කාන්තාවන් තරුණ කාලයේදී බොහෝ වෙහෙසීම පසූ කාලයට බලපෑමක්
"ඉස්සර වගේ නෙමෙයි දෑන් මට කිසිම දෙයක් කරගන්න බැහැ. පොඩ්ඩක් නැමිලා දිග ඇරුණත් කොන්ද රිදෙනවා" මේ කතාව බොහෝ කාන්තාවන් වෙතින් නිතර අසන්නට ලැබෙනවා. ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතරින් වැඩි පිරිසක්, 50% ක් පමණම මේ කොන්දේ අමාරුව ගැන පැමිණිලි කරනවා. කාන්තාවන් තරුණ කාලයේදී බොහෝ වෙහෙසී කටයූතු කරනවා. එවිට ඔවූන්ගේ කොන්දේ ඇති අස්ථිබන්ධය දුර්වල වීමට පූළුවන්. විශේෂයෙන්ම ලිඳෙන් වතුර ඇදීම, දර හිසේ තියාගෙන යාම, බර ඉසිලීම වැනි බර වැඩ හේතුවෙන් මේ තත්ත්වය වැඩිවෙනවා. ඒ වගේම කාන්තාවක් දරු ප්‍රසූතියට මූහූණදීම නිසාත් මේ දෙය සිදුවෙන්නට පූළුවන්. දරු උපත් ප්‍රමාණය වැඩිවනවිට මේ තත්ත්වය වැඩි වෙනවා. දරු උපතට සූදානම් වන විට වැදැමහේ ඇතිවන හෝර්මෝන වෙනස්වීම හේතුවෙන් කොඳු ඇට පෙළෙහි අස්ථි බන්ධය මෘදු වේ. මේ තත්ත්වය නිසා ගර්භණී මවූවරුන්ට වැඩිපූර කොන්දේ කැක්කුම ඇතිවෙනවා.
ලංකාවේ බොහෝ මවූවරුන්ට දරු උපතින් පසූව තමන්ගේ ගෙදර දොරේ වැඩ කටයූතු තනිවම කරගන්න සිදුවෙනවා. මේ වනවිට කොදු ඇට පෙළෙහි අස්ථි බන්ධය මෘදුවෙලා තියෙන නිසා මවූවරු බර වැඩ කරන්නට යාමෙන් අස්ථි බන්ධය තවත් ඇදීමට ලක්වෙලා කොන්දේ කැක්කුම ඇතිවන්නට පූළුවන්. මේ තත්ත්වයට ප්‍රතිකාර නොකළහොත් මෙය වැඩි විය හැකියි.
ඒ වගේම දරු ප්‍රසූතියේදී දරුවා බිහිකිරීමට මව වැඩි වේලාවක් තැටමීම හේතුවෙන් ගර්භාෂය අවට ඇති අස්ථි බන්ධය ඇදීමට ලක් වී කොන්දේ කැක්කුම ඇතිවෙනවා. මේ කොන්දේ කැක්කුමට ප්‍රතිකාර ලබාගන්න ඕන. ඒ සඳහා බොහෝ විට ලබාදෙන්නේ භෞත චිකිත්සක ප්‍රතිකාර. එම ප්‍රතිකාරවලින් බොහෝ දුරට මේ වේදනාව නැති කරගැනීමට හැකියාව තිබෙනවා.
නමූත් මේ කාලයේදී කොන්දේ කැක්කුම තියෙන්නේ බබා ලැබූනූ නිසා කියලා හිතලා අවධානය යොමූ නොකර හිටියොත් පසූ කාලය වනවිට ක්‍රම ක්‍රමයෙන් මෙය වැඩිවන්නට පූළුවන්. විශේෂයෙන්ම වයසට යනවිට ආර්තවහරණය සිදුවන විට ඊස්ට්‍රජන් හෝර්මෝනය හීනවීමෙන් මෙම අස්ථි බන්ධය තව දුරටත් ගිලිහිල්වෙලා පහළට එල්ලෙන ස්වභාවයක් දරනවා. එවිට කොන්දේ කැක්කුම වැඩිවෙනවා.
දරු උපත් ප්‍රමාණය වැඩිවන විට එනම් දරුවන් 4,5 හෝ 6 ක් පමණ ලැබූ මවූවරුන්ගේ ගර්භාෂය පහත්වීම හේතුවෙන් කොන්දේ අමාරුව ඇතිවෙනවා. ඊස්ට්‍රජන් හෝර්මෝනය අවම වීම නිසා මේ තත්ත්වය වැඩිවෙනවා. ඇතැම් විට මූත්‍රාශය පවා පහත්වීමට පූළුවන්. මේ අවස්ථාවලදීත් කොන්දේ වේදනාව බහූලව දකින්නට පූළුවන්.
ආර්තවහරණය සිදුවීමට පසූව කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් හෝර්මෝනය අඩූවීම හේතුවෙන් කොඳු ඇට පෙළෙහි ශක්තියද ක්‍රමයෙන් අඩූ වී යයි. මෙය ඔස්ටියෝපොරෝසීස් ලෙස හඳුන්වනවා.
කාන්තාවන්ට වගේම පිරිමි පකෂයටත් මේ රෝග තත්ත්වය ඇති වෙනවා. නමූත් කාන්තාවන්ගේ බහූලතාවක් ලැබෙන්නේ ඊස්ට්‍රජන් හෝර්මෝනය අහිමිවීම නිසා යි.
වෙනත් රටවල කාන්තාවන්ගේ ඇට කටූවල ශක්තිය පරිකෂාකර බැලීමේ පරීකෂණ රජයේ රෝහල්වල ක්‍රියාත්මක වෙනවා. ලංකාවෙත් මෙය සිදුකරනවා. නමූත් හැම තැනකම මේ පරීකෂණය සිදුවන්නේ නෑ. එම පරීකෂණයේදී ඇටකටූවල ශක්තිය අඩූ බව හෙළිවූනොත් ඔවූන්ට ඒ සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් පසූකාලයේදී ඔස්ටියෝපොරෝසීස් තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නට පූළුවන්.
මේ සඳහා ඊස්ට්‍රජන් හෝමෝන පෙති ලබාදීම එක් ප්‍රතිකාරයක්. ඒ හැරුණූ විට වෙනත් ඖෂධ ද තිබෙනවා. විදෙස් රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක වූවත් අපේ රට වැනි රටක එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තරමක් අපහසූයි. නමූත් පෞද්ගලිකව ඒ සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පූළුවනි.
අපි මෙතෙක් කතා කළේ රෝගයක් නිසා ඇතිවන කොන්දේ වේදනාව ගැන නොවේ. සාමාන්‍යයෙන් ඇතිවිය හැකි කොන්දේ වේදනාව ගැනයි. මෙය එදිනෙදා කටයූතුවලදී දරු උපත් සිදුවීම නිසා වැනි හේතුන් මත ඇතිවිය හැකි කොන්දේ වේදනාවයි.
උදරය ඉදිරියට නෙරා ඒම යනු පොදුවේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම මුහුණ දෙන ගැටලුවකි. ඇතැම් අයගේ අඩු වයසින්ද, ඇතැම් අය තරමක් වයස් ගත...
ගර්භාෂගත රෝග පිළිබඳව කතා කරන විට අතීතයට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් දක්නට ලැඛෙනවා. ගොඩක් වෙලාවට මාසික ආර්තවයේ සිදුවන අක්‍රමිකතා සමඟින් පටන් ගැනෙනා...
කෙමිකල් පීල් Chemical Peel ප්‍රතිකාරයෙන් අලුත්ම අලුත් සමක් ප්‍රතිකාර ගන්න ඕනෑ සුදුසුකම් ඇති වෛද්‍යවරුන්ගෙන් පමණයි. වයස, කුඩා වියේදීත් සැබෑම සාඩම්බරයකි. නව...
පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ධාන්‍ය ආහාර හා...
වැඩිවියට පත්වීමෙන් පසූ බොහෝ කාන්තාවන්ට ඔසප්වීමේදී යටි බඩේ, කොන්දේ වගේම ශරීරයේ යම් යම් ස්ථානවල වේදනා ඇතිවෙනවා. සාමාන්‍ය වේදනාවක් ඇතිවීම ස්වභාවිකයි. නමූත්...
දරු පිළිසිඳ ගැනීමක් කල්දමා ගැනීම සඳහා පාවිච්චි කරනු ලබන පෙතිවල අන්තර්ගත වන්නේ මොනවා ද? දරු පිළිසිඳ ගැනීමක් කල්දමා ගැනීම සඳහා පාවිච්චි...