Biz Log
Classifields
Biz Log
Classifields

ඇඳුම් පැලඳුම් නිසා සිදුවෙන අසාත්මිකතා

ඇඳුම් පැලඳුම් නිසා සිදුවෙන අසාත්මිකතා

හිරට ඇඳීමේ විපාක : 

සාමාන්‍යයෙන් ඕනෙම කෙනකුට විවිධ කෑම වර්ග ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම කෙනකුට විවිධ ඇඳුම් වර්ගත් ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇඳුම මහලා තියෙන රෙදි වර්ගය, භාවිත කරලා තියෙන නූල් වර්ගය, ස්වීක්වීන්ස්, රේන්ද වගේ දේවල් පවා ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සමහර අයට ටයිට් ඇඳුම් ඇලර්ජි වෙනවා. ඒ කියන්නේ හිර ඇඳුමක් ඇන්දාම ඇඳුමේ මූට්ටු තියෙන තැන්වලින් සම මතුපිට පාර හිටිනවා. ගොඩක් වෙලාවට ඉණ, කිහිලි ප්‍රදේශය, අත් කට වගේ තැන්වල තමයි මේ ඇලර්ජි එක හට ගන්නෙ. ඊට පස්සේ ඒ තැන් කසන්න පටන් ගන්නවා. සමහර වෙලාවට කැසීම නිසා උඩු සම කැඩිලා තුවාල ඇති වෙන්නත් පුළුවන්. කොහොමහරි අන්තිමට ඒක නවතින්නේ දද හෝ පලු මතු වෙලා බෙහෙත් ගන්න සිද්ධ වුණාටත් පසුවයි. සාමාන්‍යයෙන් හිරට ඇඳුම් අඳින අයගෙන් සියයට අසූවක් විතර ජීවිතයේ එක වරක් හෝ මේ තත්ත්වයට මුහුණ දීලා තියෙනවා කියලා වෛද්‍ය ටිම් කියනවා. 

අත්බෑග් : 

සමහර අයට හෑන්ඩ් බෑග් නිසා ඇලර්ජි තත්ත්වයන් ඇති වෙනවා. ඒ කියන්නේ හෑන්ඩ් බෑග් එකේ පටිය උරහිසේ සමට තද වෙලා සම මැදිලා වගේ තියෙන්න පුළුවන්. ඊට පස්සෙ හෑන්ඩ් බෑග් එක නිෂ්පාදනය කර ඇති රබර් හෝ හම් වර්ගය උරහිසේ සෘජුවම ස්පර්ශ වීමෙන් සමේ තැළීමක් සිදු වෙන්න පුළුවන්. සමහර පිරිමි අයට ටයි එක ටිකක් හිර කරලා දැම්මොත් බෙල්ල වටේ පලු දමන්න පුළුවන්. ඒකට හේතුව ටයි එක නෙවෙයි ෂර්ට් එක මසා තියෙන රෙදි වර්ගය වෙන්නත් පුළුවන්. ඒ නිසා රෙදි වර්ග ගැන පරෙස්සම් වෙන එක ඉතාම වැදගත්. ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට 64ක් අඳින්නේ එයාලගේ පියයුරුවල ප්‍රමාණවට වඩා ප්‍රමාණයෙන් කුඩා තිසරපට. එහෙම අඳින්නේ පියයුරු එල්ලා වැටීම නතර කර ගන්න. නමුත් මේ විදියට ප්‍රමාණයෙන් කුඩා තිසරපට ඇඳීමෙන් සිදුවන හානිය අති විශාලයි. ඒ කියන්නේ උරහිස්වල වගේම පිට ප්‍රදේශයේත්, කිහිලිවලට යටිනුත් හිරට ඇඳපු තිසරපටියේ පාර සම මත හිටිනවා. ඊට පස්සේ වෙන ඇඳුමක් ඇන්දාමත් දැවිල්ලක් වගේ හට ගන්නවා. ඒ නිසා හිර වැඩි යට ඇඳුම් අඳින එක සිරුරට හිතකර නැහැ.

රාත්‍රි ඇඳුම් : 

අනිත් කාරණය විදියට වෛද්‍ය ටිම් සඳන් කරලා තියෙන්නේ රාත්‍රි නිදන ඇඳුම් ගැන. නිදන ඇඳුම් සිරුරට බොහොම ලිහිල් වෙන්න ඕනේ. ප්ලැනල් වගේ රෙදිවලින් මැසූ රාත්‍රි ඇඳුම් සිරුරට ඉතාම හිතකරයි. සිල්ක්, නයිලෝන්, පීවීසී වගේ රෙදිවලින් මහපු ඇඳුම් නිදන ඇඳුම් විදියට පාවිච්චි කරන එක අහිතකරයි. ඒ වගේම නින්දට යද්දි යට ඇඳුම් ඉවත් කරන්න පුරුදු වෙන්න ඕනෙ. සිරුරට තද වෙන විදියට යට ඇඳුම් ඇඳගෙන නිදා ගන්න එක හොඳ දෙයක් නෙවෙයි. පිජාමා වගේ ඇඳුම් රාත්‍රි ඇඳුම් විදියට ඉතාම සුදුසු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පවසනවා. 

අඩි උස සපත්තු : 

පුරුද්දක් විදියට අඩි උස සපත්තු පැලඳීමත් ඉතාම හානිදායකයි. ඒ වගේම කකුලේ ඇඟිලි තියෙන ප්‍රදේශයෙන් උල් වූ ස්වභාවයක් තියෙන සපත්තු පැලඳීමත් නුසුදුසුයි කියලා වෛද්‍ය ටිම් කියනවා. මේ වගේ සපත්තු වර්ග නිසා කොන්දේ අමාරුව, කකුලේ නහර ගැට ගැසීම විතරක් නෙවෙයි හර්නියා වගේ තත්ත්වයන් පවා ඇති වීමේ අවදානමක් තියෙනවා. බරින් වැඩි කරාබු පැලඳීම කන් පෙතිවලට හානිදායකයි. ඒ වගේම දීර්ඝකාලීන හිසරදයටත් හේතු වෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ට් පාවිච්චි කරද්දි බඩ ප්‍රදේශය හිර කරන්න හිතාගෙන බෙල්ට් එක තද කරලා දාන්න පුරුදු වුණු අය ඕනෙ තරම් ඉන්නවා. බෙල්ට් එක ඕනෙවට වඩා හිර කරන එකෙන් බඩ අඩු වෙන්නෙ නැහැ. ඒකෙන් වෙන්නේ ඉණ ප්‍රදේශයේ ඉදිමුම් ඇති වෙන එකත්, ඉණට ඉහළින් සහ පහළින් සිරුර මහත් වෙන්න පටන් ගැනීමත් විතරයි. ඕනෙවට වඩා බෙල්ට් එක හිර කිරීමෙන් සිරුරේ යටිකයට නිසි පරිදි රුධිර ගමනාගමනය සිදු නොවෙන්නත් පුළුවන්. කලින් කී බි්‍රතාන්‍ය ජාතික කාන්තාව මිය යන්න හේතු වෙලා තියෙන්නෙත් සිරුරට ඔරොත්තු නොදෙන මට්ටමකින් ඉණ ප්‍රදේශය හිර කර ඇඳුම් ඇඳීම කියලා වාර්තා වෙලා තියෙනවා. 

දුලංජලී මුතුවාඩිගේ 

මව්බිම

Share This Article

සරාගී lipstick

ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට...

ලී සෙරෙප්පුවෙන් අතීතයට යමු

විවිධ රටවල සිය සම්ප්‍රදායයන්ට අයත් ඇඳුම් තිබෙන්නා සේ පැළඳුම් ද තිබේ. ඒවා බොහොමයක් ඒ ඒ රටවලට ආවේණිකය. මේ කතා කරන්නට යන්නේ...

එලිගන්ට් විදිහට අදින්න කැමති කාන්තාවන්ට විතරයි

ඔයාට කවදහරි හිතිලා තියෙනවද වැදගත් කාන්තාවක් එහෙමත් නැත්නම් එලිගන්ට් ලේඩි කෙනෙක් සමාජයේ පිරිසක් ඉස්සරහා කැපිලා පේන්නෙ ඇයි කියලා? ඒකෙ රහස එයාලා...

ආවට ගියාට නොදන්න තැන්වලින් ටැටූ ගහන්න යන්න එපා

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල...

අසූ ගණන් වලින් පසු නැවතත් මෝස්තර ලෝකයට Outerwear

Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින්...

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක්...