Biz Log
Classifields
Biz Log
Classifields

ඔබේ බෙල්ල යට කළු වෙලානම් මෙන්න සරල විසඳුම් 09ක්

මුහුණ පැහැපත් කරගන්න මහන්සි වෙනවා වගේම බෙල්ල ගැනත් හිතුව නම් තමයි හොඳ. අද අපි කතා කරන්න යන්නේ ඔබට විශාල ප්‍රශ්නයක් වෙලා තියන බෙල්ල යට කළු වීම ලෙහෙසියෙන්ම නැති කර ගන්නේ කොහොමද කියල. ගොඩක් අය මුහුණට කරන සත්කාර බෙල්ලට කරන්නේ නෑ බෙල්ල අමතකම කරලා දානවා. ඔබ ස්නානය කරනකොට මුහුණ පිරිසිදු කරනවා වගේම බෙල්ල පිරිසිදු කරන එකත් වැදගත්. මේ තියෙන්නේ ඔබට බෙල්ල පිරිසිදු කරගන්න පුළුවන් ආකාර 9ක් ගැන.

  1. නැවුම් එළකිරි වලින් ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කරන්න. කිරි කියන්නේ හොඳ පිරිසිදු කාරකයක්. එමඟින් ඔබේ බෙල්ලේ කුණු දුවිලි හොඳින් ඉවත් කරනවා. ඒ වගේම එල කිරි කියන්නේ පැහැපත් කිරීමට විශාල හැකියාවක් තියන දෙයක්.
  2. ඔලිව් තෙල් සහ සිනි ඒකට මිශ්‍ර කර හොඳින් බෙල්ල ස්ක්‍රබ් කරන්න. දවස් තුනකට වතාවක් මෙය සිදුකොට වෙනස වටහාගන්න. කෙසෙල් ගෙඩියක් ගෙන එය ඔලිව් තෙල් තේ හැන්දක් සමග තලපයක් වනතුරු මිශ්‍රකරන්න. එම තලපය බෙල්ලේ ගලවා විනාඩි 15කින් සෝදා හරින්න.
  3. ලෙමන් සහ රෝස වතුර සමාන ප්‍රමාන වලින් අරගෙන හොඳින් මිශ්‍ර කොට බෙල්ල සම්බාහනය කරන්න. රැයක් පුරා මෙම ආලේපය තිබෙන්නට හැර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. එහෙමත් නැත්නම් ලෙමන් යුෂ තේ හැන්දකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍ර කොට බෙල්ලේ ආලේප කොට තබා විනාඩි 10කින් 15කින් සෝදා හරින්න.
  4. බේකින් සෝඩා, ලුණු සහ ඔලිව් තෙල් තේ හැඳි 01 බැගින් ගෙන තලපයක් වෙන තුරු හොඳින් මිශ්‍රකරගන්න. විනාඩි 20කින් පමණ සීතල වතුරින් සෝදා හරින්න.
  5. මි පැණි සහ තක්කාලි මගින්ද බෙල්ලේ ඇති අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. තක්කාලි යුෂ තේ හැන්දකට මී පැණි කලවම් කොට ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.
  6. යෝගට් සහ කහ කුඩු එකට කලවම් කොට තලපයක් ලෙස සාදා ගන්න. විනාඩි 15ක් බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න. එහෙමත් නැත්නම් යෝගට් සහ දෙහි බින්දු කිහිපයක් එකට මිශ්‍රකොට විනාඩි 20ක් පමණ බෙල්ලේ ආලේප කොට තබා සෝදා හරින්න.
  7. අර්තාපල් යුෂ මගින්ද බෙල්ලේ කළු වීම් අවම කරගන්න පුළුවන්. අර්තාපල් ගෙඩියක් ගෙන පෙති ආකාරයට කපන්න. විනාඩි 5ක් 10ක් ඔබේ බෙල්ලේ කළු වී ඇති ස්ථාන මත එය හොඳින් පිරිමදින්න.
  8. දොඩම් ලෙලි අරගෙන ඒවා වියලා කුඩු කරගන්න. දොඩම් ලෙලි වෙලිමේදී හිරු එළියේ වෙලන්න එපා. එයින් දොඩම් ලෙලි වල ඇති ශාකසාර නැතිවෙනවා. එයටම නැවුම් එල කිරි තේ හැන්දක් පමණ දමා හොඳින් මිශ්‍ර කරගන්න. එය ඔබේ බෙල්ලේ ගලවා විනාඩි 20ක් පමණ වේලෙන්නට හැර සෝදා ගන්න. දොඩම් වල ඇති විටමින් c වල ඇති ස්වභාවික ප්‍රතිඔක්සි කාරක ගුණය සහ විෂබිජනාෂක ගුණය මඟින් ඔබේ බෙල්ලේ අවපැහැ ගතිය කෙමෙන් ඉවත් කරයි.
  9. හාල් කැඳ මගින් ද බෙල්ලේ අවපැහැ ගතිය අවම කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ බත් කැඳ ගෙන ඔබේ බෙල්ල හොඳින් සම්භාහනය කිරීමයි. විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න.

Share This Article

වසරකට තොල් ආලේපන කොපමණ කනවද?

කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා....

දත්වල කහ පැහැය සහ මැළියම් ගතිය ඉවත් කර ගන්න මේ ක්‍රමය අත්හදා බලන්න

සිනහව කියන්නේ මේ ලෝකේ තියෙන වටිනාම ආභරණය. සුන්දර සිනහව තරම් වටින දෙයක් මේ ලෝකේ නැතුව ඇති. කෙනෙකුගේ ප්‍රියමනාප බව වැඩි කරන...

ඇස් යට කළුවීම වැළැක්වීමේ මාර්ග

ඔබත් මේ ප්‍රශ්නයෙන් පීඩා විඳින කෙනෙක් නම් මේ හේතු මඟහරවා ගනිමින් තමන්ගේ ඇස් ප්‍රවේසම් කර ගන්නට උත්සාහ ගත යුතුයි. ඒ සමඟම...

බඩට පටි බැන්ද පළියට බඩේ තෙල් දහනය කරන්න පුළුවන්ද?

මෙවර අප නවලිය තුළින් කතා කරන්න බලාපොරොත්තු වන්නේ ඔබට ඉතාම වැදගත් මාතෘකාවක් පිළිබදවයි. එනම් මේ දිනවල අන්තර්ජාලය හරහා බහුතරයක් හදුනාගත් උදර...

සුදු වුණාට වඩා ඉක්මනින් සම කළු කරන ෆෙයානස් ක්‍රීම්

ක්‍රීම් ඕනෙ කාටද : සාමාන්‍යයෙන් සමේ වර්ණය ගැන ගොඩක්ම අවධානය යොමු කරන්නෙ ආසියාතික අය. ආසියාතික අයගෙනුත් තලෙළු සමක් තියෙන අය. බටහිර රටවල...

මුහුණේ , රෝම සහ Blackheads ගෙදරදීම ඉවත් කර ගන්න පහසුම ක්‍රමයක් මෙන්න

මුහුණ ලස්සනට තියාගන්න අපි කව්රුත් කැමතියි නේ. ලොකු වියදමක් නැතුව ගෙදර ඉඳලා කරන්න පුළුවන් දෙයක් ගැන තමයි අද කියන්නේ. ගන්න බිත්තරයක්....