කුඩා ඉඩමකට ගැළපෙන සුවපහසු නිවෙස
පර්චස් 9ක් වැනි ඉඩක් හිමි, මේ ඉඩමේ සැලකිය යුතු ඉඩක් මිදුල සහ පසුපස අවකාශය සඳහා ඉතිරි කර තිබෙනවා. ඒ වගේම එය මැනවින් කළමනාකරණය කිරීමෙන් මැද මිදුලක් නොමැතිව කාමර තුනක් සහිත නිවෙසට ස්වාභාවික වාතාශ්‍රය සහ හිරුඑළිය (Ventilation & Day Light) ලබාගෙන තිබෙනවා. ඒ වගේම එක් පසෙකින් පසුපස අවකාශයට පිවිසෙන ලෙසත් අනෙක් පස කොටසක් පමණක් අන්ධ බිත්තියක් ලෙස සකස් කොට අනෙක් ඉඩත් කුඩා උද්‍යානයක් ලෙස ආලින්දයට අලංකාරයක් ගෙන එන ලෙස සැලසුම් කිරීම මනහරයි.
මායිම් බිත්තියට සමීපව අලංකාර නවීන පෙනුමකින් යුත් වාහන නැවතුම නිවෙසට මනා පෙනුමක් එක් කරනවා. එය එක් පසෙකින් ප්‍රධාන වැරෙන්ඩාවට (Verandah) සම්බන්ධ වනවා.
ආලින්දය සහ කෑම සාලය එකම අවකාශයක නමුත් වෙන්ව ස්ථානගත කර තිබෙන බැවින් ඉඩකඩ ඉතිරි වෙනවා වගේම පොදු අවස්ථාවකදී සැලසෙන පහසුව විශාලයි. කෑම සාලය දෙපසකින් විශාල ජනේල මඟින් ගෙවත්ත හා සම්බන්ධ කරන නිසා නිවෙස තුළ ස්වාභාවික වායු සංසරණය (Natural Air Circulation) මැනවින් සිදුවෙනවා.
කාමර තුනකින් සමන්විත නිවෙසේ එක් කාමරයක් ඉදිරිපසින් සහ අනෙකුත් කාමර දෙක පොදු නාන කාමරයට සමීපව සැලසුම් කර තිබෙනවා. ඒ නිසා පොදු අවකාශයන්ට නොපැමිණ නානකාමර පහසුකම් භාවිත කිරීමේ හැකියාව නිවැසියන්ට ලැබෙනවා. ඒ වගේම කුඩා ඉඩමක වුණත් මේ කාමර සියල්ල ඉතා සැලකිය යුතු ඉඩක් සහිතව සැලසුම් කර තිබීම ඉතාම වැදගත්.
නිවෙසේ මුළුතැන්ගෙය, කෑම සාලය දෙසින් එයට සමීපව ස්ථානගත කර තිබෙනවා. ඉතා සරල නමුත් ඉඩකඩ සහිත වන ලෙස මුළුතැන්ගෙයි කටයුතු සලසා තිබෙනවා. මුළුතැන්ගෙය හරහා පසුපස අවකාශයට පිවිසෙන්නටත් හැකියි. එම ඉඩ කුඩා මුළුතැන්ගේ ගෙවත්තක් සඳහා වුණත් ඉතා වැදගත් වේවි. පර්චස් 9ක් වැනි ඉඩකට සැලසුම් කර ඇති මේ නිවෙසේ සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය 1155ක් පමණ වන අතර වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් මිලියන 4ක්. කුඩා ඉඩමක පහසුකම් සපිරි තනි මහලක නිවෙසක් අඩු වියදමකින් හදන්න හිතන, ඒ ගැන දෙගිඩියාවෙන් ඉන්න අයකුට මේ නිවෙස සුබවාදී ආකල්පයක් සපයාවි.
ගෘහ නිර්මාණ ශිල්පී ධම්ම ගීතාංජන උපුටා ගැනීම මවුබිම
ගෘහස්ථ තාක්ෂණය යනු අප ජීවිතයේ අනෙකුත් අංග මෙන්ම නවීන තාක්ෂණය වැඩි වශයෙන් යොදා ගැනෙන ක්‍ෂේත්‍රයකි. වර්තමානයේ ශ්‍රී ලංකාව තුලද මෙම තාක්ෂණයන්...
අර්ධ නාගරික හෝ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවන්න හිතන සහ තරමක් ඉඩකඩ සහිත ඉඩමකුත් හිමි බොහෝ පිරිසකගේ නිවාස අවශ්‍යතාව වෙන්නේ අඩුම වියදමකින්...
සාමාන්‍යයෙන් නිවෙසක් නිර්මාණය කිරීමේදී නිවෙසේ එක් එක් බිත්තිවලින් බෙදා දැක්වීමක් සිදුකරනවා. මෙයාකාර ගඩොල් බිත්ති සම්ප්‍රදායෙන් ඈත් වී මෑතකාලීනව තාවකාලික බෙදීම්වලට සහ...
ගෘහණියන් බොහෝ විට ස්වයං රැකියාවල නියුතුව සිටින්නේ තමන්ගේ අපතේ යන කාලයට නියම වටිනාකමක් දීමටයි. මැහුම් ගෙතුම්වලට වඩාත් රුචිකත්වයක් දක්වන ඔබට ඉතාම...
නිවසක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට ඒ සඳහා තිබෙන ඉඩම චතුරස්‍ර ඉඩමක් නොවෙන්න පිළිවන්. ඉඩමක් මිලදී ගනිද්දී වුණත් ටිකක් විශේෂ හැඩ සහිත...
නිවෙසක් කියන්නේ බොහෝදෙනකුට ජීවිතයේ තියෙන ලොකුම හීනයක්. ඒ හීනය තමන්ට හැකි උපරිමයෙන් පාට කරන්න ඒ හැමකෙනෙක්ම මහත් වෙහෙසක් ගන්නවා. තමන් සතු ඉඩමේ...