Biz Log
Classifields
Biz Log
Classifields

තැන් තැන්වල දමන ලිපි, බිල්පත් නිවැරැදිව අසුරන්නේ මෙහෙමයි

ඔබට අත්‍යවශ්‍ය ලිපි ලේඛන නිසි පරිදි ගබඩා නොකිරීම නිසා ඔබ අපහසුතාවට පත් වූ අවස්ථාවන් ඕනෑ තරම් ඇති. ඔබට වැදගත් වන ලිපි ලේඛන නිසි පිළිවෙළින් ආරක්‍ෂිතව ගබඩා නොකිරීම හේතුවෙන් සිදු වන්නේ එම ලිපි ලේඛන විනාශයට පත් වීම සහ ඔබගේ වටිනා කාලය අපතේ යෑමයි. අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය ගබඩා කිරීම නිසි පරිදි සැලසුම් කරන්නේ නම් එම ලිපි ද්‍රව්‍ය ආරක්‍ෂිතව තබා ගත හැකි වෙනවා මෙන්ම අවශ්‍ය වේලාවන්හිදී පහසුවෙන් සොයා ගැනීමටද පහසු වෙනවා. 

ලිපි ලේඛන තබා ගැනීමේදී ඔබට වැදගත් සහ අනාගතයේදී ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔබට සිතෙන ලිපි ලේඛන කවරේද යන්න තෝරා බේරා ගැනීමට ඔබට හැකියාව තිබිය යුතුයි. අනවශ්‍ය ලෙස ලිපි ගොඩගසා ගැනීමෙන් සිදු වන්නේ ඔබේ නිවෙසේ ඉඩ ඇහිරී යෑම සහ මීයන්, කැරපොත්තන්, කුහඹුවන් වැනි සතුන් බෝ  වීම පමණයි.

දරුවන්ගේ ලිපි ලේඛන, විදුලි බිල්, මාසික ආදායම් වාර්තා, නෛතික ලේඛන, රථ වාහන වාර්තා, ව්‍යාපාරික ලිපි, බදු වාර්තා, රක්‍ෂණ වාර්තා, මූල්‍යමය ලේඛන, නිවෙස සම්බන්ධ ලේඛන, වෛද්‍ය වාර්තා ආදී ඉතා වැදගත් ලිපි ලේඛන මේවාට ඇතුළත් විය යුතුයි. ලිපි ලේඛන නිසි පරිදි තබාගත හැකි ක්‍රම කිහිපයක් පිළිබඳව අප දැන් බලමු.

Color code system

ඔබගේ ලිපි ගොනු ඒ ඒ කාණ්ඩයන්ට වෙන් කොට විවිධ වර්ණයන්ගෙන් යුත් ෆයිල් කවරවලට බහා තැබීමට ඔබට හැකියාව තිබෙනවා. අදාළ ෆයිල් කවරවලට ලිපි ලේඛනවලට අදාළ ලේබලයක් ඇලවීමෙන් පහසුවෙන් ඒවා සොයා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

උදාහරණ 

  • රතු - වෛද්‍ය ලිපි ලේඛන
  • කොළ - මූල්‍යමය ලියකියවිලි
  • තැඹිලි - පෞද්ගලික ලේඛන
  • නිල් - නිවාස සම්බන්ධ ලිපි
  • කහ - රක්‍ෂණ වර්තා 

ආරක්‍ෂිත ස්ථාන භාවිතය

ගිනි ගැනීම්, ගංවතුර, සොර සතුරු උවදුරු වැනි අවස්ථාවන්ගෙන් ඔබගේ ලිපි ගොනුවලට හානි වීමට ඉඩ තිබෙනවා. අත්‍යවශ්‍ය ලිපි යකඩ අල්මාරිවලට දැමීම, ලිපි ගොනු ජලය කාන්දු නොවන පොලිතීන් කවරවල බහා ආරක්‍ෂිතව තැබීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයන් භාවිත කිරීම ඔබ කළ හැකිය.

Binders  භාවිතය

Binders භාවිතයද ලිපි ගොනු පිළිවෙළින් තබා ගැනීමට ඉතා හොඳ ක්‍රමවේදයක්. ලිපි ලේඛන අදාළ කාණ්ඩයන්වලට වෙන් කොට Binders වලට පිටතින් කාණ්ඩයේ නම ලේබලයක් ගසා අලවා භාවිත කළ හැකියි. 

අපතේ දමන භාණ්ඩවලින් ලිපි ලේඛන රාක්ක සැකසීම

ඔබ අපතේ දමන ලී ගෘහ භාණ්ඩ කැබලි, ප්ලාස්ටික්, ලී, ඝන බෝර්ඩ් වැනි දේ උපයෝගි කර ගනිමින් ලිපි ලේඛන ගබඩා කිරීමට රාක්ක සකසා ගැනීමට ඔබ හැකියි. ඉඩකඩ අනුව නිවෙසක් නම් බිත්තියේ එල්ලන රාක්කයක් සාදා ඉඩකඩ ප්‍රමාණවත් වන ලෙස සකසාගෙන එහි ලිපි ලේඛන ගබඩා කිරීමට හැකියාව තිබෙනවා.

ඔබගේ අත්‍යවශ්‍ය කරන ලිපි ලේඛන එක් එක් ස්ථානවල නොතබා කාමරයක හෝ තෝරා ගත් එක් ස්ථානයක සියල්ල පිළිවෙළින් ගබඩා කළ යුතුයි. එසේම ඔබ භාවිතයට ගත් පසු එම ලිපි ලේඛන නැවත තිබූ ආකාරයට එම ස්ථානයේම තැබීමටත් ඔබ මතක තබා ගත යුතුයි.

උපුටා ගැනීම මව්බිම

Share This Article

විසම හැඩයේ ඉඩමකට ගැළපෙනන නිවසක්

නිවසක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඒ සඳහා තිබෙන ඉඩම චතුරස්‍ර ඉඩමක් නොවෙන්න පිළිවන්. ඉඩමක් මිලදී ගනිද්දී වුණත් ටිකක් විශේෂ හැඩ සහිත...

අඩු වියදමින් හදන හැඩ වැඩි ගේ පොඩ්ඩක්

අර්ධ නාගරික හෝ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවන්න හිතන සහ තරමක් ඉඩකඩ සහිත ඉඩමකුත් හිමි බොහෝ පිරිසකගේ නිවාස අවශ්‍යතාව වෙන්නේ අඩුම වියදමකින්...

පුංචි ඉඩමකට තනි මහලේ සොඳුරු නිවෙසක්

අපි හැමදාම කතා කරනවා වගේම නිවෙසක් හදන්න ලැබෙන ඉඩකඩ තමන්ගේ අවශ්‍යතාවලට අනුව නිවැරැදිව භාවිත නොකළහොත් වෙන්නේ පාඩුවක්. ඒ වගේම ජීවිත කාලයම...

පුංචි ඉඩකට ගැළපෙන අලුත් තාලේ ගෙයක්

නිවෙසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙන හැම කෙනකුටම ඒ සඳහා තමන්ටම අනන්‍ය කාරණා බොහොමයක් තිබෙනවා. ඒ අතරේ නිස්කලංක, ඉඩම හැකි තරම් ඉතිරි...

කුඩා ඉඩමට ගැළපෙන අලුත් තාලේ Box Type ගෙදර

බොහෝ අය කැමැතියි නාගරික ජීවන රටාවන්වලට ගැළපෙන කුඩා නමුත් සියලු අවශ්‍යතා සපුරන නිවෙසකට. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි නවීන පන්නයේ...

කුඩා ඉඩමට ගැළපෙන සොඳුරු නිවෙස

ඉතා කුඩා නාගරික ඉඩම්වලට ගැළපෙන විවිධ වර්ගයේ නිවාස බොහොමයක් ගැන අප කතා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් වෙනස්...