Biz Log
Classifields
Biz Log
Classifields

පර්චස් 13ක ඉඩමට ගැළපෙන නවීන පන්නයේ සුවපහසු තනි මහලේ නිවෙස

නාගරික ඉතා කුඩා ඉඩම්වලට ගැළපෙන විවිධ පන්නයේ නිවාස බොහොමයක් ගැන කතා කළ අපි අද කතා කරන්න හිතුවේ තරමක ඉඩකඩ ඇති, අන්ධ බිත්ති නොමැති තනි මහලේ සුවපහසු නිවෙසක් ගැනයි. වර්තමානයේ වැඩි පිරිසක් කැමැතියි ස්වාභාවික හිරු එළිය හා වාතාශ්‍රය ලැබෙන නිවෙසක දිවි ගෙවන්න. ඉතින් මේ නිවෙසත් එවැනි සාමාන්‍ය වහලයකින් ආවරණය වූ අංගසම්පූර්ණ නිවෙසකි. 

නිවෙසේ ආලින්දය වටා දිවෙන වහලයකින් ආවරණය වුණු වැරන්ඩාවකින්  (Verandah)  අලංකාර වන නිවෙසේ වම්පසට වන්නට වාහන නැවතුම් (car port)  නිවෙසටම යාබදව සැලසුම් කර තිබෙනවා. එකම වහලයකින් ඒ දෙකටම සෙවණ සැලසෙනවා.

ප්‍රධාන ‍ෙදාරෙන් ඇතුළුවන්නේ ප්‍රවේශ ශාලාවකටයි. ප්‍රධාන ආලින්දය පිහිටුවා තිබෙන්නේ ඊට පිටුපසින්. එමඟින් සාලයේ ඉඩකඩ වැඩි වනවා පමණක් නොව අමුත්තන් මුණගැසීමේ පහසුවත් සලසනවා.

පිටතින් හා ඇතුළතින් ඇතුළු විය හැකි කාමරය කාර්යාල කාමරයක් ලෙස භාවිත කළ හැකියි. සාලය හා කෑම කාමරය අතර හැඩ කළ විශේෂිත බිත්තියකින් ලබාදෙන අලංකාරය හරිම ආකර්ෂණීයයි. කෑම කාමරයෙන් වම්පසට මුළුතැන්ගෙය යාබදවම සැලසුම් කර තිබෙනවා. සැලකිය යුතු ඉඩක් සහිත නිසාත් මුළුතැන්ගෙය ජනේල හරහා ඉදිරි ගෙවත්ත දර්ශනය වීමත් නිසා ගෘහණියට එහි සිට පහසුවෙන් නිවෙසේ කටයුතු හැඩගස්වා ගැනීමට හැකිවනවා. පිටුපස ගෙවත්ත සඳහා පිවිසීමට ‍ෙදාරක් සහ වැරන්ඩාවක් තිබෙනවා.

කෑම කාමරයෙන් දකුණුපස පළමු නිදන කාමරය ස්ථානගත කර තිබෙන අතර ප්‍රධාන නිදන කාමරය හා තවත් නිදන කාමරයක් ඉන් පසුපස සැලසුම් කර තිබෙනවා. මේ නිවසේ කාමර සංවිධානාත්මක කර ඇති අපූරුව නිසා ප්‍රධාන නිවැසියාටත් අනෙත් නිවැසියන්ටත් ඉතා පහසුවෙන් නාන කාමරය පොදු අවකාශයන්ට විවර නොවී භාවිත කළ හැකියි.

අද අපි කතා කළ මේ නිවෙස පර්චස් 13ක පමණ ඉඩමකට ගැළපෙන වර්ග අඩි 1300ක් පමණ වූ නිවෙසක්. මේ නිවෙස තනා නිම කරන්නට වැය වෙන මුදල රු.මි. 4.2ක් පමණ වේවි. විශාල මුදලක් යටකර මහල් නිවෙසක් හදන්න ජීවිතේ වැඩි කාලයක් ණය ගෙවනවාට වඩා සැලකිය යුතු  ඉඩක් තිබෙනවානම් මෙවැනි තනිමහලේ අංගසම්පූර්ණ නිවෙසක් හදන්න හිතුවොත් සැලසෙන වාසි එමටයි.

උපුටා ගැනීම මව්බිම

Share This Article

විසිත්ත කාමරය ඔබ ගැන හෙළි කරන කැඩපතකි

ගෘහයක අභ්‍යන්තර නිර්මාණය ගැන කතා කිරීමේදී නිවසේ ඉතාම වැදගත් අංගයක් වන විසිත්ත කාමරය (Living Room) අපට අමතක කළ නොහැකිය. අමුත්තකු නිවසට...

තැන් තැන්වල දමන ලිපි, බිල්පත් නිවැරැදිව අසුරන්නේ මෙහෙමයි

ඔබට අත්‍යවශ්‍ය ලිපි ලේඛන නිසි පරිදි ගබඩා නොකිරීම නිසා ඔබ අපහසුතාවට පත් වූ අවස්ථාවන් ඕනෑ තරම් ඇති. ඔබට වැදගත් වන ලිපි...

ඔබේ නිවසටත් පුංචි දිය ඇල්ලක්

ඔබේ නිවස ඇතුළත සිහින් සරින් දිය ගලා හැලෙන සුන්දර දිය ඇල්ලක් නිර්මාණය කර ගන්න ඇත්නම් කොයිතරම් අපූරුද? වර්තමානයේ බොහෝ නිවෙස් වල...

අඩු වියදමින් හදන හැඩ වැඩි ගේ පොඩ්ඩක්

අර්ධ නාගරික හෝ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවන්න හිතන සහ තරමක් ඉඩකඩ සහිත ඉඩමකුත් හිමි බොහෝ පිරිසකගේ නිවාස අවශ්‍යතාව වෙන්නේ අඩුම වියදමකින්...

කුඩා ඉඩමකට ගැළපෙන හුරුබුහුටි ගේ පොඩ්ඩක්

නාගරික  පරිසරයක නිවෙසක් තනන බොහෝ අය මුහුණ දෙන ලොකුම ගැටලුව වෙන්නේ තම සිතැඟි අවශ්‍යතා සපිරෙන නිවෙසක් තනන්නට තරම් ඉඩම ප්‍රමාණවත් නොවීමයි....

අඩු වියදමින් නිවස ආලෝකමත් කරමු

අලංකාරය ඉස්මතුවන අන්දමට, අඩු වියදමකින් නිවස ආලෝකවත් කර ගැනීම බොහෝ දෙනෙකුට ගැටලුවකි. විදුලිය අඩුවෙන් පරිභෝජනය කෙරෙන විදුලි පහන් නිවැරදිව තෝරා නොගැනීම...