This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 11th Tuesday, Feb 2025
නෙතු විස්මයට පත්කරන දම් වර්ණයේ සුන්දරත්වය

සොඳුරු ඇන්තූරියම් ලෝකයේ දම් පාටට හිමිව ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. දම් ඒ තරමටම සුන්දර ලෝකයක් ඇන්තූරියම් මල් වගාකරුවන් අතර නිර්මාණය කර ඇත. දම් වර්ණයේ ද එකිනෙක ප්‍රභේද පැවතීම තවත් විස්මයකි. ළා දම්, තද දම්, සුදු පැහැය මිශ්‍ර වූ දම්, රෝස පැහැයට ආසන්න දම් ආදී ලෙස මේ වර්ණ පරාසයන් නෙතු විස්මයට පත් කරයි. නම් ලෙසින් මේ ඇන්තූරියම් හඳුනාගැනීම ආධුනික ඔබට බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. ෆස්ට් පර්පල්, නිව් පර්පල්, යූටා, ඇලෙක්සියා පර්පල්, බේබි පර්පල්, කවාලි, සිරානෝ, සිසෝව්, ෆියුරිනෝ, ඩයිනමයිට් පර්පල් ආදී වර්ණ රැසකි. මේවායේ මල් විවිධ හැඩගන්නා අතර මලේ ප්‍රමාණය ද එකිනෙකට වෙනස් ය. දම් පැහැයේ ලොකුම යූටා ය.
ෆස්ට් පර්පල් :

දම් පාට වර්ගයේ වටිනාම වර්ගයක් වන ඉතා ඉහළ මිලකට අලෙවි වන ඇන්තූරියම් වර්ගය ෆස්ට් පර්පල්ය. එම වර්ගය බොහොමයක් වගාකරුවන් අතර නොමැත. මේ වර්ගය බැංකොක්වලින් මෙරටට ගෙන්නන ලද ඉතා පැරැණි ශාකයකි. මේ ශාකයේ මල දම් පාටට හුරු අතර පරිණත මල කෙමිය අවට කොළ පාටට මිශ්‍ර වේ. මෙහි පත්‍ර සාමාන්‍ය ශාකවල වගේ විශාල වන අතර බොහොමයක් නිවෙස්වල තිබෙන දේශීය ශාකයක් වන බටර්ෆ්ලයි කියන වර්ගයේ පත්‍රයට සමාන වේ. ලංකාවේ වගාකරුවන් අතර මේ සඳහා සෑහෙන ඉල්ලුමක් ද පවතී. මල් සමඟ ශාකයේ විශාලත්වය අනුව වර්තමාන වටිනාකම රුපියල් 20000ත් 30000ත් අතර ඉහළ මිලක් ගනී. මේ වර්ගයේ කුඩා පැළ ද රුපියල් 5000 සිට (පැළයේ විශාලත්වය අනුව) දැකගත හැකියි.

ඇලෙක්සියා පර්පල් :

ඇලෙක්සියා පර්පල් යන වර්ගය ද ලංකාවේ වගාකරුවන් අතර ඉහළ ඉල්ලුමක් ඇති ශාකයකි. මේ ශාකයේ මල් තද දම් මිශ්‍ර සුදු පැහැතිය. හොඳින් වැඩුණු ශාකයක වර්තමාන මිල රුපියල් 6500ත් 7000ත් අතර වේ. කුඩා පැළ ද පැළයේ ප්‍රමාණය අනුව 1500 සිට ඇත.

නිව් පර්පල් :
මේ ඇන්තූරියම් ශාකය බැංකොක්වලින් මෙරටට ගෙන්නන ලද ශාකයකි.බොහොමයක් වගාකරුවන් අතර ප්‍රසිද්ධ මෙය වටිනාකමින් ඉහළ අගයක් ද ගනු ලබන ඇන්තූරියම් වර්ගයකි. මේ වර්ගය මධ්‍යස්ථ දම් පැහැයක් ගනී. මලෙහි හැඩය හදවතක මෙන් රවුම් වන ලෙසට පිහිටයි. මේ ශාකයේ පත්‍ර ද තරමක් රවුමට හැඩ ගැසී ඇත. ශාකයේ වර්ධනය හා බලන විට වර්තමානයේ මිල රුපියල් 3000 සිට ඉහළට වගාකරුවන් අතර හොඳ ඉල්ලුමකට දෙනු ලැබේ. මෙහි කුඩා පැළ ද පැළයේ වර්ධනය අනුව රුපියල් 600 සිට ඉහළ අගයක් ගනී.

යූටා :
මේ ශාකය ඉතාමත් තද දම් පාට වර්ණයෙන් යුතුව හැඩවෙන ඇන්තූරියම් ශාකයකි. මෙහි මල ශාකය සමඟ විශාල වන අතර පත්‍ර ද රවුම් හැඩයට සමාන වේ. ඉතා සරුවට හැදෙන මේ වර්ගයට ලංකාවේ ඉහළ ඉල්ලුමක් ඇත. ශාකයේ සහ පත්‍රවල විශාලත්වය අනුව වර්තමානයේ මෙහි මිල රුපියල් 3500 සිට ඉහළ අගයක් ගනු බලයි. මේ වර්ගයේ කුඩා පැළ ද පැළයේ වර්ධනය අනුව රුපියල් 700 සිට ඉහළට යයි.

බේබි පර්පල් :
බේබි පර්පල් ශාකය අනික් වර්ගවලට වඩා තරමක් කුඩාවට වර්ධනය වේ. මෙහි මල ද එතරම් විශාල නැත. තරමක රවුම් හැඩයක් ගන්නා මල හා පත්‍ර අනික් ශාක තරම් විශාල නොවේ. මෙහි ඉක්මනින් මල් හට ගැනේ. වර්තමානයේ බේබි පර්පල් හි මිල 1300ත් 1800ත් අතර ඇත. කුඩා පැළ ද (පැළයේ වර්ධනය අනුව) රුපියල් 400ත් 500ත් අතර මිලකට විකිණේ.

කවාලි :
කවාලි ශාකය ද ඉතා විශාලව වැඩෙන අතර මෙහි මල මධ්‍යස්ථ ප්‍රමාණයක් ගනී. හැඩය තරමක් රවුම් වේ. මෙහි වර්තමාන මිල 1800ත් 2500ත් අතර පවතී. (ශාකයේ වර්ධනය අනුව) මේ වර්ගයේ කුඩා පැළ ද රුපියල් 400 සිට 800 දක්වා මිලකට අලෙවි වේ.

උපදෙස් - මාතලේ යෝ ෆල්වර්ස් හි යොහාන් මීගහගේ
උපුටා ගැනීම තරුණී

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු
උද්‍යාන අලංකරණය සහ නඩත්තුව
කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි
උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා.
ලස්සන නිවෙසක් සහ මිදුලක්
උද්‍යාන අලංකරණයට කෙටි පියවර නවයක්
වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්
සාර්ථකව තණ පලසක් වවා ගන්නේ මෙහෙමයි.
ගාඩ්නියා මල් වවමු.