Biz Log
Classifields
Biz Log
Classifields

ඉඩ අඩු ගෙදර ඉඩ වැඩි කොට පෙන්වන Tips

කුඩා ඉඩමක් භාවිත කර අලංකාරවත් ලෙස කුඩා නිවෙස් ඉදිකිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. නමුත් කුඩා නිවෙසක් තුළ බඩු භාණ්ඩ සහ අනෙකුත් ගෘහ උපකරණ තැබීමත් සමඟ ඉඩකඩ ඇහිරී යෑම නිසා ආකර්ෂණීය භාවයක් නොමැති වීමට ඉඩ තිබෙනවා. නමුත් ඔබ භාවිත කරන වර්ණ, ආලෝකය වැනි දෑ මඟින් නිවෙසේ ඉඩකඩ පුළුල් කර පෙන්වීමට හැකියාව තිබෙනවා. නිවෙසේ ඉඩකඩ පුළුල් කිරීම පිළිබඳව ඔබ නිවෙස ඉදිකිරීමට පෙර සිටම සැලැසුම් කිරීමයි වඩාත් යෝග්‍ය වන්නේ. නිවෙසේ ඉඩකඩ පුළුල් කොට දක්වන උපක්‍රමයන් කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.

අඳුරු වර්ණයන්ට නිවෙස අලංකාරවත් කර දැක්වීමට හැකියාව තිබෙනවා. නමුත් නිවෙස අභ්‍යන්තරයට අඳුරු වර්ණයන් භාවිත කිරීමෙන් සිදුවන්නේ නිවෙසේ ඉඩ ඇහිරී යෑමයි. නිවෙසේ බිත්ති මතට සුදු, ඛ්පඥචථ වර්ණ සහ ර්ථීචතඥ වර්ණ භාවිත කිරීමෙන් නිවෙසේ ඉඩකඩ විශාල කොට දැක්වීමට හැකියාව තිබෙනවා. 

නිවෙසේ ඉඩකඩ විශාල කොට දැක්වීම උදෙසා නිවෙසේ ප්‍රධාන බිත්තියකට අලංකාරවත් කණ්ණාඩි සවි කිරීමද ඔබට කළ හැකියි. එමඟින් නිවෙසේ ඉඩකඩ වැඩි වී දිස් වෙනවා.

ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේදී වඩා අඳුරු ගෘහ භාණ්ඩ තෝරා ගැනීම වෙනුවට තරමක් ළා වර්ණයේ ගෘහ භාණ්ඩ තෝරා ගැනීමෙන්ද නිවෙසේ ඉඩකඩ තරමක් විශාල වී පෙනෙනවා. සුදු බිත්තියක් ආශ්‍රිතව ඉතා අඳුරු ගෘහ භාණ්ඩ භාවිත වෙනවා වෙනුවට අළු,Cream  වර්ණය ඇතුළු ළා වර්ණයන් භාවිත කිරීම ඉතා යෝග්‍යයි. 

කාමරයේ ඉඩකඩ පුළුල් කිරීම සඳහා බිත්තිය මත තරමක් දිගුව විහිදෙන චිත්‍රයක් ඇඳ එය අලංකාරවත් ලෙස  දිස්වන පරිදි  Picture Light  එකක් යොදා ගැනීමටද හැකියාව තිබෙනවා.

නිවෙසට යොදන කාපට් ළා වර්ණවලින් තෝරාගැනීමද ඔබට කළ හැකියි.

නිවෙසේ ජනෙල් යොදන ස්ථාන සහ යොදන ආකාරයෙන්ද ඉඩකඩ වැඩි කොට දැක්වීමට හැකියි. ජනේලය විවෘත කළ විට තරමක් හිස් වටපිටාවක් පෙනෙන විටද ජනෙල් විවෘත කර තිබෙන විට නිවෙසට ඇතුළු වූ විට බැලූ බැල්මට නිවෙසේ ඉඩකඩ පුළුල් වී දිස් වෙනවා.

නිවෙසේ සිවිලිම ළා වර්ණවලින් යෙදීමද ඉතා හොඳ උපක්‍රමයක් ලෙස දැක්විය හැකියි.

බිත්තිවල උස වැඩි කර දැක්වීමට තිරස් අතට ඉරි යෙදු තිර රෙදි භාවිත කිරීමට හැකියාව තිබෙනවා. එසේම ජනෙල් උදෙසාද තරමක් දිගු ළා වර්ණවලින් නිර්මාණය කළ තිර රෙදි යෙදිය හැකියි.

නිවෙසට ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේදී නිවෙසේ ඉඩකඩ ඉතිරි කරගත හැකි පරිදි ගෘහ භාණ්ඩ තෝරා ගත හැකි සේම අකුළා ඉවත් කරගත හැකි ගෘහ භාණ්ඩද වෙළෙඳපොළේ මිලදී ගැනීමට තිබෙනවා. 

මුළුතැන්ගෙය වඩාත් විශාල කර දැක්වීම සඳහාද සිවිලිම, බිත්තියේ වර්ණ. ර්ථීචදබපර ඛ්භනඡධචපඤ ආදිය සුදු වර්ණයෙන් යොදන්න.

උපුටා ගැනීම මව්බිම

Share This Article

පුංචි ඉඩමකට විසල් පෙනුමැති නිවෙසක්

ඉඩම කුඩා වුණත් පෙනුමැති නිවෙසක් හදන බලාපොරොත්තුව බොහෝ දෙනකුට තිබෙනවා. එහෙත් තැබිය යුතු සීමාවන් ඉතිරි කර නිවෙසක් සාදන විට ඉඩකඩ සහිත විසල්...

විසිත්ත කාමරය ඔබ ගැන හෙළි කරන කැඩපතකි

ගෘහයක අභ්‍යන්තර නිර්මාණය ගැන කතා කිරීමේදී නිවසේ ඉතාම වැදගත් අංගයක් වන විසිත්ත කාමරය (Living Room) අපට අමතක කළ නොහැකිය. අමුත්තකු නිවසට...

කුඩා ඉඩමට ගැළපෙන සොඳුරු නිවෙස

ඉතා කුඩා නාගරික ඉඩම්වලට ගැළපෙන විවිධ වර්ගයේ නිවාස බොහොමයක් ගැන අප කතා කළා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තරමක් වෙනස්...

පුංචි ඉඩකට ගැළපෙන අලුත් තාලේ ගෙයක්

නිවෙසක් ඉදිකරන්න බලාපොරොත්තුවක් හිතේ තියෙන හැම කෙනකුටම ඒ සඳහා තමන්ටම අනන්‍ය කාරණා බොහොමයක් තිබෙනවා. ඒ අතරේ නිස්කලංක, ඉඩම හැකි තරම් ඉතිරි...

අලුතින් ගත්ත ඉඩමේ පරණ ගොඩනැඟිල්ලක් තියෙනවාද? එහෙනම් මෙන්න විසඳුම

පවතින ඉඩමේ අලුතින් නිවෙසක් හදන්න හිතුවත් ඉඩමේ කුඩා කොටසක් නිසි සැලසුමකින් තොරව හදලා තියෙන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවල ඉඩමක් මිලදී ගනිද්දීත්...

පැරණි තාලෙට ඉදිවුණු අලුත් කාලේ ගෙදර

අලුතෙන් නිවෙසක් තනන්න බලාපොරොත්තු වන හැම කෙනකුටම තමාටම අනන්‍ය වූ ආශාවන් බොහොමයක් තිබෙනවා. ඒ එක් එක් පුද්ගලයාගේ සිතැඟි ඉටු කර නොගත්තොත්...