This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න යන්නේ ඇන්තූරියම් ලෝකයේ ජනප්‍රිය වූ බැංකොක් ඇන්තූරියම් ගැනයි. මේ බැංකොක් වර්ග අතරත් බෝහෝ ජනප්‍රිය වර්ගය වන්නේ කළු ඇන්තූරියම් ය. විශේෂයෙන් ‘ඇන්තූරියම්' කී පමණින් වැඩි පිරිසක් කැමැති කළු පාටට නැත්නම් බ්ලැක් වර්ගවලටයි.

කළු පැහැයේ ඇන්තූරියම් එහි වර්ණය නිසාම සුවිශේෂී වී ඇති අතර බොහෝ විට හැමතැනම දැකිය නොහැකියි. ඒ නිසාම වෙළෙඳපොළෙහි කළු පාට ඇන්තූරියම් සඳහා ඉහළ මිලක් නියම වේ. ඒත් සමහර අය මේවා ඉතාමත් අධික මිලකට අලෙවි කරන්නේ සමස්ත වගාකරුවන් හා ආධුනිකයන් අපහසුවට පත්කරමිනි. මේ නිසාම සමහරු මිල වැඩි යැයි කියයි. තවත් අය ‘අපි අහුවුණා, රැවටුණා' යැයි කියයි. මේවා විවිධ තැන්වල විවිධ මිල ගණන්වලට අලෙවි කරන නිසාම ඔබ එහි මිල දැන සිටියොත් වංචාවලට හසු නොවී සාධාරණ මිලකට පැළ ලබාගැනීමට දැනුවත් විය හැකියි.

කළු කීවත් මෙහි එක් වර්ගයක් නොව වර්ග කිහිපයක්ම ඇත. ඒවා නම් නිව් බ්ලැක්, බ්ලැක් නයිට්, බ්ලැක් ලව්, බ්ලැක් කාඩිනල්, බ්ලැක් ක්වීන්, ඩුබායි බ්ලැක්, චොකලට් ජයන්ට් වැනි වර්ගයි. නිව් බ්ලැක් යනු බ්ලැක් වර්ග අතර ට ආ ලස්සනම මල් පිපෙන වර්ගයකි. නිව් බ්ලැක් ශාකය කාඩිනල්වලට බොහෝ සමානය. ඒ නිසාම කාඩිනල්වලට ‘නිව් බ්ලැක්' කියා අලෙවි කරන අය මෙන්ම ඒවා ‘නිව් බ්ලැක්' කියා මිල දී ගන්නා අය ද වේ.

වෙළෙඳපොළෙහි මේ කළු වර්ග මව් ශාක රුපියල් 2500 සිට ද කුඩා පැළ රුපියල් 400 සිට ද අලෙවි වේ. පැළයේ ප්‍රමාණය අනුව මෙන්ම මල් සමඟ ඇති විට මිල ගණන් වෙනස් වේ. පැළ මිල දී ගන්නා විට හොඳින් වර්ධනය වූ පැළ හා තරුණ පැළ මිල දී ගන්න. වැඩි වයසට ගිය ශාක ගැනීමේ දී සැලකිලිමත් වන්න. මේ කළු වර්ග ඡායාරූප නිරීක්ෂණය කර හඳුනා ගන්න ඔබට පුළුවන්.

උපදෙස් - මාතලේ යෝ ෆල්වර්ස් හි යොහාන් මීගහගේ

උපුටා ගැනීම තරුණී

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු
සාර්ථකව තණ පලසක් වවා ගන්නේ මෙහෙමයි.
දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්
අපිම කාබනික පොහොර හදමු
උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා.
ලස්සන නිවෙසක් සහ මිදුලක්
සාර්ථක මී මැසි පාලනයක හිමි කරුවෙකු වෙමු.
මල් ලස්සනයි හොඳ හොඳ පාටයි විෂ සහිතයි ජීවිතයට අනතුරයි
කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි