Biz Log
Classifields
Biz Log
Classifields

ලස්සන වෙන්න හිතන අයට අනවශ්‍ය රෝම බාධාවක්


අනවශ්‍ය රෝම ඉවත් කිරීම රූපලාවණ්‍යයේ සුවිශේෂී අංගයක්. ලස්සන වෙන්න හිතන අයට අනවශ්‍ය රෝම තිබීම බාධාවක්.

අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍යවන දෑ

  • තෝරාගත් වැක්ස් වර්ගය(Hot, cold)
  • වැක්ස් ටේප්
  • වැක්ස් හීටර්
  • ටෝනර්
  • අයිස් වතුර, අයිස් බෑග්, අයිස් කියුබ්
  • මොයිස්චර්රයිසර් ක්‍රීම්
  • බේබි ලෝෂන්
  • තුවා
  • පුළුන්
  • අපද්‍රව්‍ය ඉවත් කිරීමට බඳුනක්

වැක්ස් කිරීම

වැක්ස් කරන ක්‍රම තුනක් තිබේ.

  • හොට් වැක්ස්(Hot wax)
  • කෝල්ඩ් වැක්ස්(cold wax)
  • ස්ට්‍රිප් වැක්ස්(strip wax)

Hot wax : 

හොට් වැක්ස් නමින් මෙය වෙ⁣ළඳපොළේ ඇත. රත්කර භාවිත කරයි. මේ වැක්ස් වර්ගය නිවෙසේදී ද සාදාගත හැකියි. ඩබල් බොයිල් ක්‍රමයට රත්කර භාවිත කරයි. එසේ නැතිනම් වැක්ස් හිටර් එක ආධාරයෙන් රත්කර ගත හැකියි. ආලේපනයට පෙර උෂ්ණත්වය පරීක්ෂා කර ගත යුතුවේ.

හොට් වැක්ස් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම

  • මෙහිදී සේවාදායකයාගේ අනවශ්‍ය රෝම සම්පූර්ණයෙන්ම ඉවත් විය යුතු වේ.
  • කෙස් නොකැඩී තිබිය යුතුවේ.
  • වැක්ස්වල උණුසුම සේවාදායකයාට ගැළපිය යුතුවේ.
  • වැක්ස් ආලේපයේදී හම නොපිලිස්සිය යුතුවේ.

රූපලාවණ්‍යාගාරයකදී ෆේෂල් ඇඳක්, හිස පලඳනා, සැහැල්ලු ඇඳුම්, වැක්ස්, ඉටි ආලේප කරන ලී හැන්දක්, පවුඩර්, තුවා ආදී අවශ්‍ය දෑ සපුරා ගත යුතුවේ. 

පියවරයන් : 

  1. අනවශ්‍ය රෝම ඉවත් කළ යුතු ස්ථානය පිළිබඳ ගනුදෙනුකරුගෙන් විමසන්න.
  2. එම ස්ථානය පිරිසුදුකර වියළා පවුඩර් ආලේප කරන්න.
  3. වැක්ස්, වැක්ස් හීටරේට දමා උණුසුම් කරන්න.
  4. වැක්ස් ආලේප කිරීමට සුදුසු උණුසුමේ ඇත්දැයි පරීක්ෂා කරන්න.
  5. වැක්ස් ස්වල්පයක් රෝම ඉවත් කරන ස්ථානයේ තවරා ගනුදෙනුකරුගෙන් උණුසුම සුදුසු දැයි විමසන්න.
  6. කෙස් වැවෙන අතට ලී හැන්ද භාවිතකර ආලේප කරන්න.
  7. අතින් තට්ටුකර වැක්ස් වේළුණු පසු ප්‍රතිවිරුද්ධ දිශාවට අලවන්න.
  8. පළමු ආකාරයට අනවශ්‍ය රෝම ඉවත් කිරීමට අවශ්‍ය මුළු කොටසේම රෝම ඉවත් කරන්න.
  9. රෝම සම්පූර්ණයෙන් ගැලවූ පසු එම ස්ථානය පරීක්ෂා කරන්න.
  10. සමේ තැනින් තැන වැක්ස් තැවරී ඇත්නම් වේළුණු වැක්ස් ස්වල්පයක් අලවා එම ඉටි ඉවත් කරන්න.
  11. රෝම ඉවත් කළ ස්ථානයේ අයිස් තබන්න.

Cold wax : 

කෝල්ඩ් වැක්ස් නමින් සකසන වැක්ස් වර්ග වෙළඳපොලේ පවතී. සකස්කර ගැනීමකින් තොරව නිෂ්පාදන ආකාරයෙන්ම මේවා භාවිත කරයි.

Cold වැක්ස් භාවිතයෙන් අනවශ්‍ය රෝම ඉවත් කිරීම

  • ගනුදෙනුකරුගේ අනවශ්‍ය රෝම සම්පූර්ණයෙන් ඉවත්වීම
  • කෙස් නොකැඩී තිබීම

රූපලාවණ්‍යාගාරයකදී කෝල්ඩ් වැක්ස් ඉටි ආලේප කරන ලී හැන්දක්, රෙදි පටි තිබිය යුතුයි.

පියවරයන්

  1. අනවශ්‍ය රෝම ඉවත් කළ යුතු ස්ථානය පිළිබඳ ගනුදෙනුකරුගෙන් විමසන්න.
  2. එම ස්ථානය පිරිසුදුකර වියළා පවුඩර් ආලේප කරන්න.
  3. කෙස් වැවෙන අතට ලී හැන්ද භාවිතකර ඉටි ආලේප කරන්න.
  4. වැක්ස් තීරුව වැසෙන්නට ඒ මත ජීවානුහරණය කරන ලද කපු රෙදි පටියක් අලවන්න. තීරුව වැසෙන්නට ඒ මත ජීවානුහරණය කරන ලද කපු රෙදි පටියක් අලවන්න.
  5. රෙදි පටිය මත වැක්ස් හොඳින් ඇලවෙන්නට අත තදකර පහළට ගෙන යන්න.
  6. රෙදි පටියේ පහළින් අල්ලා ක්ෂණිකව ඇද ගලවන්න.
  7. නැවත වැක්ස් තීරු වශයෙන් ආලේපකර අනවශ්‍ය රෝම ඉවත් කළ යුතු ස්ථානයේ සම්පූර්ණයෙන්ම රෝම ඉවත් කරන්න.
  8. රෝම ඉතිරි වී ඇති දැයි පරීක්ෂා කරන්න.
  9. තෙත පුළුන්වලින් රෝම ඉවත් කළ ස්ථානය පිරිසුදු කරන්න.
  10. තෙත මාත්තු කරන්න.

Strip wax

ස්ට්‍රිප් වැක්ස් පටි වශයෙන් වෙළඳපොළේ ඇත. රෝම වැඩුණු දිශාවට අලවා විරුද්ධ දිශාවට ගලවා ඉවත් කළ යුතුය.

නිවෙසේදී වැක්ස් එකක් සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය : 

  • සීනි ග්‍රෑම් 250ක්
  • දෙහි ගෙඩි තුනක්
  • දෙහි යුෂ ප්‍රමාණයට වතුර
  • ඝන වීම වැළැක්වීමට ග්ලිසරින්
  • ස්ප්‍රයිට් හෝ කොකාකෝලා ස්වල්පයක්

සාදන ක්‍රමය : 

  • මුලින්ම වතුර හා සීනි හොඳින් කලවම් කර ගන්න.
  • උණු වූ පසු දෙහි යුෂ එකතු කරන්න.
  • එයටම ස්ප්‍රයිට් අඬුකෝප්ප එකහමාරක් එකතු කරන්න.
  • නූලක් ආකාරයට ඇදෙන ලෙස ඝන වූ පසු ළිපෙන් ඉවතට ගෙන ග්ලිසරින් බිංදු කිහිපයක් එකතු කරන්න.
  • වඩා ඝනකමට සාදා ගත්විට රත් කිරීමට අවශ්‍ය නැත.
  • හැකිනම් පාවිච්චියට ගන්නා විට රත්කර භාවිත කරන්න.
  • ආලේපයේදී විරුද්ධ දිශාවට ආලේපය ගැල්විය යුතුය.
  • ආලේපනයෙන් පසු කපු හෝ අමු රෙදි පටි අලවා ගැලවිය යුතුය.
  • අනතුරුව සම පිරිසුදුකර අයිස් වතුරින් සෝදා තෙත මාත්තුකර මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරලගේ

උපුටා ගැනීම තරුණී