ඔබෙත් ඇස් යට කළු වෙලාද? මෙන්න නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර
ඇස් යට කළු වීම අද බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවක්. මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන් එය වඩාත් හොදින් කැපි පෙනෙනවා විතරක් නෙමෙයි මුහුණේ සුන්දරත්වයටත් එය බලපානවා. ඒ නිසා මුහුණ පැහැපත්ව තබා ගන්නවා වගේම ඇස් යට කළු වීමට ප්‍රතිකාර කරන්නත් අමතක කරන්න එපා. ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් බැවින් ඇස් යට සමට හානීයක් නොවන පරිදි ප්‍රතිකාර කිරීම ඉතාමත් වැදගත්. අද අපි ඔයාට කියලා දෙන්නේ ඇස් යට කළු වීම අවම කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන.
ඇස් යට කළු වෙන්නේ ඇයි?
ඇස් යට කළු වෙන්න එමෙහත් නැත්තම් අවපැහැ ගන්න කරුණු ගණනාවක් හේතු විය හැකියි. හිරු රශ්මියට නිරාවරණය වීම, තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශ නාලීකා, විවිධ අසාත්මිකතාවන්, ජානවල බලපෑම, ඇස් වටා වියළීම සහ හානී වු සෛල ඒකරාශී වීම, දීර්ඝ කාලීනව පරිඝණක භාවිතය, ප්‍රමාණවත් නින්දක් නොලැබීම, මානසික පීඩනය හා ආතතිය.
ඇස් යට කළු වීමට නිවසේදී ම කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවාද?
- ආමන්ඩ් ඔයිල් :
ආමන්ඩ් ඔයිල් රාත්‍රී නින්දට යන්න පෙර ස්වල්පයක් ගෙන ඇස් වටා ආලේප කර සෙමින් මසාජ් කරන්න. පසුව උදෑසන සීතල ජලයෙන් සෝදා ඉවත් කරන්න. දින කිහිපයක් මෙම සත්කාරය කිරීම මගින් ඔබේ ඇස්යට කළුවීම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.
- පිපිඤ්ඤා :
පිපිඤ්ඤ ගෙඩියකින් පෙති දෙකක් පමණ කපාගෙන එය විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබන්න. පසුව ඒ පිපිඤ්ඤා පෙති දෙක විනාඩි 10 ක් පමණ තබාගෙන ඉන්න. සතියකට කිහිප සැරයක් මෙම සත්කාරය සිදු කිරීමෙන් ඇස් යට අවපැහැය අවම කරගත හැකියි.
- අර්තාපල් :
අර්තාපල් කියන්නේ මුහුණට හොද සත්කාරයක් වගේම ඇස් යට කළු වීම අවම කර ගැනීමේ හැකියාවද තිබෙනවා. අර්තාපල් ගෙඩියක් හොදින් පොඩි කර එහි යුෂ පෙරා ගන්න. පසුව කපු පුළුන් එහි පොගවා ඇස් වටා ප්‍රදේශය තබා ගෙන සිටින්න. පසුව විනාඩි 10 න් පසු සීතල වතුරෙන් සෝදා ඉවත්කර හරින්න.
- තක්කාලී යුෂ :
තක්කාලී යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැදි භාගයක් පමණ එකතු කර මිශ්‍රණයක් සකස් කර ගන්න. පසුව එම මිශ්‍රණයෙන් අදුරු පැහැ ගැන්වී තිබෙන ප්‍රදේශයේ විනාඩි 10 ක් පමණ ආලේප කර තබා සෝදා හරින්න.
- ටී බෑග් :
ටී බෑග් දෙකක් පමණ ගෙන විනාඩි 30 ක් පමණ ශීතකරණයේ තබා අනතුරුව ඇස් වටා විනාඩි 15 ක් පමණ තබා ගෙන සිටින්න. පසුව සෝදා ඉවත් කරන්න.
ඇස් යට කළු වීම අවම කර ගන්න තවත් ක්‍රමයක්?
- අව්වට නිරාවරණය වන සෑම අවස්ථාවකදී ඔයාට අව් කණ්ඩාඩියක් භාවිත කරන්න පුළුවන්. මෙමගින් ඔබගේ ඇස් හිරු කිරණට නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා. එහිදි ඔබ වඩාත් ප්‍රමිතියක් සහිත ස්ථානයකින් අව් කණ්නාඩියක් මිළදී ගැනීමට කටයුතු කරන්න.
- දිනපතා සැහැල්ලූ මොයිස්චරයිසර් ආලේපනයක් ඇස් වටා ආලේප කිරීම ඉතා වැදගත්. ඇස් අවට ක්‍රීම් ආලේප කිරීමේදී වඩාත් මෘදුව පිරිමැදීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී සම මෘදු කරන මොයිස්චරයිසර් ආලේපනයක් දිනපතා ආලේප කිරීමෙන්ද ඔබට ඇස් අවට කලූ පැහැ ගැන්වීම අවම කර ගත හැකියි.
- විධිමත් ප්‍රමිතියකට අනුව නිෂ්පාදනය කළ under eye cream වර්ගයක් භාවිත කළ හැකියි. Niacin amide අඩංගු කිරීම වඩාත් සුදුසුයි.
ඇස් යට කළු පැහැ ගැන්වී ඇත්නම් ඔබේ රුචිකත්වය පරිදි මෙම සත්කාරවලින් එකක් තෝරා ගෙන අත්හදා බැලීමේ හැකියාව තිබෙනවා. විශේෂයෙන් ඔබ සැළකිලිමත්ව මේ කටයුත්ත සිදු කළ යුතුයි. මොකද ඇස් අවට සම ඉතාමත් සංවේදියි. සුළු අත්වැරැද්දකින් ඔබේ දෙනෙත්වලට පවා අහිතකර ආකාරයෙන් බලපෑ හැකියි. ඒ නිසා වඩාත් පරීක්ෂාකාරීව මෙම ප්‍රතිකර්ම කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත්.
සුන්දරව සිටීමට සෑම යුවතියක්ම වෙහෙසෙනවා. එනිසාම විලාසිතා කෙරෙහිද දක්වන්නේ විශේෂ ඇල්මකි. නමුත් ඔබේ ශරීරයේ අධික තරබාරු ගතිය හෝ සිහින් බව විලාසිතා...
දහදිය දැමීම ස්වභාවිකය. එහෙත් අසාමාන්‍ය ලෙස දහදිය දැමීම හා එම දහදියෙන් දුර්ගන්ධයක් හමයි නම් ඔබ සැබැවින්ම මානසිකව ඇද වැටෙනු ඇත. මෙවැන්නක්...
කාන්තාවක් සෑම විටම රූ සපුව වගේම අඳින පලඳින විදියත් සිතිය යුතුය.බොහෝවිට ලාංකීය සමාජයේ අඳින ඇඳුමෙන් මිනිසුන් මැනීම සාම්ප්‍රදායික සිරිතකි. තාක්ෂණයත් සමඟ...
අත්වල තිබෙන අනවශ්‍ය රෝම ඉවත් කිරමට රේසරය භාවිත කිරිමට ඇතැම් කාන්තාවෝ පූරුදුව සිටිති. එහෙත් එය සූදුසූ ක්‍රියාවක් නොවේ. එවිට රෝම තව...
ස්ක්‍රබ් කරගත් ඔබේ සම පැක් එකක් යෙදීමෙන් සමේ පැහැපත් බව තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ සමේ ස්වභාවය අනුව ඔබට ගැළපෙන පැක්...
මෙවර අප නවලිය තුළින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබදවයි. එනම් මේ දිනවල අන්තර්ජාලය හරහා බහුතරයක් හදුනාගත් උදර...