Biz Log
Classifields
Biz Log
Classifields

සම පැහැපත් කරගැනීමට බිත්තර සුදු මදයෙන් කල හැකි ඔබ නොදන්නා බොහෝ දේ

බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. බිත්තර ආහාරය ගන්නවා වගේම රූපලාවන්‍ය කටයුතුවලටත් බිත්තර යොදාගන්නවා. මේ ලිපියෙන් කියවෙන්නේ බිත්තර සුදු මදය යොදාගෙන ඔබේ සුන්දරත්වය වැඩි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

තෙල් සහිත සමට :

තෙල් සහිත සමක තෙල් පාලනය කරන්න බිත්තර සුදු මදය ඉතා යෝග්‍යයි. බිත්තර සුදු මදයට ලෙමන් යුෂ තේ හැඳි 3ක් එකතු කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15 කින් සෝදා ඉවත් කරන්න.

හිස කෙස් වර්ධනයට :

දුර්වල, අවපැහැ ගැන්වුණු, හිස කෙස් වලට බාහිරින් ලබා දෙන්න පුළුවන් හොඳ සත්කාරයක් බිත්තර සුදු මදය ආලේප කිරීම. හිස් කබලේ අලේප කර විනාඩි 30 කින් ෂැම්පු වර්ගයක් යොදා සෝදා හරින්න. හිස කෙස් වර්ධනය කරන්නත්, කෙස් කළඹේ නිරෝගී භාවයටත් බිත්තර සුදු මදය ඉතා කදිමයි.

හිස කෙස් වලට කන්ඩිෂනර් එකක් :

හිස කෙස් සිනිඳු කරවන ස්වාභාවික කන්ඩිෂනර් එකක් විදිහට බිත්තර සුදු මදය පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර සුදු මදයට ඔලිව් තෙල් තේ හැඳි 2ක්, යෝගට් කප් එකකින් 1/4 න් මිශ්‍ර කරලා හිස කෙස් වල ආලේප කරලා විනාඩි 45කින් පමණ සෝදා ඉවත් කරන්න.

සමට හොඳ scrub එකක් :

සමේ කුණු දූවිලි, මැරුණු සම ඉවත් කරන්න scrub එකක් විදිහට බිත්තර සුදු මදය භාවිතා කරන්න පුළුවන්. බිත්තර සුදු මදය ගෙන හොඳින් බීට් කර මුහුණේ බෙල්ලේ ආලේප කර හොඳින් වියලෙන්නට දෙන්න. විනාඩි 20ක් 30ක් විතර ප්‍රමාණවත්. මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න. සතියට දවසක් හෝ දෙකක් මේ සත්කාරය try කරලා බලන්න.

ඇස් යට කළු වීමට :

නිදි වැරීම, මානසික ආතතිය වැනි හේතු නිසා ඇස් යට කළු වීම, ඇස් වටා ඉදිමුම ඇති වෙනවා. ඒ තත්ත්වය අවම කරන්න බිත්තර සුදු මදය ඇස් වටා ආලේප කර විනාඩි 15කින් පමණ සෝදා ඉවත් කරන්න.

හිරු එළිය නිසා ඇති වුණු අවපැහැ වීම් අවම කරයි. :

හිරු රශ්මියේ ඇති අහිතකර UV කිරණ නිසා සම මත ඇති වන ලප, අවපැහැ වීම් අවම කර ගන්න බිත්තර සුදු මදයට මී පැණි මේස හැඳි 2ක් මිශ්‍ර කරලා අවපහ ගැන්වුණු ප්‍රදේශ වල ආලේප කරන්න. ක්‍රමානුකුලව සතියට තුන් වරක් වත් කිරිමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

Share This Article

පෙඩ්කියෝවලටම ගැළපෙන පැක් වර්ග

කාන්තාවක් විදියට ඔබ මුහුණ වගේම දෙපයේ සුන්දරත්වය ගැනත් සැලකිලිමත් විය යුතුමයි. දෙපයට කරන පෙඩිකි්‍යු සත්කාරයන්වලදී සමට ගැළපෙන පැක් වර්ග තෝරා ගන්නට...

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ...

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි. එවන් කෘශ ශරීර හිමි තරුණියන් ශරීරය කෘශබවින් මුදවා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම...

ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්න

ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්නස්නානයට සුදුසුම වෙලාව දහවල් කාලයයි. (විශේෂයෙන් සෙම රෝගීන් සදහා)ගල් හා රළු බුරුසු යොදා සම ඇතිල්ලීමෙන් වළකින්න. මෙමගින් සම...

කුරුලෑ වර්ධනයට සම අපිරිසුදු වීම බලපානවා

ඇත්තටම පියකරු මුහුණකට කුරුලෑ එන එක ප්‍රශ්නයක් තමයි. ඕනම කෙනෙක් දිහා බැලුවම මුලින්ම අපට පෙනෙන්නේ මුහුණ. කෙනකුට උත්පත්තියෙන් හිමිවන මේ මුහුණේ...

රූපලාවන්‍ය ගැන හිතනකොට පොල් වතුර අහක දාන්න බැහැ

ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට ස්වාභාවිකත්වය එක්ක බද්ධ වී ඇති ආකාරය කොතෙක්ද කියන්නට වචන නැති තරම්ය. එදිනෙදා ජීවිතයේදී ඔවූන් මූළුතැන්ගෙයි වැඩ කටයූතු...

ඉස්හොරි වළක්වා ගැනීම සදහා කුමක් කල යුතුද?

වෙළෙද පොළේ ඇති  ඉස්හොරි (scurf,dandruff) මර්දන ෂැම්පු වර්ග  ඛෙහෙවින්  රසායනික් ද්‍රව්‍ය අඩංගු ඒවායි. එහෙයින් ඔබේ ඉස්හොරි සදහා ෂැම්පු වර්ගයක්  වෛද්‍ය උපදෙස් මත...