This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Today is 10th Monday, Feb 2025
ගාඩ්නියා මල් වවමු.

gardniya

ගාඩ්නියා ශාකය මිහිරි සුගන්ධයකින් යුත් සුදු පැහැ පොකුරු වශයෙන් පිහිටන මල් විශේෂයකි. කලක් ගෙවතු වගා මල් අතරින් ඉවත් වී තිබුනද වර්තමානය වන විට ගාඩ්නියා ශාකය ගෙවතු වල බහුලව වවනු දක්නට ලැබේ. අඩි 3 - 4 පමණ උස් වූ පසු නිසි පරිදි ප්‍රධාන ශාක කඳ කප්පාදු කිරීම මගින් අතු ශාඛා විශාල ප්‍රමාණයක් මතු වීම ගාඩ්නියා ශාඛයේ ප්‍රධානතම විශේෂත්වයයි. මල් වාරයේ දී මෙලෙස සකස් කර ගත ගාඩ්නියා පදුරකින් 50 - 100 අතර මල් ප්‍රමාණයක් එකවර පිපී තිබෙනු සුලබව දකින්නට පුළුවන. මෙවැනි මිටි ගාඩ්නියා පදුරු 4ක් හෝ 5ක් ගෙවත්තේ තැන් තැන් වල වවා ගැනීමෙන් මල් පිපෙන සමයේ මුළු ගෙවත්තම සුවද කර ගැනීමට ඉතා පහසුවෙන්ම අවස්තාව උදාකරගත හැකිය. ශාකය වැඩි උසකට වැවීමෙන් ශාකයේ වැඩීම දුර්වල වීමටත් අතුපතර විහිදීම අඩුවීමටත් ඉඩ ඇති බැවින් ඔබේ ගෙවත්තේ දැනටමත් ගාඩ්නියා වවා ඇත්නම් ඒවා මනා ලෙස කප්පාදු කර ගැනීම ඉතාම සුදුසු බව කිව යුතුය. ගාඩ්නියා මිටි පඳුරු ඔබ කැමති ආකාරයකට අලංකාර හැඩතල වලට අනුව නිර්මාණය කර ගත හැකිය. කප්පාදු කිරිමෙදී ඔබගේ දක්ෂතාවය ඒ සඳහා යොදවා ගන්න. ගෙවත්තේ තැන තැන මෙන්ම මදක් විශාල බදුන් තුලද ගාඩ්නියා වවා ගත හැකිය.

ගාඩ්නියා සඳහා සුදුසු පස් මිශ්‍රණය මෙලෙස සකසා ගන්න. ගාඩ්නියා අතු පැල කර ගන්නත් පැල බිම හෝ බඳුන් වල සිටුවා ගන්නත් මේ පොහොර මිශ්‍රණය සුදුසුය.

  • රතු පස් කොටස් 01
  • කොම්පෝස්ට් පොහොර කොටස් 01
  • දිරා ගිය කොලරොඩු කොටස් 01
  • කොහුබත් කොටස් 01

බොහෝ දෙනෙක් ගාඩ්නියා මල් වගාවට වැඩිපුර පොහොර අවශ්‍ය බව නොසිතයි. සමහරු මෙහි අතු තද මැටි පසේ සිටුවා හොඳින් ජාල වහනය ලබා දේ. එහෙත් ශාඛයට පොහොර කිසිවක් ලබා නොදේ. මෙමගින් සාරවත් ගාඩ්නියා පඳුරක් කෙසේවත් ලබා ගත නොහැකිය. මේ නිසාම ඉහත දැක් වූ පස් මිශ්‍රණය තුල ගාඩ්නියා වගා කිරීමෙන් ඔබට ඉතාම සාරවත් හා අලංකාර ලෙස ඔබගේ ගෙවත්තේ හෝ බඳුන් ගත වගාවක් ලෙස හෝ ගාඩ්නියා වවා ගත හැකිය.

පොහොර යෙදීම :
පැලය සිටුවා දින 20 පමණ ගත වූ පසු NPK 20:20:20 පොහොර මිශ්‍රණය යෙදීම මගින් ශාකය නිසියාකාරව වර්ධනය කර ගැනීමට පුළුවන.

රෝග :
ගාඩ්නියා ශාකයට එතරම් රෝග බෝ නොවේ. මල් පිපෙන සමයේ පිපීගෙන එන මලෙහි කෙමියේ මල් කන කුඩා කෘමීන් සිටිනු දැකිය හැකිය. සමහර කාල වලට පත්‍ර වල යටි පැත්තේ දළඹු විශේෂයක්ද දැකිය හැකිය. කොහොඹ කොළ හා සබන් වතුර සමව ගෙන මිශ්‍ර කර ඉසීමෙන් මෙම තත්වය ඉතාම යහපත්ව පාලනය කර ගැනීමට හැකිය.

Share With Your Friends.

Back
සබැදි වෙනත් ලිපි
උද්‍යාන අලංකරණය සහ නඩත්තුව
වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්
වැව්වොත් සපල වේ කැපුවොත් අපල වේ
අපිම කාබනික පොහොර හදමු
උද්‍යාන අලංකරණයට කෙටි පියවර නවයක්
මල් වගා කරන ගෘහණියන්ට නැතිවම බැරි ඇග්ලෝනිමා
බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු
නෙතු විස්මයට පත්කරන දම් වර්ණයේ සුන්දරත්වය
දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්