ඉස්හොරි කරදරේ නැත්තටම නැති කරන්න මුං ඇට පිටි වලින් සත්කාරයක්
ඉස්හොරි කියන්නේ බාල, තරුණ, මහලු වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුගේ හිසෙහි ඇතිවිය හැකි බොහොම කරදරකාරී රෝග තත්වයක්. ආයුර්වේදයට අනුව නම් මේ ඉස්හොරි ඇතිවන්නේ ශරීරයේ දෝෂ කෝපවීම නිසයි. අනෙක් අතට හිසේ රැඳෙන කුණු, දූවිලි හා ආසාත්මික වන ආලේප වර්ග නිසාත් මේ ඉස්හොරි තත්වය ඇතිවෙන්න පුළුවන්. මේ රෝග තත්වය මුළුමනින්ම නිරාවරණය කළ හැකි පහසු ප්‍රතිකාරයක් පාරම්පරික වෙද පොත් වල සඳහන් වෙනවා. මේ එම පාරම්පරික වෙද පොතේ එන රහස් බෙහෙත ගැනයි.
මුං ඇට පිටි හැටියට සකස් කරගෙන මුලින් භාජනයක අසුරා ඊට පසුව මඳ වේලවක් ස්නානය කර මුං ඇට පිටි යම් ප්‍රමාණයක් හිස මත තබා වතුර ටිකකින් හිස යළි තෙමාගෙන ෂැම්පු ගාන ආකාරයට හිස හොඳින් සම්බාහනය කරගන්න. මේ සත්කාරය සතියට දින 02 ක් පමණ මාසයක් යනතුරු සිදු කරන්න.
ඉස්හොරි මුළුමනින්ම දුරු වී කේෂ කලාපයට පැහැපත් බවකුත් ලැබෙන බව ඒකාන්තයි. ඔබම සිදුකර මේ වෙනස අත්දකින්න.
හිස්හොරි සඳහා ස්වාභාවික ආයුර්වේදීය ප්‍රතිකාර…- බැබිල දලු, දෙහිගැට, උළුහාල් පොල් කිරෙන් තම්බා පොඩිකර පෙරා හිස ගලවන්න.
- නෙල්ලි, කීකිරිඳිය මිට මිට කොටා යුෂ හිස ගල්වා ටික වේලාවකින් ස්නානය කරන්න.
හිස්හොරි තත්වයක් ඇතිවිට හිස පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. ශරීර අභ්‍යන්තරයේ අධික උෂ්ණත්වයක් පවතී නම් ඒ සඳහා ප්‍රතිකාර ගැනීමටද අත්‍යාවශ්‍ය වේ.
- හරංකහ මී පැණියෙන් අඹරා හිස ගල්වා පැයකට පමණ පසු සෝදා හරින්න.
- මුං ඇට පිටි, මුදවපු කිරි සමඟ මිශ්‍රකර හිසේ සම මතුපිට ගල්වා පැයකට පමණ පසු සෝදාහරින්න.
- කෝමාරිකා මදය හිස ගල්වන්න.
- අමු නෙල්ලි පොල් සමඟ තම්බා අඹරා හිස ගල්වන්න.
- තිත්ත තිබ්බටු ගෙඩි යුෂ අවුන්ස 4 කට මීතෙල් අවුන්ස 1 ක් දමා අව්වෙන් කකාරා හිසේ ගල්වන්න.
- කිහිරි පොතු, කොහොඹ පොතු, මාදං පොතු, කෙළිඳ පොතු, සහිඳ ලුණු සම පමණ ගෙන එළ මුත්‍රයෙන් අඹරා හිස ගල්වා පැයකට පමණ පසු සෝදා හරින්න.
කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුහුණ, හිසකෙස්, සම පිළිබඳව මෙන්ම සිරුරේ හැඩය පිළිබඳවත් විමසා බැලීමට වර්තමානයේ යොමුවී ඇත. එනිසා...
දහදිය දැමීම ස්වභාවිකය. එහෙත් අසාමාන්‍ය ලෙස දහදිය දැමීම හා එම දහදියෙන් දුර්ගන්ධයක් හමයි නම් ඔබ සැබැවින්ම මානසිකව ඇද වැටෙනු ඇත. මෙවැන්නක්...
සමේ වර්ණය සහ පැහැපත් බව : සමේ වර්ණය ජාතිය, දේශගුණික සාධක, පෝෂණය සහ පාරිසරික සාධක මත තීරණය වෙනවා. විවිධ ජාතීන්ගේ සමේ වර්ණය...
දෙනෙතේ දීප්තිමත්භාවය තරුණ පෙනූමට බොහෝ සෙයින් බලපානවා. ඒ නිසාම තමයි දෙනෙත ලස්සනට තබා ගන්නට ඕනේ. දියූණූවෙන තාක්ෂණයේ දියූණූ ක්‍රම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත්...
කෙනෙකුට ඉතාම වැදගත් වන්නේ ප්‍රතිරූපයයි. එනම් පෞරුෂයයි. අද ලෝකයේ බොහෝ දෙනා ලස්සනට කැපී පෙනෙන්නට ඉතාම කැමැත්තක් දක්වන බව අමූතුවෙන් කිවයූතු නැහැ....
සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු...