුවූ කරදරකාරී තත්ත්වයක්. ඇය රවටා ඇගේ උඩුකයෙහි නිරුවත් පින්තූරයක් ලබාගන්නා ඔහු ඉන්පසුව එම පින්තූරය දඩමීමා කරගනිමින් ඇය මානසිකව පීඩනයකට ලක්කරන්නේ ඒ පින්තූරය සමාජ වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාලයට මුදාහැරීමෙන්. කොහොම වුණත් අවසානයේදී සිදුවන්නේ ඇමැන්ඩා සිය වේදනාව මුසු ආත්ම කථනය වීඩියෝවක් විදියට, සිය ජීවිතය අවුල් කළ අන්තර්ජාලයටම මුදා හැර පැය 4කින් පසු ජීවිතය නැති කරගැනීමයි. මේ 2014 අවුරුද්ද, කුරුණෑගල ප්‍රදේශයේ පාසල් සිසුවියක් ෆෙස්බුක් සමාජ වෙබ් අඩවියට කිසියම් කෙනකු ඇතුළත් කළ පින්තූරයක් සම්බන්ධ ගැටලුවක් මුල් කරගෙන ජීවිතය නැති කරගැනීම අපි සියලුදෙනා වේදනාවට පත් කළා. ජීවිතය නැති කරගන්නා විට ඇය සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටි පාසලේ දීප්තිමත් ශිෂ්‍යාවක්. මේ සිදුවීම්වලින් මම මුලින් සඳහන් කළ පළමු සිදුවීමෙන් පස්සේ කැනඩාව ප්‍රමුඛ ජාත්‍යන්තර සමාජයේ මෙවැනි සිදුවීම්වලින් දරුවන් පරෙස්සම් කරගන්නා ආකාරය පිළිබඳ දැඩි කතාබහක් ඇති වුණා. මෙවැනි අපහසුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් අරමුදලක් පවා ඇති කරන්න තරම් කැනේඩියානු සමාජයට මේ සිදුවීම සංවේදී වෙලා තිබුණා. නමුත් දෙවනුව සඳහන් කළ සිදුවීමෙන් අනතුරුව ලාංකේය සමාජයේ ඇතැම් උදවිය ඊට ප්‍රතිචාර දැක්වූ ආකාරය වෙනස් ස්වරූපයක් ගත්තා. ඇතැම් වැඩිහිටියන්ගේ ආකල්පය වුණේ ෆෙස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවි වගේම අන්තර්ජාලයත් දරුවන් ඇතුළු සමාජයට විනාශයක් කරමින් සිටිනා බවයි. වැඩිහිටියො හැටියට මෙන්න මෙතැන තමයි අපිට වැරදෙන තැන. ලෝකය එකම ගම්මානයක් වෙලා තියෙන මේ වෙලාවෙ අන්තර්ජාලයෙන් සමාජ වෙබ් අඩවිවලින් ඈත් වෙලා හුදකලා වෙන්න අපට පුළුවන්ද?

අද වෙනකොට ලෝකයේ ප්‍රබලතම මාධ්‍යයක් හැටියට පිළිගන්න අන්තර්ජාලය විශ්වකෝෂයක් කිව්වොත් නිවැරැදියි. ලංකාවේ වැඩිම දෙනෙක් නරඹන වෙබ් අඩවි ගැන පුංචි සෝදිසියක් කළොත් එහෙම ඇයි අපිට අන්තර්ජාලය වැදගත් වෙන්නේ කියලා හිතා ගත්ත හැකිය. තොරතුරු සහ ප්‍රවෘත්ති ලබාගන්න, විනෝද සහ ක්‍රීඩා වගේම විවිධ දේ බාගත කරගන්න වගේ අවශ්‍යතා රැසක් වෙනුවෙන් තමයි අන්තර්ජාලයට අපි පිවිසෙන්නේ. මෙතැනදී තොරතුරු සෙවීම කියන අවශ්‍යතාව ලොකු කුඩා භේදයකින් තොරව හැම දෙනාම අන්තර්ජාලය සමීප හිතවතෙක් කරගන්න ප්‍රධාන කරුණක්. දරුවන් අන්තර්ජාලයට යොමුවෙලා කරන්නේ කියන්නේ මොනවද ගනුදෙනු කරන්නේ කාත් එක්කද කියලා මවුපියෝ වැඩිහිටියො හැටියට අපි සැලකිලිමත් වීම අනිවාර්යයි. මේකට විසඳුම හැටියට බොහෝ දෙනා කියන පරිගණකය දරුවාගේ කාමරෙන් සාලයට ගේන එක එතරම් සාර්ථක ප්‍රතිඵලයක් නෙවෙයි. මොකද ඔබ ගෙදර නැති වෙලාවට දරුවො කරන කියන දේවල් මොනවද කියලා දන්නේ නැහැනේ. අන්න ඒ නිසා පරිගණකයෙන් අන්තර්ජාලයට පිවිසෙන දරුවා යන්නේ මොන මොන පාරවල්වලද කියලා හරියටම තොරතුරු දැනගන්න හැකි වගේම දරුවාට අවශ්‍ය තොරතුරු විතරක් ලැඛෙන විදියේ සේවාවක් ගැන ඔබට හිතන්නම වෙනවා. මෙහෙම හිතන මවුපියන් වෙනුවෙන් තමයි නෙට් නැනී කියන සේවාව ලෝකයේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔබේ ගෙදර තියෙන අන්තර්ජාල සේවයෙන් නෙට් නැනී තියෙනවා නම් ඔබේ දරුවන් සුරක්‍ෂිතව අන්තර්ජාලයේ සැරිසරන බවට තහවුරු කරගන්න පුළුවන්. ඒ මොකද කියනවා නම් දරුවන් අන්තර්ජාලය හරහා හොයන්න උත්සාහ කරන වැරැදි වචන පාලනය කිරීම, දරුවන්ට නුසුදුසු වෙබ් අඩවි භාවිතය අත්හිටුවීම නෙට් නැනීට පහසුවෙන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි නෙට් නැනී හරහා අන්තර්ජාලය සක්‍රිය කරගෙන පිවිසෙන වෙබ් අඩවි ගැන තොරතුරු ඊමේල් පණිවුඩයකින් ඔබට ලැඛෙනවා. ඒ නිසා ඔබ කාර්යාලයේ හිටියත් දරුවා පරිගණකය එක්ක කරන්නේ කියන්නේ මොනවද කියලා ඔබට පහසුවෙන් දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. හිතන්න ඔබ දරුවට අන්තර්ජාලයට පිවිසෙන්න අවසර දීලා තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකම් කාලයේ කියලා. නෙට් නැනී ඔබේ ඒ නියෝගය අකුරටම පිළිපදින්න වග බලා ගන්නවා එහෙමත් නැත්නම් ඔබට ඉන්නේ වයස් පරතර වෙනස්, අවුරුදු 6 සහ අවුරුදු 16 දරුවන් දෙන්නෙක් කියමු. මේ දෙන්නට අන්තර්ජාලයේ තියෙන අවශ්‍යතාවන් වෙනස්, අන්න ඒ වගේ වෙලාවකට වුණත් ඒ ඒ අයට වෙනම පිවිසුම් ‍දොරටු හදලා ඒ ඒ දරුවන්වට අවශ්‍ය පරිදි අන්තර්ජාල පහසුකම් පාලනය කරන්න ඔබට පුළුවන්, කොටින්ම කිව්වොත් නෙට් නැනී කියන්නේ ඔබ දරුවත් එක්ක ඉඳගෙන අන්තර්ජලයේ සැරි සරනවා වගේ තමයි.  

උපුටා ගැනීම මව්බිම