Biz Log
Classifields
Biz Log
Classifields

පෙඩ්කියෝවලටම ගැළපෙන පැක් වර්ග

කාන්තාවක් විදියට ඔබ මුහුණ වගේම දෙපයේ සුන්දරත්වය ගැනත් සැලකිලිමත් විය යුතුමයි. දෙපයට කරන පෙඩිකි්‍යු සත්කාරයන්වලදී සමට ගැළපෙන පැක් වර්ග තෝරා ගන්නට ඔබට මේ ලිපිය වැදගත් වේවි.

මුහුණට සත්කාර කිරීමේදී පළමුව සමේ ස්වාභාවය හඳුනා ගැනීමට මුල් තැනක් දිය යුතු අතරම දෙපයේ සම හඳුනා ගැනීමත් වැදගත්. වියළි, තෙල් හා සාමාන්‍ය ලෙස වර්ග කරන දෙපයේ සමට ගැළපෙන පැක් මඟින් ඔබේ දෙපයට නිරෝගී පැහැපත් පෙනුමක් ගෙන දෙයි. වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගැනීමට නම් දෙපා පිරිසුදු කර හොඳ සම්බාහනයක් ද සිදු කිරීමට අමතක නොකළ යුතුයි.

තෙල් සහිත දෙපා : තෙල් සහිත සමකට ස්වාභාවික සාරයන් මුසු වූ පැක් එකක් යොදාගත  හැකිය. සඳුන්, වෙනිවැල්, කොකුම්පොතු හා මී පැණි මිශ්‍රකර සකසා ගන්නා පැක් එක පිරිසුදු කරගත් දෙපා මත ගල්වන්න. තෙල් සහිත සමේ ඇතිවන බිබිළි පාලනය කිරීමටත් මෙය සුදුසුම සත්කාරයක්.

පාදයේ තැල්මට පැක් : නිතර ගැටෙන හා ගල් තැලුම් ඇතිවන විටත් සම රළු ස්වභාවයක් ගනියි. දෙපයේ ඇතිවන මෙම ගැටලුවලටත් ස්වාභාවික පැක් සත්කාර කදිම පිළියමක් දෙපාවල අධික වියළි බවක් හා ඉරි තැලුණු ස්වභාවයක් දිස්වන්නේද එහි පෝෂණය තෙතමනය අඩු  වීමෙහි ඛ්පචජඬ ඩඥඥත පැක් එක එවැනි දෙපාවලට වඩාත් සුදුසුයි.

වියළි දෙපයට පැක් : දෙපාවල වියළි බව දෙපා අවලස්න කරන තවත් හේතුවක්. වියළි සම නිසා දද, කුෂ්ට හා කොරල වැනි ගැටලුවලටද ඔබට මුහුණපෑමට සිදුවිය හැකිය. මෙවැනි සමකට වඩාත් සුදුසු වන්නේ තෙතමනය ආරක්ෂා කරන පැක්වර්ගයි. ජෙල් සහිත පැක් වර්ග මෙයට වඩාත් සුදුසුයි. අලිගැටපේර, ගස්ලබු, කිරි හා යෝගට් වැනි ස්වාභාවික පෝෂණය හා තෙතමනය ලබාදෙන පැක් වර්ග වියළි සමක් හිමි ඔබට ගැල්විය  හැකිය.

දෙපයේ පැහැපත් බවට : මුහුණට මෙන්ම දෙපයේ පැහැපත්  බවටත් සුදුසු ස්වාභාවික පැක් එකක් ඔබට නිවෙසේදීම සකසාගත හැකිය. අව්වට පිලිස්සීමෙන් හා පාවහන්වලට සිරීමෙන් හානි වන දෙපයට පැහැපත් බවක් දෙන්නට මෙය හොඳම සත්කාරයක්. දෙපා පැහැපත් කරන බීලිචිං සත්කාරද අද දැකිය හැකිය. සුදු පොල්තෙල් ස්වල්පයක්, ආමන්ඩ් තෙල් මිශ්‍රකර සාදා ගන්නා මිශ්‍රණයට මී පැණිද එක්කර ගන්න. දැන් මේ පැක් එක පිරිසුදු කරගත් දෙපා මත ගල්වන්න. දෙපා පිරිසුදු කර පැක් එකක් යෙදීමෙන් අනතුරුව එය සෝදා ඉවත්කර ජ්ධධබ ඛ්පඥචථ ස්වල්පයක් ගල්වා වරක්වත් දෙපා හොඳින් ස්ක්‍රබ් කර සුදුසු පැක් එකක් ගල්වන්න. එමඟින් දෙපයට නිරෝගී පැහැපත් බවක් ලබාදෙයි.

ශාලිකා රංගනී සමරදිවාකර
උපුටා ගැනීම මව්බිම

Share This Article

ඔබෙත් ඇස් යට කළු වෙලාද? මෙන්න නිවසේදීම කරගත හැකි ප්‍රතිකාර

ඇස් යට කළු වීම අද බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවක්. මුහුණ කොතරම් පැහැපත්ව තබා ගත්තත් ඇස් යට අවපැහැ ගැන්වී තිබීමෙන්...

වයසටයාම මන්දගාමී කර දිගු කලක් තරුණව සිටීමේ රහස්

අපි හැමදෙනාම හැකි උපරිම කාලයක් සෞඛ්‍යයෙන් සහ පෙනුමෙන් තරුණව ඉන්න කැමතියි. වයස අවුරුදු අවුරුදු 38ක් වන දහසක් පමණ මිනිසුන් ප්‍රමාණයක් යොදාගෙන...

මුළුතැන්ගෙයද රූපලාවන්‍යාගාරයක්

සාමාන්‍යයෙන් ගෘහණියක සහ මුළුතැන්ගෙයක් දුටුවිට ඔබට සිහිපත් වන්නේ කුමක්ද? ගෘහණිය මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කටයුතු කරන ආකාරයයි. නමුත් ගෘහණියකට පමණක් නොව, ඕනෑම...

නාන වෙලාවට මේ දේවල් වැරැදිලාවත් කරන්න එපා

ස්නානය කිරීම උපන් මොහොතේ සිට මේ වන තෙක් අපි දිනපතාම සිදුකරන දෙයක්. දෛනික ජීවිතය තුළ අත්‍යවශ්‍ය කාරණයක් වන ස්නානය කිරීම බහුතරයක්...

ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ...

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි. එවන් කෘශ ශරීර හිමි තරුණියන් ශරීරය කෘශබවින් මුදවා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම...

පැහැපත් සමක් සදහා ආයුර්වේද රහස....

ඈත අතීතයේ සිට මිනිසුන් තම රුව සම්පත රැක ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම භාවිතා කල බව ඉතිහාසයේ නොයෙකුත් සාක්ෂි ඇත. විශේෂයෙන් කාන්තාවන්...