Biz Log
Classifields
Biz Log
Classifields

පිළිකාවෙන් පියයුරු ඉවත් කළ කාන්තාවන්ට කෘත්‍රිම පියයුරු

පිළිකාවෙන් පියයුරු ඉවත් කළ කාන්තාවන්ට කෘත්‍රිම පියයුරු

පියයුරු පිළිකාව කියන්නේ කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙන පිළිකා වර්ගයයි. මෙම පියයුරු පිළිකාව මුල් අවස්ථාවේ හඳුනාගැනීම තුළින් යහපත් වූ ප්‍රතිඵල අත්කර ගැනීමට අවස්ථාව තිබෙනවා. නමුත් රෝගය හඳුනාගැනීම පමාවුණොත් පියයුරු ඉවත් කිරීමට සිදුවෙන අවදානම වැඩියි. මෙලෙස ඉවත් කිරීමට සිදුවුණොත් පියයුරු හෝ පියයුරු යුගල නැවත සැකසීමට හැකියාව තිබෙනවා. පිළිකා රෝගය නිසා සැත්කමකින් පියයුරු ඉවත් කළ කාන්තාවන්ට මෙය සුබ ආරංචියක්. පියයුරු නැවැත සැකසීම ආකාර ත්‍රිත්වයකින් සිදුකරනු ලබනවා. 

පළමු ක්‍රමය : 

ඇඟේ තිබෙන පටක, එනම් උදරය ආශ්‍රිතව තියන මාංසපේශියයි, ඒ අවට තියෙන සමයි, මේද තට්ටුයි ඔක්කොම අරගෙන ඒවා මඟින් පියයුරු නැවැත සකස් කිරීම සිදුකරනවා. ඒ වගේම පිට ප්‍රදේශයෙන් ගන්න පුළුවන් මාංස පේශියි, සමයි මේද තට්ටුවත් අරගන්න පුළුවන්. නමුත් එහිදී ගැටලුවක් මතුවෙනවා. එනම් උදරයේ මෙන් පිටේ තිබෙන මේද තට්ටුව ගනකම නැතිවීමයි. පියයුරු කුඩා නම් පිටෙන් ගන්න මාංසපේශි ප්‍රමාණවත් වෙනවා. ඉවත්කරන පියයුරේ ප්‍රමාණය අනුව තමයි මාංසපේශිත් ගන්නේ කොතැනින්ද යන කාරණය තීරණය කරන්නේ. 

දෙවැනි ක්‍රමය : 

තවත් ආකාරයක් ලෙස තට්ටම් ප්‍රදේශයෙන් මාංසපේශි හා රුධිර නහර ලබාගෙන සිදුකිරීම දක්වන්න පුළුවන් වෙනවා. ලේ නහරත් සමඟම ලබා ගැනීම තුළින් ලේ නහර බද්ධ කිරීම අවශ්‍ය වෙන්නෙ නැහැ. පියයුරු සකස් කිරීමේදී මේ ලේ නහර කිහිල්ලේ තියන ලේ නහර සමඟ සම්බන්ධ කරනු ලබනවා. ධමනි හා ශිරා කියන රුධිර නහර දෙකම මෙහෙම සම්බන්ධ කරනවා. මෙලෙස සිදුකරන පියයුරු සැකසීම් වේදනාකාරී වැඩි වෙනවා. එසේ වෙන්නෙ ශරීරයෙන් මාංසපේශීන් අරගෙන සිදුකරන නිසායි. එම මාංස පේශීන් ලබාගත් ස්ථාන තුවාල වශයෙන් කලක් යනතුරු පැවැතීමද සිදුවෙනවා. 

තෙවැනි ක්‍රමය : 

තෙවැනි ආකාරය ලෙස සැත්කම සිදුකරන විට පියයුරු ඉවත් කිරීම සිදුකරන අවස්ථාවේදී පියයුරේ බාහිර සම ඉතිරි කර අභ්‍යන්තර කොටස් ඉවත් කිරීම මෙහිදී සිදුවෙනවා. එහිදී පියයුරු නැවැත රෝපණය කරන ක්‍රියාවලියකට යොමුකරවනවා. විශේෂයෙන්ම මෙම පියයුරු සැකසීම පිළිබඳ රෝගීන් බොහෝමයක් තුළ පවතින දැනුවත් බව හීනයි. වෙනත් ස්ථානවලින් මාංසපේශීන් රැගෙන සිදුකරනු ලබන ක්‍රම තුළින් ඇතිවන තුවාල සුව වීමට ගතවන කාලය අධික වීම නිසා ඔවුනට අවශ්‍ය අනෙකුත් ප්‍රතිකාර වන විකිරණ ප්‍රතිකාර, ඔෟෂධ ලබා ගැනීම පවා පමාවීම සිදු වෙනවා. ඒ නිසා වඩාත් සුදුසුවන්නේ ඉහත දැක්වූ තුන්වැනි ක්‍රමයයි. නමුත් එම තුන්වැනි ක්‍රම සඳහා අධික වියදමක් වැය වන බැවින් රජයේ රෝහල්වල පහසුකම් නැති නමුත් පෞද්ගලික රෝහල් මඟින් සිදුකර ගත හැකියි. පියයුරුවල අසාමාන්‍ය වූ වෙනස්කම් පවතී නම් හැකි ඉක්මනින් සුවනාරී සායනයකට හෝ ළඟම ඇති වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත යන්න. පියරු පිළිකාව ඉක්මනින් හඳුනා ගැනීම තුළින් පියයුරු ඉවත් කිරීම දක්වා නොයා ප්‍රතිකාර ලබා ගැනීම තුළින් ඔබට නැවැත නිරෝගී ජීවිතයක් ලබා ගන්න පුළුවන්. නමුත් කල්ගත වීමෙන් පසු හඳුනාගැනීම නිසා පියයුරු ඉවත් කිරීම දක්වාම ඔබට ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවෙනවා.

උපුටා ගැනීම මව්බිම

Share This Article

ආර්තවහරණයෙන් පසු කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන සංකූලතා

ආර්තවයෙන් පසු වැඩි වයස් ගතවත්දී ඕනෑම කාන්තාවක් මුහුණ දෙන මීළඟ තත්ත්වය වන්නේ ආර්තවහරණයයි. ආර්තවහරණය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද ඇති...

ඔසප් කාලයට සුදුසු නුසුදුසු ආහාර

මාසිකව සිදුවන ආර්තවයේදී බොහෝ කාන්තාවන් අපහසුතාවට පත් වෙනවා. මාංස පේශිවල වේදනාව, රුධිරය පිටවීම හා සම වියැළීම වැනි අපහසුතා පාලනය කර ගැනීමට...

විවාහ වී මසකට පසු යෝනි මාර්ගයේ කැසීමක් සහ දැවිල්ලක් හටගත්තා

වෛද්‍යතුමනි මාගේ වයස අවු. 40කි. දෙදරු මවක් ද වෙමි. විවාහ වී දැනට අවු. 16ක් පමණ වෙනවා. විවාහ වීමට පෙර අධික සුද...

වායුසමීකරණය කරන ලද කාමරයක රැකියාව කරන ඔබට වැළැඳිය හැකි රෝග

හරි රස්නෙයි... නෑ සීතලයි... රස්නෙයි... අපට සීතලයි... මොනවා සීතලයි? ඔව් අපිට සීතලා...යිබොහෝදෙනෙක් එතරම් නොතැකුවත් මෙවන් සීත, උණුසුම් ගැටුම් හැමතැනම. මේ කුමනාකාරයේ ගැටුමක් කියාද ඔබ සිතන්නේ? එක් එක්...

අකලට හිසකෙස් ගැලවීයෑම වළක්වන අලුත්ම ප්‍රතිකාරය

හිසකෙස් ගසක් වර්ධනය වන අවස්ථාව (catagen phase) , වර්ධනය නැවැතී සිටින අවස්ථාව (catagen phase)  සහ ගැලවී යන අවස්ථාව(telogen phase) යන ආකාර තුනෙන් පැවැතිය...

ටෙ‍්‍රන්ඩ් එකට ස්ලිම් වෙන්න ගිහින් අපරාදෙ ලෙඩ වෙනවා

කෙට්ටුවීමට දරන මහන්සිය නිසා මානසික රෝග ඇතිවෙන්නත් පුළුවන් දිගින් දිගටම ආහාර පාලනය කරන විට පසුකලෙක එය මානසික රෝගයක් බවට පත්විය...