Biz Log
Classifields
Biz Log
Classifields

පරණ ඩෙනිම් ඇඳුමෙන් අලුත් නිර්මාණ

පරණ ඩෙනිම් ඇඳුමෙන් අලුත් නිර්මාණතමන්ගේම කියලා නිෂ්පාදනයකින් මුදලක් අතට ගන්න ගමන්ම, පරිසර හිතකාමී සංකල්පයකට පාරිභෝගිකයා යොමු කරවන නූතන පරපුරේ තරුණියක් අපට මුණගැසුණා. ඇය නමින් නිසංසලා දීපමාලි රජගල්ගොඩ. ඩෙනිම් යොදා ගනිමින් ඇය කරන නිෂ්පාදන ගැන ඇගෙන් අපි මේ විදියට විමසා බැලුවා.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් කියන්න? 

මම ඉගෙන ගත්තේ, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ. මගේ ගමත් මාතර, ඉන්පසුව මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණකරණය සහ නිෂ්පාදන ප්‍රවර්ධනය සම්බන්ධ වසර 4ක උපාධි පාඨමාලාවක් කළා. 

මේ වගේ ස්වයං රැකියාවක් තොරා ගත්තේ ඇයි? 

මම කලින් රැකියාවක් කළා වසර තුනක් විතර. නමුත් අපිට රැකියාවට ගියාම ආපහු එන්න වේලාවක් නැහැ. විවාහ ජීවිතයට ගියාම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මගේ සැමියත් කාර්යබහුලයි. ඉතිං දෙන්නම කාර්ය බහුල වෙලා බැහැනේ. ඒ නිසා, මම ස්වයං රැකියාවක් ලෙස මෙය තෝරා ගත්තා. ඒ වගේම මගේම කියලා දෙයක් කරන්න ඕන කියලා කාලයක් තිස්සේ මට අදහසක් තිබුණා. 

ආරම්භය මොනවගේද? 

මුලින්ම පාවිච්චි කරලා අයින් කළා නමුත් ඉතාම හොඳ මට්ටමේ ඩෙනිම් අරන්, නිකමට වගේ මැහුවා. මගේ සැමියා සේවය කරන තැන ඉන්න කාංචනා තල්පාවිල මැඩම් ළඟට ඒවා අරගෙන ගිහින් පෙන්නුවාම එයා කිව්වා මේ වැඩේ පටන් ගන්න එයා උදවු කරන්නම් කියලා. 

අන්තර්ජාලය හරහා අදහස් ලබා ගත්තද? 

ඔව්, මුලින්ම INTERNET ගිහින් බැලුවා. මට දැනුම තිබුණා. මගේ අදහස්, නිර්මාණශීලී බව ආදී සියල්ලම එකතු කරලා මුලින්ම පටන් ගත්තා. 

ඔබේ නිර්මාණවල යම් විශේෂත්වයක් තියෙනවද? 

ඔව්, මම එක් වර්ගයක නිර්මාණ දෙකක් කරන්නේ නැහැ. වෙනසක් කරනවා. සමහර වේලාවට ඇඳුමත් එක්ක තමයි එහෙම වෙන්නේ. ඩෙනිම් සායක් ගත්තාම එයින් එක වගේම දෙකක් මහන්න බැහැ. 

අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහොමද? 

පමුණුවේ, පාවිච්චි කරපු ඩෙනිම් විකුණන්න තියෙනවා. මුල්ම කාලේ යාළුවෝත් ගෙනල්ලා දුන්නා. කොට්න්, පැබ්රික් වගේ දේවල් කාංචනා මැඩම් ලබා දෙනවා. ඊට අමතරව දුම්බර හැන්ඩ්ලුම් රෙදි භාවිත කරනවා. ඒවාට ඩෙනිම් මිශ්‍ර කරලා පසුගිය කාලෙ ඇඳුම් මැහුවා. 

වියදමට සරිලන ආදායමක් ලබා ගන්න පුළුවන්ද? 

පුළුවන්. හරියට මහන්සි වෙලා කළොත් හොඳ ආදායමක් ලැබෙනවා. මම අතින් කරන්නේ. පාවිච්චි කරපු දෙයකට ඊට වඩා වටිනාකමක් දීලා නැවැත භාවිතයට සුදුසු පරිදි සකස් කිරීම තමයි මගේ අරමුණ වෙන්නේ. එයින් ආදායමක් ලබන ගමන්ම පරිසර හිතකාමී සංකල්පයකට යන්න මම උත්සාහ කරනවා. 

නිෂ්පාදන සඳහා හොඳ වෙළෙඳපොළක් තිබෙනවාද? 

වෙළෙඳපොළ හොඳයි. ජපන් ජාතිකයන් අතර හොඳ ඉල්ලුමක් තියෙනවා. එයාලා කොහොමත් දේශීය නිෂ්පාදනවලට කැමැතියි. අනෙකුත් විදේශික අයගෙන් වගේම ලංකාවේ ඉහළ පත්තියෙ අයත් නිෂ්පාදන මිලට ගන්නවා. මගේ නිෂ්පාදන තරමක් මිල වැඩියි. ඉතින් ඒ නිසා සාමාන්‍ය අය අතරට වඩා ඒ අය අතරට යනවා. නමුත් මිල අඩු කරලා සාමාන්‍ය පාරිභෝගිකයාටත් මගේ නිර්මාණ අලෙවි කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. නමුත් මිල වැඩි නිසා දෙපාරක් හිතනවා. 

දැනුම බෙදා දෙන්න අදහසක් නැද්ද? 

උගන්වන්න පුළුවන්. කවුරු හරි ඇහුවොත් මම උගන්වන්න කැමැතියි. මම ගුරු මුෂ්ටිය නැතිව සියල්ල කියලා දෙනවා. මම හිතන්නේ හැම කාන්තාවකටම මහන්න පුළුවන්. ඒ සඳහා තමන්ගේ හිතේ ශක්තිය සහ නිර්මාණශීලී බව අවශ්‍යයි. 

මහා පරිමාණ ව්‍යාපාරයකට යන්න අදහසක් නැද්ද? 

අදහසක් තියෙනවා. නමුත් මූල්‍ය ගැටලු නිසා, දැනට ලොකු මුදලක් වියදම් කරන්න බැහැ. 

මේ තරම් දුර එන්න සහාය දුන් අය මතක් කරමු නේද? 

කාංචනා තල්පාවිල මැඩම් තමයි මට අදහස දුන්නේ. ඇය මට සියලුම සහාය ලබා දෙනවා. ඊට අමතරව මගේ සැමියා, අනුන උදත්තව මහන තැන ඉඳලා සියලුම දේට සහාය ලබා දෙන්නේ ඔහුයි. කෞෂල්‍ය අයියා මුදල්වලින් විශාල සහයෝගයක් ලබා දෙනවා. 

මව්බිම

Share This Article

SMART පෙනුමට OFFICE යන්න

ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක්...

ඇඳුම්වල පැල්ලම් යවන්න පහසු ක්‍රම

ඇඳුම් සෝදන විට බඳුන උතුරා යන තෙක් ජලය නොදමන්න. රෙදි සෝදන යන්ත්‍රයක් පාවිච්චි කරන්නේ නම් එයට දැමිය හැකි මුළු ඇඳුම් තොගයම ඇතුළු...

පාට ගළපලා ඇඳුම් අඳින නිවැරැදි ක්‍රමය

විලාසිතාවලට තරුණ මහලු භේදයක් නැහැ කියලා ලෝක ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් වුණු ජර්මන් ජාතික කාල් ලැගර්ෆෙල්ඩ් කියල තිබුණා. ඔහු එහෙම කියල...

මොනවද මේ Formal shoes කියන්නේ?

කඩවසම් තාරුණ්‍යයටත්, හැඩකාර තාරුණ්‍යයටත් නැතිවම බැරි දෙයකි පාවහන් විලාසිතා විවිධ වු ඛෙදීම් සමුදායක් සහිත පාවහන් තාරුණ්‍යයේ සෑම අයකුටම ඛෙහෙවින් වැදගත් වේ. Casual...

ලස්‌සන රුවකට කැමති නම් පාවහන් ගැනත් හිතන්න

අපි ලස්‌සනට අඳින්න කැමතියි. මේ ලස්‌සන වඩාත් දියුණු වී පෙනෙන්නට නම් අපි පළඳින පාවහන් ගැනත් වැඩි අවධානයක්‌ යොමු කරන්න ඕනේ. අපි...

සරාගී lipstick

ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට...