Biz Log
Classifields
Biz Log
Classifields

මොනවද මේ Formal shoes කියන්නේ?

මොනවද මේ Formal shoes කියන්නේ?

කඩවසම් තාරුණ්‍යයටත්, හැඩකාර තාරුණ්‍යයටත් නැතිවම බැරි දෙයකි පාවහන් විලාසිතා විවිධ වු ඛෙදීම් සමුදායක් සහිත පාවහන් තාරුණ්‍යයේ සෑම අයකුටම ඛෙහෙවින් වැදගත් වේ. Casual shoes, official හෙවත් Formal shoes, Sandles, Slippers ලෙසින් වන පාවහන් අතුරින් official හෙවත් Formal shoes පිළිබදව අද කතා කරමු.

මොනවද මේ Formal shoes  කියන්නේ?

සාමාන්‍යයෙන් Formal  ඇඳුම් සදහා අදින සපත්තු තමයි මේ ආකාරයෙන් හැඳින්වෙන්නේ.අනෙක් සපත්තු වලින් මෙකී සපත්තු වෙනස් වන්නේ කොහොමද?මෙම සපත්තු Casual හෝ Sandles  මෙන් වෛවර්ණ නැහැ. ඇත්තෙන්ම බොහොම චාම් ලෙස අලංකාරවත්ව තමයි නිපදවන්නේ. එමෙන්ම හොදින් ආවරණය වී තිඛෙනවා. එය පළදින්නා තුලින් වැදගත්භාවයක් පෙන්වෙන විදියට තමයි නිර්මාණය වී තියෙන්නේ.

ඇඳුම අනුව මෙම සපත්තු පැළදීම කෙබදුද?

අනිවාර්යෙන්ම මෙම සපත්තු ඇඳුමේ වර්නය සමග ගැලපිය යුතුයි. නැතිනම් තමන් පළදින බද පටියට අනුව එකි පැළදීම කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ගුරුපැහැ බද පටියක් පළදිනවා නම් සපත්තුවද ගුරු පැහැ විය යුතුයි.ඇතැම් විට අපි දැක තිඛෙනවා යමිකිසි ඇදුමක් ඇන්ද විට සපත්තුව වැඩියෙන් කැපී පෙනෙන අවස්ථාඔව් එහෙම වෙන්නේ නොගැළපෙන ලෙස සපත්තුව තෝරා ගැනීමෙන් ඇඳුමේ වර්ණයට සහ අවස්ථාවට නොගැලපෙන සපත්තු තෝරා ගැනීමෙන් මෙසේ සිදුවනවා වගේම ඇතැම් අය තමන්ට නොගැලපෙන ලෙසද සපත්තු තෝරා ගන්නවා.

උදාහරණයක් කිවොත්?

ඇතැම් විට පුද්ගලයන් ඉතා දිග සපත්තු තෝරා ගන්නවා. එහිදී ෆෝල්ටි එක අඩු කලිසමක් ඇන්දොත් තවත් එය ඉතා අශෝභන දර්හනයක් බවට පත්වනවා. ඒ නිසා තමන්ට ගැළපෙන සපත්තුව තෝරාගත යුතුයි.

කොහොමද එසේ තෝරා ගැනීමක් කරන්නේ?

පළමුව අපි මෙය පළදින අවස්ථාව කුමක්ද යන්න තෝරාගත යුතු-යි. මන්ද ඇතැම් Formal shoes ඉතා දිස්නයක් සහිතයි. එවැනි සපත්තුවක් සාමාන්‍ය තැනකට එතරම් ගැළපෙන්නේ නැහැ. එවන් සපත්තුවක් ගැළපෙන්නේ උත්සව අවස්ථා සදහායි. ඒ වගේම තමන්ට පහසු අන්දමේ සපත්තුවක්ද තෝරාගත යුතුයි. එහිදී ලේස් ගැටගසන සපත්තුවක්ද නැතිද යන්න වැනි දේ ෂලක බැලීම වටිනවා. තවද උස පුද්ගලයන් සපත්තු තෝරා ගනිද්දී අඩිය තුනී සපත්තු තෝරා ගත යුතුයි. සපත්තුවක් තෝරා ගැනීමෙන් තමන්ගේ උස තවත් වැඩිකර පෙන්වාගත හැකියි.

නිෂ්පාදනය ගැන සලකනවා නම්,

ලංකාවට සපත්තු විවිධ රටවලින් ආනයනය කෙරෙනවා වගේම අපේ රෙටි සපත්තු නිපදවෙනවා.අනර්ග නම් වලින් නිපදවෙන සපත්තු වගේම සම් මිශ්‍ර සහ කෘතකිම අමුද්‍රව්‍ය වලින් නිපදවන සපත්තුද තිඛෙනවා. ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. මන්ද ඇතැම් අයගේ සමට එකි කෘතිම ද්‍රව්‍ය වලින් නිපද වු සපත්තු අහිතකරයි. ඒ වගේම සපත්තුවේ අඩිය ගැනත් හොදින් සැලකිලිමත් වන්න.

අඩිය ගැන මොනවද සැලකිලිමත් විය යුත්තේ

අඩිය කොතරම් සවි ශක්තිමත්ද යන්නත්, අඩිය නිපදවා ඇති අමුද්‍රව්‍ය ගැනත් බලන්න. ඒ වගේම කට්ට සහිත අඩියක් ඇති සපත්තුවක් මිළදී ගැනීම යෝග්‍යයි. ඒ හැරුණුවිට සපත්තුවේ බර පිලිබදව සැලකිලිමත් විය යුතුයි. සපත්තුවේ බර වැඩිවීම අපහසුතාවයන් ඇතිවීමට හේතු වනවා.බොහෝ තරුණයන්ට ඇති ගැටලූවක් සපත්තු තුළින් දුගද හැමිමඔව් මීට හේතුවන කාරණා කිහිපයක් තිඛෙනවා. සපත්තුව නිපදවා ඇති අමුද්‍රව්‍ය මීට එක් හේතුවක්. ඇතැම් තරුණයන්ට අධික ලෙස දහදිය දැමීම තවත් හේතුවක්. ඒ වගේම උදෑසන තෙත පිටින් සපත්තු දැමීම මීට බලපාන තවත් දෙයක්. මේස් නොපැළදීම සහ අපිරිසිදු මේස් පැළදිම මෙහිදී ප්‍රධානතම තවත් කාරණයක් වනවා.

Share This Article

අත් ඔරලෝසු

කාන්තාවන්ට නා නා ප්‍රකාර ආයිත්තම් තිබුනත් පිරිමින්ට අඳින්න තියන ආයිත්තම් ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ අතර අත් ඔරලෝසු ඉදිරියෙන් ඉන්නවා. අපි බලමු ඔරලෝසුවක්...

අසූ ගණන් වලින් පසු නැවතත් මෝස්තර ලෝකයට Outerwear

Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින්...

පාට ගළපලා ඇඳුම් අඳින නිවැරැදි ක්‍රමය

විලාසිතාවලට තරුණ මහලු භේදයක් නැහැ කියලා ලෝක ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වුණු ජර්මන් ජාතික කාල් ලැගර්ෆෙල්ඩ් කියල තිබුණා. ඔහු එහෙම කියල...

Party ගර්ල්ස්ලට Figure එකට Match වෙන්න Shoes & Hand bags

කෙනෙකුගේ ශරීරයේ හැඩයෙන් අපිට කියන්න පුළුවන් මොන වගේ ඇඳුම්ද එයාට ගොඩක්ම ගැළපෙන්නෙ, මොන වගේ ෂූස් ද එයාගේ ෆීචර්ස් වැඩි කරලා ලස්සනට...

අඳින ඇඳුමට ගැලපෙන ආභරණ තෝරාගන්න හැටි

ආභරණ කියන්නෙ ඉතින් ගැහැණු අයට ගැලපෙන මාතෘකාවක් නේ. මේ කතා බහ ඔන්න ගැහැණු කතාවක්. අපි කතා කරන්නෙ ඇඳුමට ගැලපෙන්න අනෙක් ආභරණ...

ඇඳුම්වල පැල්ලම් යවන්න පහසු ක්‍රම

ඇඳුම් සෝදන විට බඳුන උතුරා යන තෙක් ජලය නොදමන්න. රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නම් එයට දැමිය හැකි මුළු ඇඳුම් තොගයම ඇතුළු...