Biz Log
Classifields
Biz Log
Classifields

අතීත කාන්තාවන්ගේ අරුම පුදුම රූපලාවණ්‍ය රහස්

අතීත කාන්තාවන්ගේ අරුම පුදුම රූපලාවණ්‍ය රහස්

1. ඈත අතීතයේ ඊජිප්තුවේ විසූවන් කිසියම් දෙයක් ලියා සන්නිවේදනයේ යෙදෙනවාට වඩා තොල් ආලේපන හරහා එම තොරතුරු අනෙකා වෙත ඉදිරිපත් කිරීමට නිතරම උත්සාහ ගෙන තිබුණා. 

2. ඊජිප්තු ශිෂ්ටාචාරයේදී පවා සුවඳ විලවුන් භාවිත කර ඇත. එසේ භාවිත කිරීමට හේතු වූයේ වෛද්‍ය අරමුණු සඳහා හා සුවඳ ගල්වන වශයෙනි. උදා : ම්රනඩඪ යනු එක්තරා ඊජිප්තු සුවඳ විලවුන් වර්ගයකි. එය විවිධ වූ මල් වර්ග, පැණි හා බෙරිස් ඇතුළත් කර සකසා ඇත. මීට අමතරව මෙය පානයක් ලෙසද භාවිත කර ඇත. ඒ වගේම ඖෂධයක් වශයෙන් පෙණහලු ආශ්‍රිත බඩවැල් ආශ්‍රිත සහ අක්මාව ආශ්‍රිත රෝග සුව කර ගැනීම සඳහාද එය භාවිත කර තිබුණා. 

3. අතීත ග්‍රීසියේ ජීවත් වූවන්ගේ හිසකෙස් කහ පැහැ ගැන්වී තිබූ අතර ග්‍රීක ජාතිකයන්ගේ හිසකෙස් උපතින්ම තඹ පාටින් යුක්ත වුණා. හිසකෙස් මතට අව් කිරණ වැටීමෙන් පසුව ඒ තුළින් අමුතු ලස්සනක් දිස් වුණා. ඒ කාලයේ කාන්තාවන් තම හිසකෙස් වර්ණ ගැන්වීමට ශාකවලින් ඉවත්වන කෙඳි හා පාසානම් භාවිත කර තිබෙනවා. මීට අමතරව එම කාන්තාවන් ඔවුන්ගේ හිසකෙස් සේදීමට අළු, ඔලිව් තෙල් හා වතුර මිශ්‍ර කර සාදා ගනු ලබන මිශ්‍රණයක්ද භාවිත කර ඇත. 

4. අතීතයේ සිටම මැදි වයසේ කාන්තාවන් විවිධ වූ ආහාර යොදා ගනිමින් ඒවා රූපලාවණ්‍ය ක්‍රියාවලින්ට ආධාරයක් වශයෙන් භාවිත කිරීමට පුරුදු වී සිටියා. පිපිඤ්ඤා යුෂ පානය කිරීම තුළින් ඔවුන්ට ශරීරයේ ඇති ලප ඉවත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන්නේ ඒ නිසයි. කාන්තාවන් ඔවුන්ගේ ශරීරයේ පවතින රැළි ස්වභාවය ඉවත් කර ගැනීමටත් ආහාර යුෂ මඟින් සකසන ලද ආලේපන යොදා ගෙන තිබෙනවා. එම ආලේපන අතර ඉටි, ආමන්ඩ් තෙල්  භාවිතයෙන් නිපදවා ඇත. 

5. ජපාන කාන්තාවන් ඔවුන්ගේ සුන්දරත්වය පිළිබඳ ඔවුන් විසින්ම යම් යම් නිගමනවලට පැමිණ තිබෙනවා. එක් කාන්තාවක් විසින් කළ ස්වයං විනිශ්චයකට අනුව ඇයගේ කොණ්ඩය අඩි 2ක් පමණ ඉණ දක්වා වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කොණ්ඩා විලාසිතාව ජනප්‍රිය වී ඇත. 

6. ඉතාලියේ ඇති වූ පුනරුදයේදී ඉතාලි ජාතික කාන්තාවන් රතු තොල් සහ කම්මුල් වර්ණ ගැන්වීම සිදු කළා. ඔවුන් ඒ සඳහා කුකුළු සායම්, සඳුන් සමඟ ඉටි හෝ තෙල් (ග්‍රීස්) මිශ්‍ර කර තිබෙනවා. නමුත් එය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වී ඇති අතර තොල් ආලේපනයට යොදා ගනු ලබන රතු පාට ඉස්තරම් ආකාරයට ලබා ගැනීමට නම් එම මිශ්‍රණය සතියකට වඩා වැඩි කාලයක් තැබිය යුතු වුණා. 

7. එකල ස්පාඤ්ඤ වැසියන්ට පිඟන් මැටි ආරක්ෂා කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙන්න සිදුවී තිබෙනවා. එසේ සිදුකළේ එරට කාන්තාවන් ලස්සන වීමට පිඟන් මැටි හා පස් ආහාරයට ගැනීමට හුරු වී සිටි බැවිනි. ඒවා ආහාරයට ගැනීමෙන් පසුව ඔවුන්ට ලේ අඩුකම හෙවත් සුදුමැළි වීම යන රෝගය පවා වැලැඳුණා. 

උපුටා ගැනීම මව්බිම

Share This Article

ඇඟ හැඩ ගත හැකි ආහාර

කාන්තාවන් තමාගේ රුව පිළිබඳව අවධානය යොමු කිරීමේදී මුහුණ, හිසකෙස්‌, සම පිළිබඳව මෙන්ම සිරුරේ හැඩය පිළිබඳවත් විමසා බැලීමට වර්තමානයේ යොමුවී ඇත. එනිසා...

100% ක්ම ස්වාභාවික දේවල් යොදාගෙන ගෙදරදීම ෆේෂල් සත්කාරයක් කර ගනිමු

රුව ලස්සන කර ගැනීම සදහා අප සියලු දෙනා වැඩි සැලකිල්ලක් දක්වනවා. නමුත් කාර්යබහුල බව නිසා බොහෝ විට රුපලාවන්‍යගාරයක් වෙත යෑම ඔබට...

පර්ෆියුම් යූස් කරන්න කලින් කියවන්න..

සුවඳ විලවුන් ගැල්වීම ස්මාර්ට් වැඩක්. නමුත් නිසි අවබෝධය නැතිව සුවඳ විලවුන් ගල්වන්න ගියොත්, අන් අයගේ අප්‍රසාදයට ලක් වීමටත්, තමාට ගැටළු ඇති...

මුහුණට පැහැපත් හිතකර මේක්අප්

බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන් ගේ...

මූහූණේ ලස්සන නැති කරන අනවශ්‍ය රෝම ඉවත් කරමූ

පැහැපත් වූණත් මූහූණට අවලස්සනක් එක්කරන දෙයක් තමයි උඩූ තොලේ සහ කම්මූලේ දෙපස අනවශ්‍ය රෝම තිබීම. ඇතැම් අය මෙය වැක්ස් කිරමෙන් ඉවත්කර...

හිසකෙස්‌ සුදු වෙන්නට පෙර ඒ ගැන සැලකිලිමත් වෙන්න

ස්‌වභාවිකව ලැබුණු කෙස්‌ කළඹ ආරක්‍ෂා කරගැනීමට අප සැවොම උනන්දු විය යුතුයි. බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක්‌ වන්නේ කෙස්‌ කළඹ අකලට සුදුවීමයි. බොහෝ...