ඔෆිස් යන ඔබට ගැළපෙන හෑන්ඩ් බෑග්..
- රැකියා කරන බොහෝ තරුණියන් තමන්ගේ වතුර බෝතය සහ කෑම පාර්සල් ඇතුළු සියලු බඩු රැගෙන යා හැකි විශාල බෑග් පාවිච්චි කිරීමට පුරුදු වී සිටිනවා. එය පහසුවක් සේ දැනුනත්, එය ඇගේ පෞරුෂයට හානි කරනවා. එයට හේතුව වන්නේ ඇයගේ ශරීර ප්‍රමාණයට බෑගයේ ප්‍රමාණය නොගැලපීමයි. එමෙන්ම තමාට වඩා විශාල බෑග් ගෙන යාමෙන් සෞඛ්‍ය ගැටළු පවා මතු වෙනවා. එක උරහිසකට සියලු බර පැටවීමෙන් ඇයට කුදු ගැසුණු පෙනුමක් ලැබීමටත් ඉඩ තිබෙනවා. ඒ නිසා, පෞද්ගලික උපකරණ දැමීමට මධ්‍යම ප්‍රමාණයේ අත් බෑගයක් භාවිතා කර, අනෙක් භාණ්ඩ ගෙන යාම සඳහා වෙනම රෙදි බෑගයක් භාවිතා කරන්න.
- ඔබේ අත් බෑගයේ නිරන්තරයෙන් මුදල් පසුම්බිය, ලේන්සුව, පනාව, කුඩය, පෑනක්, නොට් බුක් එකක් ගෙන යාමට අමතක නොකරන්න.
- රැකියා වල නිරත වන තරුණියන් සඳහා නිපදන ලද විවිධ විලාසිතා සහිත අත් බෑග් වෙළඳපොලේ විකිණීමට තිබෙනවා. රවුම් හැඩයේ, හතරැස් හැඩයේ, ඕවල් හැඩයේ සහ පෙට්ටි හැඩයේ බෑග් ඔබට තෝරා ගන්න පුළුවන්.
- අඳින සෑම ඇඳුමටම ගැලපෙන අත් බෑග් සෙවීම අපහසු සහ මුදල් වැය වන ක්‍රියාවක්. එම නිසා ඇඳුම් කීපයකට ගැලපෙන අත් බෑග් මිලදී ගන්න. කළු, ක්‍රීම් සහ බේජ් පැහැති අත් බෑග් ඕනෑම ඇඳුමකට ගැලපෙනවා. දුඹුරු පැහැති අත් බෑගයක් තැඹිලි, මෙරූන් වර්ණ සහිත ඕනෑම ඇඳුමකට ගැලපෙනවා
ඔයාට කවදහරි හිතිලා තියෙනවද වැදගත් කාන්තාවක් එහෙමත් නැත්නම් එලිගන්ට් ලේඩි කෙනෙක් සමාජයේ පිරිසක් ඉස්සරහා කැපිලා පේන්නෙ ඇයි කියලා? ඒකෙ රහස එයාලා...
ඇඳුම් සෝදන විට බඳුන උතුරා යන තෙක් ජලය නොදමන්න. රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නම් එයට දැමිය හැකි මුළු ඇඳුම් තොගයම ඇතුළු...
තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක්...
අව් කණ්ණාඩි පලඳින්න අපි කවුරුත් කැමැතියි. අද වන විට අපේ බොහෝ තරුණ තරුණියන් මෝස්තරයට, පැෂන් එකට අව් කණ්ණාඩි පලඳින්නත් හුරුවෙලා තිබෙනවා....
“හතර වටේන් කළු කරගෙන වහින වෙලාවේ, මට මුවා වෙන්නට ගසකුත් තිබුණේ නැති සැදෑවක ඔබ මාව කුඩේ යටින් රැගෙන ගොස් ඇරලුදා මට...
ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට...