Biz Log
Classifields
Biz Log
Classifields

දේපල විකිණීම, අන්සතු දේපල විකිණීම වැනි හිමිකම් පිළිබඳව පසූකාලීන ගැටළු - හිමිකම් පරීක්ෂාව

වර්තමාන සමාජයේ ව්‍යාජ ඔප්පූ මගින් දේපල විකිණීම අයිතිය පිළිබඳව යම් යම් බැඳීම් පිළිබඳව සඟවා දේපල විකිණීම, අන්සතු දේපල විකිණීම වැනි හිමිකම් පිළිබඳව පසූකාලීන ගැටළු උද්ගත වන ආකාරයේ දේපල පැවරීම් සූලබ ලෙස සිදු වේ. එවැනි අවස්ථාවන්හිදී සද්භාවි ගැනූම්කරුවකු වශයෙන් අධිකරණය හමූවට ගොස් සහන අයදීමේ හැකියාව ගැනූම්කරුවෙකු සතු වූවත් තමා අයත් කරගන්නා දේපලක් නිරවූල් ලෙස හිමිකර ගැනීම වැදගත් වන බැවින් දේපලක් මිලට ගැනීමේදී හෝ පවරා ගැනීමකදී හෝ වෙනයම් සතු කර ගැනීමකදී අදාල දේපලෙහි අයිතිය පිළිබඳව විමසීමක් සිදුකර සෑහීමකට පත්වීම ප්‍රයෝජනවත් වේ. 


නොතාරිස්වරයෙකු විිසින් ඔප්පූ හෝ ලේඛන ලියා සකස් කිරීමටපෙර හිමිකම් පරීක්ෂා කිරීම කළ යූතු බව නොතාරිස් ආඥා පනතේ 31 වගන්තිය පරීක්ෂා කරයි. නමූත් අදාල පාර්ශවයන් හෝ ගනූදෙනූකරුවන් විසින් එසේ ලේඛන පරීක්ෂා කිරීමෙන් හිමිකම් පරික්ෂාව සිදු කිරීම අනවශ්‍ය බව ප්‍රකාශ කරන විට ඒ බවට එනම් ලේඛන පරීක්ෂා කිරීමෙන් තොර බවට අදාල ඔප්පූවේ හා ලේඛනයේ මූහූණතෙහි සඳහන් කිරීමෙන් අදාල නොතාරිස්වරයා සිය වගකීමෙන් නිදහස් විය හැක. කෙසේ වෙතත් හිමිකම් පරීක්ෂාවකින් යම් කිසි දේපලක් පිළිබඳව පැවරුම්කරුට පැහැදිලි හොඳ නිරවූල් අයිතියක් පවතීද යන්නත් ඔහූට පැරවී ඇති අයිතිය ක්‍රමානූකූලව නිරවූල් ලෙස පැරවී තිබේද යන්නත් එකී දේපල පිළිබඳව පවත්නා වෙනයම් නීතිමය බැඳීම් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි වීමක් නිසා වඩා සූදුසූවන්නේ හිමිකම් පරීක්ෂාවක් පලපූරුදු නොතාරිස්වරයෙකු ලවා සිදු කරවාගත දේපල ගනූදෙනූව සිදු කිරීමයි.


හිමිකම් පරීක්ෂාවක් සිදුකිරීමේදී ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්ය ඇති පොත් පත් පරීක්ෂා කිරීම සාමාන්‍යයෙන් සිදු වේ. මෙහිදී අදාළ පූද්ගලයාට ඔහූගේ නීතිඥවරයාට නොතාරිස්වරයාට හෝ යම් බලයලත් පූද්ගලයෙතුට පරීක්ෂා කිරීඹ සිදු කළ හැකි අතර සහතික පිටපතක්ද ලබා ගැනීමේ හැකියාව පවතී. මෙහිදී හිමිකම් පරීක්ෂා කිරීමේදී අවසාන අයිතිකරුට ඇති අයිතිය නිරවූල් ස්වරූපයෙන් පවතිද යන්න සලකා බැලේ. මෙහිදී සාමාන්‍යයෙන් දේපලක නිරවූල් අයිතිය අඩූම වශයෙන් වසර තිහක් දක්වා පරීක්ෂා කිරීම සිදු වේ. මෙසේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලේඛන පරීක්ෂා කිරීමේදී එකී දේපලට අදාළ පත්ඉරු සියල්ල පරීක්ෂා කර බැලීමෙන් පසූව පමණක් අදාළ දේපලේ හිමිකම පිළිබඳව පැහැදිලි නිගමනයකට එලඹීම සිදු වේ.


කිසියම් දේපලක් නිදහස් නොකරන ලද උකසකට, බද්දකට යටත් කර තිබේ නම් එම තත්ත්වය පත් ඉරු පරීක්ෂා කිරීමෙන් සොයාගත හැකිවේ. එබඳු විටක ලැබූම්කාර පාර්ශවයට අයිතිය හිමිවීමේදී ඇතිවිය හැකි බාධාවන් පිළිබඳව නිගමනයකට එළඹිය හැකි වේ. එසේම හවූල් අයිතියක් තුළින් පවරන දේපලක් නම එසේ නොබෙඳු අයිතිය පිළිබඳව ඇති හිමිකම පිළිබඳ ප්‍රමාණවත් දෑනීමක් ලබා ගැනීමට හිමිකම් පරීක්ෂාවක් තුළින් පූළුවන.


ඇතැම් විට පූර්වතා දෑන්වීම්, කේවියම් තහනම්, ලිස්පෙන්ඩන් වැනි බැඳීමක් යම් දේපලකට ඇතිවීම ලබන්නට ලැබෙන අයිතිය පිළිබඳව සංකීර්ණතා මතු විය හැක. එබඳු දෑන්වීම් ලියාපදිංචි ඇති අවස්ථාවකදී ඒ පිළිබඳව නොදෑන මිලදී ගන්නකුට හෝ පවරගන්නෙකුට පසූකාලීනව උද්ගත විය හැකි දුෂ්කරතාවන්ගෙන් මිදීම සඳහා සිය නොතාරිස්වරයා විසින් හෝ ඒ පිළිබඳව දෑනූමක් ඇත්තකු විසින් හෝ නැතහොත් තමාම විසින් පත්ඉරු පරීක්ෂා කර බලා කිසියම් නීතිමය බැඳීමකට අදාල දේපල යටත් කර තිබේද යන්න පිළිබඳව සෑහීමකට පත්වීම උචිත වේ.


තමා මිලදී ගැනීමට පවරා ගැනිමට බලාපොරොත්තු වන දේපල කිසියම් උකසකට යටත්ව තිබිනි නම් එකී උකස නිදහස්කිරීමේ කාලය තුළදී නිදහස් කර තිබේද යන්නත් අදාල දේපල යම් බද්දකට යටත්ව තිබිණි නම් බදුකාලය අවසන්ව තිබේද යන්නත් ලේඛන පරීක්ෂා කිරීම තුළින් අවබෝධ කර ගත හැක. කෙසේ වෙතත් ඇතැම් දේපල පැවරී ඇති ආකාරය පරීක්ෂා කරන විට දේපල පිළිබඳ මනා නිරවූල් බවක් අවබෝධ කරගත හැකි වේ. බෙදුම් නඩූවක අවසාන තීන්දු ප්‍රකාශයක් යටතේ ලැබෙන හිමිකම් සම්පූර්ණ නිරවූල් හිමිකමක් වේ. එසෙම් ජාතික නිවාස කොමසාරිස්වරයා විිසින් සිදු කරන ප්‍රදානයන් රජයේ ඉඩම් ප්‍රදානයන් මූඩූබිම් ආඥාපනත යටතේ නිකුත් කරනූ ලබන අවසාන නියෝගයක් මත පදනම්ව හිමිවන දේපලවල හිමිකම සම්පූර්ණයෙන් නිරවූල් සහගත බැවින් ගැනූම්කරුට නිරවූල් අයිතියක් හිමි කරගත හැකිවනූ ඇත.


නීතිඥ හා නෙතාරිස්සූ ජානි ප්‍රියංගිකා ලියනගේ

Share This Article

පර්චස් 13ක ඉඩමට ගැළපෙන නවීන පන්නයේ සුවපහසු තනි මහලේ නිවෙස

නාගරික ඉතා කුඩා ඉඩම්වලට ගැළපෙන විවිධ පන්නයේ නිවාස බොහොමයක් ගැන කතා කළ අපි අද කතා කරන්න හිතුවේ තරමක ඉඩකඩ ඇති, අන්ධ...

පුංචි ඉඩමකට තනි මහලේ සොඳුරු නිවෙසක්

අපි හැමදාම කතා කරනවා වගේම නිවෙසක් හදන්න ලැබෙන ඉඩකඩ තමන්ගේ අවශ්‍යතාවලට අනුව නිවැරැදිව භාවිත නොකළහොත් වෙන්නේ පාඩුවක්. ඒ වගේම ජීවිත කාලයම...

සුඛෝපභෝගී නිවහනක සිහිනය සැබෑ කරවන නිවාස සැලසුමක්

ගොඩක් වෙලාවට අපි මේ ලිපි පෙළින් කතා කරන්නේ අඩු වියදම් කුඩා නිවාස ගැන වගේම කුඩා ඉඩම්වලට ගැළපෙන නිවාස ගැන. ඒ නිසා...

කිචන් එකට ගියාම මූඩ්එක වෙනස් වෙනවද?

නිවසකට ඇතුඵ වූ පසුව එම නිවසේ මුඵතැන්ගෙයි පිළිවෙළ සහ නාන කාමරයේ ඇති පිළිවෙලින් එම නිවසියන්ගේ සිතුම් පැතුම් සහ ජීවන වටපිටාව ගැන...

නිවසට තිර රෙදි දැමීමට පෙර මේ ගැන හිතමු

නිවෙස් අලංකාර කිරීමට යොදාගත හැකි බොහෝ අංග ඇත. ඒ අතුරින් නිරතුරු අවශ්‍ය වන අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. දොර සහ...

අඩු වියදමින් හදන හැඩ වැඩි ගේ පොඩ්ඩක්

අර්ධ නාගරික හෝ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවන්න හිතන සහ තරමක් ඉඩකඩ සහිත ඉඩමකුත් හිමි බොහෝ පිරිසකගේ නිවාස අවශ්‍යතාව වෙන්නේ අඩුම වියදමකින්...