පුංචි ඉඩමකට තනි මහලේ සොඳුරු නිවෙසක්
අපි හැමදාම කතා කරනවා වගේම නිවෙසක් හදන්න ලැබෙන ඉඩකඩ තමන්ගේ අවශ්‍යතාවලට අනුව නිවැරැදිව භාවිත නොකළහොත් වෙන්නේ පාඩුවක්. ඒ වගේම ජීවිත කාලයම පසු තැවෙන්නත් එය හේතු වෙන්න පුළුවන්.
ඉඩම කුඩා යැයි කියා දෙමහල් නිවෙස්ම තනන්න අවශ්‍ය නැහැ. නිවෙසට වැය කරන මුදල අවම කර ගනිමින් තනි මහලේ නිවෙසින් සියලු අවශ්‍යතා සපිරෙන ලෙසට සැලසුම් කර ගත හැකියි.
අද අපි ඔබට ගෙන එන නිවෙස එවැනි අවශ්‍යතා සපිරෙන ලෙස පර්චස් 9ක පමණ ඉඩකටයි සැලසුම් කර තිබෙන්නේ. නිවෙසේ එක් දිගු මායිමක් මායිම් බිත්තියක් (Bind Wall) ලෙස යොදාගෙන ඇති අතර අනෙක් පසින් ඉදිරි පසින් හා පසුපසින් සැලකිය යුතු ඉඩකඩක් ඉතිරි කර තිබෙනවා.
මායිම් බිත්තියට යාබදව වාහන නැවතුම (Car Port) ස්ථාන ගත කර ඇති අතර එයට යාව ඇති වැරැන්ඩාවකින් නිවෙස තුළට පිවිසිය හැකියි. ප්‍රධාන සාලය හා කෑම සාලය එකම අවකාශයේ පිහිටා තිබෙනවා. එසේම මුළුතැන්ගෙය (Kitchen) නිවෙසේ පසුපස කොටසට ගෙන නොගොස් නවීන පෙනුමක් ලැබෙන පරිදි කෑම සාලයට විවර වන ලෙස පිහිටුවා තිබෙනවා.
නිවෙසේ ප්‍රධාන නිදන කාමරය යාබද නාන කාමරයක් (Attached Bath Room) සමඟින් සැලසුම් කර තිබෙනවා. එසේම පොදු නිදන කාමර දෙකම සැලකිය යුතු ඉඩක් සහිතව පිහිටුවා තිබීම මඟින් මෙවැනි නිවෙසකදී නිවැසියන්ට ගෙන එන පහසුව ඉමහත්. ඉන් එක් නිදන කාමරයකට ආසන්නයේම පොදු නාන කාමරය පිහිටුවා තිබීමෙන් යාබද නාන කාමරයක පහසුව ඔවුන්ට අත්විඳිය හැකියි. මුළුතැන්ගෙයින් මිදුලට පිවිසීමට හැකි නිසාත් එම දිශාවේ සැලකිය යුතු ඉඩක් තබා ඇති නිසාත් අවශ්‍යතා සඳහා ඉතාම වැදගත් වේවි.
පර්චස් 9ක් වැනි ඉඩකඩක් මනාව කළමනාකරණය කිරීමෙන් සැලසුම් කර ඇති මේ සොඳුරු නිවෙසේ සම්පූර්ණ වර්ග අඩි ප්‍රමාණය 1250ක් පමණ වෙනවා. වැඩ අවසන් කරන්න වැයවන මුදල මිලියන 3.8ක් පමණ වේවි.
කුඩා ඉඩක තනි මහලේ සුවපහසු නිවෙසක් ගැන හීන දකින ඔබට මේ සැලසුම ඉතා හොඳ ආලෝකයක් වේවි.
උපුටා ගැනීම මවුබිම
අර්ධ නාගරික හෝ ග්‍රාමීය පරිසරයක දිවි ගෙවන්න හිතන සහ තරමක් ඉඩකඩ සහිත ඉඩමකුත් හිමි බොහෝ පිරිසකගේ නිවාස අවශ්‍යතාව වෙන්නේ අඩුම වියදමකින්...
පවතින ඉඩමේ අලුතින් නිවෙසක් හදන්න හිතුවත් ඉඩමේ කුඩා කොටසක් නිසි සැලසුමකින් තොරව හදලා තියෙන අවස්ථා තිබෙනවා. සමහර අවස්ථාවල ඉඩමක් මිලදී ගනිද්දීත්...
ගෘහයක අභ්‍යන්තර නිර්මාණය ගැන කතා කිරීමේදී නිවසේ ඉතාම වැදගත් අංගයක් වන විසිත්ත කාමරය (Living Room) අපට අමතක කළ නොහැකිය. අමුත්තකු නිවසට...
ඉඩම කුඩා වුණත් පෙනුමැති නිවෙසක් හදන බලාපොරොත්තුව බොහෝ දෙනකුට තිබෙනවා. එහෙත් තැබිය යුතු සීමාවන් ඉතිරි කර නිවෙසක් සාදන විට ඉඩකඩ සහිත විසල්...
බොහෝ අය කැමැතියි නාගරික ජීවන රටාවන්වලට ගැළපෙන කුඩා නමුත් සියලු අවශ්‍යතා සපුරන නිවෙසකට. අද අප ඔබට ඉදිරිපත් කරන්නේ එවැනි නවීන පන්නයේ...
නාගරික පරිසරයක නිවෙසක් තනන බොහෝ අය මුහුණ දෙන ලොකුම ගැටලුව වෙන්නේ තම සිතැඟි අවශ්‍යතා සපිරෙන නිවෙසක් තනන්නට තරම් ඉඩම ප්‍රමාණවත් නොවීමයි....