වැඩිහිටි කාන්තාවන්ට පාන්/බත් අගුණයි?
පාන් (සුදු පාන්) හා බත් ආහාරයට ගැනීමෙන් වැඩිහිටි කාන්තාවන්ට ආතතිය ඇතිවීමේ අවදානම වැඩි බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ධාන්‍ය ආහාර හා එළවළු ආහාරයට ගැනීමෙන් එම තත්ත්වය මඟ හරවා ගත හැකිය. සීනි ආදේශක ආහාරවලින් රුධිරයේ සීනි ප්‍රමාණය වැඩිවන අතර සිරුරේ ඉන්සියුලින් හෝමෝනය සිරුරෙන් ඉවත් කිරීමට මග පාදයි. මේ හරහා සිදුවන ක්‍රියාවලිය නිසා ආතතිය විෂාදය ඇතිවීමේ අවදානම වැඩිවන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 100 දෙනකුගෙන් තිදෙනකුම ආතතියෙන් පෙළෙන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. කරන ලද මෙම පර්යේෂණයට කාන්තාවන් 70,000කට ආසන්න පිරිසක් යොදාගත් අතර එහිදි අනාවරණය වූයේ කාබෝහයිඩ්‍රේට් (රහිත) ආදේශක ආහාර හා ආතතිය අතර සම්බඳතාවක් පවතින බවයි. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගත්විට රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ යයි. ග්ලයිසෙමික් අගය (ජී.අයි අගය) 1ත් 100ත් යනු ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි ප්‍රමාණය මනින ආකාරයයි. පිරිපහදු කාබෝහයිඩ්‍රේට් ආහාර එසේත් නැතිනම් කාබෝහයිඩ්‍රේට් නොමැති ආහාර ගත්විට ජී.අයි අගය ඉහළ යන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. ඉන් අදහස් වනුයේ රුධිරයේ ඇති සීනි ප්‍රමාණය ඉහළ ගොස් ඇත යන්නයි.
(ඬේලිමේල් ඇසුරිනි)
මවකගේ, ගෘහණියකගේ සෞඛ්‍යය මුළු පවුලේම සෞඛ්‍යය හඟවන කැඩපතක් බව සැලකිය හැකිය. එහෙත් කාන්තාවකගේ සෞඛ්‍යය බිඳවැටීම නිසා ඇයගේ සෞඛ්‍යය පමණක් නොව මුළු...
ගැබ්ගෙල පිළිකා තත්ත්වය හඳුනා ගැනීමට සිදු කරන ප්‍රධානම පරීක්ෂණයක් ලෙස පැප් පරීක්ෂණය හඳුනා ගත හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි පරීක්ෂණයකට අවුරුදු 35න් පසුව...
මිනිස් සිරුර කියන්නේ ස්වභාව ධර්මයෙන් නිර්මාණය කළ අපූරු නිමැවුමක්. මෙම සිරුරේ සියලු පද්ධති ක්‍රියාත්මක වන්නේ එකිනෙකට සම්බන්ධ වෙමිනි. මින් එක් පද්ධතියක...
කෙට්ටුවීමට දරන මහන්සිය නිසා මානසික රෝග ඇතිවෙන්නත් පුළුවන් දිගින් දිගටම ආහාර පාලනය කරන විට පසුකලෙක එය මානසික රෝගයක් බවට පත්විය...
කාන්තාවකගේ ජීවිතයේ ඇය ගත කරන කාලසීමා විවිධ පරාසයන්හි විහිදී යයි. විටෙක ඉතාම සුරතල් දැරියක් ලෙසද තවත් වරෙක සුන්දර තරුණියක් ලෙසද තවත්...
"ඉස්සර වගේ නෙමෙයි දෑන් මට කිසිම දෙයක් කරගන්න බැහැ. පොඩ්ඩක් නැමිලා දිග ඇරුණත් කොන්ද රිදෙනවා" මේ කතාව බොහෝ කාන්තාවන් වෙතින් නිතර අසන්නට...