Biz Log
Classifields
Biz Log
Classifields

කුරුලෑ හා තුවාල නිසා ඇති වු කැළැල් මකාගන්න සාර්ථකම ප්‍රතිකර්ම මෙන්න

කුරුලෑ නිසා මුහුණේ ඇතිවන කැළැල් බොහෝකාලයක් ගියත් මැකී යන්නේ නෑ. ඒ වගේම අත් සහ කකුල්වල ඇතිවන තුවාල නිසාද කැළල් ඇති වෙනවා. එම කැළැල්වලින් ඔබේ රූප සුන්දරත්වයට හානිවන බවනම් නිසැකයි. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබට පහසුවෙන් සපයාගත හැකි විටමින් E සහ තවත් ස්වභාවික අමුද්‍රව්‍ය කිහිපයකින් කලහැකි ප්‍රතිකර්ම කිහිපයක් පිළිබඳවයි.

විටමින් E සහ පොල් තෙල් :

පොල් තෙල් වල ඇති chain fatty acids කොලජන් නිෂ්පාදනය වර්ධනය කිරීමෙන් තුවාල කැළැල් මකා දමනවා. විටමින් E කරලක තෙල් සහ පොල් තෙල් තේ හැඳි 2ක් මිශ්‍ර කර තුවාල ලප, කැළැල් වල ආලේප කරන්න. මේ සත්කාරය රාත්‍රී නින්දට පෙර කර උදෑසන ඉවත් කරන්න. දිනපතා කිරීමෙන් තුවාල කැළැල් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්.

විටමින් E සහ ලෙමන් යුෂ :

නැවුම් ලෙමන් යුෂ වල විටමින් C මෙන්ම ස්වභාවික ඇල්ෆා හයිඩ්රොක්සයිඩ අම්ල අඩංගු වෙනවා. කැළැල් ස්වාභාවික සුව කිරීමේ හැකියාව මේ සංඝටක වලට පවතිනවා. ලෙමන් යුෂ තේ හැඳි එකකට විටමින් ඊ තෙල් කරලක තෙල් එකතු කර කැළැල් වල ආලේප කරන්න. සතියට කිහිප වතාවක් කිරීමෙන් තුවාල නිසා ඇති වුනු ලප හා කැළැල් මකා ගන්න පුළුවන්.

විටමින් E සහ කෝමාරිකා :

කෝමාරිකා කියන්නේ සමට ගොඩාක් හිතකර ඖෂධයක්. ඒ වගේම සුන්දරත්වය රැක ගන්න කෝමාරිකා වලින් ප්‍රතිලාභ රැසක් ලබා ගන්න පුළුවන්. සූරා ගත් කෝමාරිකා මද තේ හැඳි 2කට විටමින් E කරලක තෙල් එකතු කර හොඳින් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න. විනාඩි 20-30 කින් ඉවත් කරන්න. සතියට දෙවරක්, තුන් වරක් ආලේප කරන්න.

කොකෝවා බටර් සහ විටමින් E :

කොකෝවා බටර් සමට පෝෂණය ලබා දෙන අතරම පහසුවෙන් සම තුළට අවශෝෂණය වෙනවා. ඒ නිසා ඉක්මන් ප්‍රතිපල ලබා ගන්න පුළුවන්. විටමින් E කරලක තෙල් හා කොකෝවා බටර් ස්වල්පයක් මිශ්‍ර කර කැළැල් මත ආලේප කරන්න.

Share This Article

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක් ඇත

අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක....

මුහුණ ලස්සන කරන FACIAL MASKS

සම මත ඇති වන විවිධ රූපලාවණ්‍ය ගැටලු ඉතාම පහසුවෙන් මඟහරවා ගැනීමටත්, නිරෝගී පැහැපත් තරුණ බවින් යුක්ත සමක් ලබා ගැනීමටත් ඉතාම සුදුසු...

ඇස් අලංකරණයේ දී පරෙස්සම වැදගත්

ඇසේ අලංකරණ ක්‍රම සේම ඇස වටේ පෙනුම නිරෝගීව ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු විටමින් කේ ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. එසේම...

පිරිමින් ආදරය කරන්නේ ස්වාභාවික ඇස්වලටයි

දීප්තිමත් ඇස්, කතා කරන ඇස්, අඩවන් ඇස්... මේ මොනම අන්දමේ ඇස් දෙකකින් වුවත් මුහුණට ලැඛෙනුයේ උතුරා යන සුන්දරත්වයකි. ඇස් දෙකෙන් ඉඟි...

වෙරළු කොළ හිස් හොරිවලට හොඳ ප්‍රතිකාරයක්

හිස් හොරි සඳහා ස්වභාවිකව නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් ගැන කියනවා නම්, වෙරළු කොළ හොඳින් කොටා එම යුෂය හිස් කබලේ ආලේප කිරීම...

හැඩකාරියන්ට රහස් 6ක්

විලාසිතා කරමින් හැඩ වීමට කැමැති යුවතියන් අනවශ්‍ය ලෙස ඒවාට වියදම් කළ යුතු නැහැ. අල්මාරි පුරවා ගනිමින් ඇඳුම් ආයිත්තම් එකතු කිරීමට වඩා...