Biz Log
Classifields
Biz Log
Classifields

උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා.

උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා.සොඳුරු ගෙමිදුලක් ඔබ වෙත තිළිණ කරන මේ ගෙඋයන් කලාව සහ පෞද්ගලික අවශ්‍යතා එකිනෙක බැඳී ඇතිබව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි. එහෙත් පුද්ගලික අවශ්‍යතා යනු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නකි. එකම පුද්ගලයාගේ වුවද කාලයෙන් කාලයට එය වෙනස් විය හැකියි.

පෞද්ගලික අවශ්‍යතා :

එසේම අප නිර්මාණය කරන ගෙඋයන ද මෙකී පුද්ගලික අවශ්‍යතා සමඟ ඒකාබද්ධ වූ ඒවාට ගැළපෙන ගෙඋයනක් විය යුතුය. එසේ නොමැති වුවහොත් එය කෙතරම් කලාත්මක, සෞන්දර්යාත්මක, තාක්ෂණයට අනුකූල වුවද ඵලක් නොවේවි. මන්ද එම උද්‍යානය පරිහරණයේ දී යම් යම් ගැටලු ඇතිවීම හරහා පුද්ගලික අවශ්‍යතා ඉටු නොවනා බැවිනි. ඇතැම් විට එය ඔබේ පුද්ගලික අවශ්‍යතාවලට නොගැළපෙනවා විය හැකියි. නමුත් වෙනත් පුද්ගලයකුට බාහිරින් නැරඹීමේ දී ඉතා මනරම් උයනක් සේ පෙනිය හැකියි. ඉතින් අපි මේ පෞද්ගලික අවශ්‍යතා මොනවාදැයි සොයා බලමු.

මාර්ගය දෙපසට ශාක :

උදාහරණයක් ලෙස ඔබේ උද්‍යාන නිර්මාණයට වටිනා ශාක කිහිපයක් එකතු කළේ යැයි අපි සිතමු. එම ශාක නිවෙසට පැමිණෙන මාර්ගය දෙපස සිටුවා කල්ගතවත්ම අතුපතර විහිදී මාර්ගය අවහිර වීමට ඉඩ තිබේ. එමඟින් නිවෙසට පැමිණෙන රථ වාහන ආදිය හසුරුවා ගැනීමට ද බාධා පැමිණිය හැකි අතර එය පුද්ගලික අවශ්‍යතාවක් ඉටුකර ගැනීමට මතුවන බාධාවකි.

සිමෙන්ති නිර්මාණ :

එහෙමත් නැතිනම් උද්‍යානයේ ඉදිකරනා ඇතැම් සිමෙන්ති නිර්මාණ උත්සව අවස්ථාවකදී ඔබට බාධාවක් විය හැකියි. එමඟින් ඉඩකඩ ඇහිරීම නිසා එය ද පෞද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට ඇතිවන ගැටලුවකි.

උපුටා ගැනීම තරුණී

Share This Article

ලස්සන නිවෙසක් සහ මිදුලක්

නිවෙසක පිරිසුදුකම යනු බොහෝදෙනා සිතනවාට වඩා වැදගත්කොට තැකිය යුත්තකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ පිරිසුදුකම නිවැසියන්ගේ නිරෝගිතාවටද එකසේ බලපෑමයි. සතියකට එක් වතාවක්...

ගාඩ්නියා මල් වවමු.

ගාඩ්නියා ශාකය මිහිරි සුගන්ධයකින් යුත් සුදු පැහැ පොකුරු වශයෙන් පිහිටන මල් විශේෂයකි. කලක් ගෙවතු වගා මල් අතරින් ඉවත් වී තිබුනද වර්තමානය...

වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න...

වැව්වොත් සපල වේ කැපුවොත් අපල වේ

ඉන්දියාවේ පැට්නා ප්‍රදේශවාසීහු මිනිසා හා ගස වෙන් කළ නොහැකි ආත්මයක් ලෙස සලකති. ගසට ද ප්‍රාණයක් ඇත. පොරවක් රැගෙන ගස කපන්නට යන...

මල් වගා කරන ගෘහණියන්ට නැතිවම බැරි ඇග්ලෝනිමා

ඇග්ලොනිමා වර්ග : මෙම ඇග්ලොනිමා පැළ විවිධ වර්ණවලින් දැකිය හැකිය. මේවායේ ඉතාම විසිතුරු වර්ණ අද වන විට ලෝකයේ විවිධ රටවල නිපදවා...

බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු

රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අතහරිමින් කාබනික පෝෂක ප්‍රභවයන් භාවිතයට සමස්ත ලෝකයම මේවන විට නැඹුරු වෙමින් සිටින්නේ මේ අහිතකර බලපෑම් යම් තරමකට...