Biz Log
Classifields
Biz Log
Classifields

නිරෝගී කෙස් කලඹක් හිමි යුවතියන්ගේ - රහස් 9ක්

නිරෝගී කෙස් කලඹක් හිමි යුවතියන්ගේ - රහස් 9ක්

තම සුන්දරත්වය ගැන සිතන යුවතියන් සම මෙන්ම හිසකෙස් පිළිබඳත් උනන්දුවෙන් කටයුතු කරනවා. නිරෝගී වරලසක් හිමි කර ගන්න ඔබත් කැමැති නම් මේ කාරණා ගැනත් සිතන්න. 

1. හැකි හැම විටම : ස්වාභාවික දෙයට මුල් තැන. ඔබ කෙතරම් අවිවේකී වුවත් සතියකට වරක් හෝ හිස කෙස් වලටද විවේකයක් ලබාදෙන්න. නිව්යෝර්ක් නගරයේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ සතියකට වරක් හෝ හිසකෙස්වලට ප්‍රාණවත් බවක් ලබාදිය යුතු බවයි. ස්නානය කළ පසු හිසකෙස් සුළඟින් වියළීමට හරින්න. හිසකෙස් තද නොකර ලිහිල්ව බැඳ තබා ගන්න. 

2. හිස් කබල ගැනත් හිතන්න : හිස් කබල නිතර කසමින් සිටින විට ෂැම්පු යොදා පිරිසුදු වුවත් එය ප්‍රමාණවත් නොවේ. දිගු කාලයක සිට හිස්හොරි හිසේ ඇත්නම් වහාම සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ගොස් ප්‍රතිකාර ලබා ගන්න. 

3. පෝෂණීය ආහාර ගන්න : ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. ප්‍රෝටීන් හිසකෙස් මර්දනයට අත්‍යවශ්‍යම පෝෂණ සංඝටකයක්. මේ නිසා සමබල ආහාර වේලකින් ප්‍රෝටීන් නොලැබෙන්නේ නම් නිරෝගී කෙස් වර්ධනයට එය බාධාවකි. 

4. උණුසුම් යන්ත්‍රවලින් ඈත්වන්න : දිනපතා ස්නානය කළ පසු හිසකෙස් වියළන යන්ත්‍රය භාවිතයට හුරුව සිටින්නේද? අධික උණුසුම් මෙවැනි යන්ත්‍රවලට හිසකෙස් වැඩි වේලාවක් අල්ලා සිටීමෙන් හිසකෙස්වලට හානි වෙයි. මේ නිසා අඩු උණුසුමට පමණක් අල්ලා හිසකෙස් වියළා ගන්න. හිසකෙස් කර්ල් හෝ ස්ට්‍රේට් කරන්නේ නම් ඊට පෙර හිසකෙස් ආරක්ෂා කරන ස්ප්‍රේ එකක් භාවිත කිරීමට සිහි තබා ගන්න. 

5. සතියකට වරක් conditioner යොදන්න : බොහෝ සමේ රෝග විශේෂඥයන් හා හිසකෙස් විලාසිතාකරුවන්ද conditioner භාවිතය අනුමත කරයි. හිසකෙස් වියළීම වළක්වා තෙතමනය ආරක්‍ෂා කිරීමට සතියකට වරක් හෝ සුදුසු conditioner එකක් භාවිත කිරීමට සිහි තබාගන්න. 

6. හිස් ආවරණ පලඳින්න : දැඩි අව් රශ්මියට නිරාවරණය වීමෙන් සම පමණක් නොව හිසකෙස්ද වියළී පිලිස්සීමට ලක් වෙයි. එම හානි වළක්වා ගැනීමට නම් දිවා කාලයේ පිටතට යන ඔබ හිස් වැස්මක් හෝ හිරු කිරණ පරාවර්තන කරන කුඩයක් අතැතිව යන්න. 

7. උණුසුම් ජලයෙන් ස්නානය නොකරන්න : ඇතැම් විට ඔබත් වැසි කාලයේ අධික සීතල නිසාම උණු ජලයෙන් ස්නානය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා ඇති. නමුත් ඔබේ සම මෙන්ම හිසකෙස්ද උණු ජලයෙන් සෝදා හැරීමෙන් වියළෙයි. මේ නිසා ඇල් ජලයෙන් ස්නානය කිරීම වඩාත් සුදුසුයි. 

8. නිවැරැදිව හිසකෙස් පීරාගන්න : හිස පීරාගැනීමත් හිසට හොඳ ව්‍යායාමයක්. නමුත් දිනකදී වැඩි වාරයක් හිසකෙස් පීරීමද හිසකෙස් කැඩී යෑමට හේතු විය හැකියි. මේ නිසා දිනකට වරක් පමණක් කොණ්ඩය පීරා ගැනීම සෑහෙයි. 

9. දේශගුණය අනුව නිෂ්පාදන තෝරා ගන්න : හිසකෙස්වලට විවිධ නිෂ්පාදන වර්ග තෝරා ගන්නා විටත් ඒ දේශගුණ වෙනස පිළිබඳ දැනුවත් වීම වැදගත්. මේ නිසා අප කොණ්ඩයට නිෂ්පාදන වර්ග තෝරන විට බටහිර රටවල නිෂ්පාදනවලට වඩා ආසියානු නිෂ්පාදනවලට මුල් තැනක් දෙන්න. 

උපුටා ගැනීම මව්බිම

Share This Article

රුව රැකෙන රහස්‌ සුන්දර කෙස්‌ කළඹක්‌

කාන්තාවකගේ රූපය ලස්‌සන කරන අංගයක්‌ ලෙස හිසකෙස්‌ දක්‌වන්නට පුළුවන්. ඒ නිසා ම සෑම කාන්තාවක්‌ ම වාගේ තමන්ගේ හිස කෙස්‌ අලංකාරව තබා...

කකුල් වල මහත වැඩි නම් ව්‍යායාමයක්..

කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා....

ඉවත දමන තේ බෑගයකින් රුව ලස්සන කරගන්න හැටි දන්නවාද?

තේ බෑගයකින් (Tea Bag)  තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිතා කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි...

ව්‍යායාම කරලා නතර කළොත් මහත් වෙනවද?

දිනපතා ව්‍යායාම් කරමින් ක්‍රියාශීලීව දවස ගත කරන ඔබට කාර්යබහුලත්වය නිසාම  මේ දේවල් අතපසුවන්නට පුළුවන්. ව්‍යායාම නැවැත්වීමෙන් පසු සිරුර තරබාරුවීම හා රෝග...

ලස්‌සන ඈත් කරන ඔබ නොදැන කරන වැරදි ක‍්‍රියා

ලස්‌සන ගැන කතා කිරීමේදී නිරෝගී, පිරිපුන් සම ප‍්‍රධාන තැනක්‌ ගන්නවා. සම නිරෝගීව තබා ගැනීමට උත්සාහ කරන බොහෝ යුවතියන්, කාන්තාවන් නොදැන කරන...

අකලට හිසකෙස්‌ සුදුවීම සහ ගැලවී යැම

බොහෝ කාන්තාවන් සහ පිරිමින්ට වධ දෙන ගැටලුවක්‌ බවට අකලට හිස කෙස්‌ යැම සහ අකලට හිසකෙස්‌ සුදුවීම පත්ව තිබේ. මේ පිළිබඳ නාඩි...