පියයුරු පිළිකාවට ප්‍රධාන හේතුව ආහාර
පියයුරු පිළිකා රෝගය මේ වන විට සාමාන්‍ය රෝගයක් වන තරමටම ව්‍යාප්ත වෙලා. ඒ නිසාම මෙම රෝගය සඳහා ඖෂධ ප්‍රතිකාර සෙවීම, රෝග වළක්වා ගැනීමේ ක්‍රමවේද සොයා බැලීම මේ වන විට පුළුල් ක්‍ෂේත්‍රයක් බවට පත්ව තිබෙනවා. සෑම කාන්තාවන් අට දෙනකුගෙන්ම එක් අයකුට වැලඳෙන පියයුරු පිළිකාව පිළිබඳ පර්යේෂණ සිදු කරන අය අතර ලන්ඩනයේ රෝයල් පෞද්ගලික රෝහල ප්‍රධානයි. පසුගියදාක ඔවුන් පියයුරු පිළිකාව වළක්වාගත හැකි ආහාර කිහිපයක්ම ලෝකයට හඳුන්වා දුන්නා.
සෝයා ආහාර :
ඒ අනුව නිතර සෝයා හෝ සෝයා අඩංගු ආහාර ආහාරයට ගැනීම, බේරාකලී සහ බීට්රූට් ආහාරයට ගැනීම මඟින් පියයුරු පිළිකා අවදානම මඟහරවා ගන්න පුළුවන්. එසේම පියයුරු පිළිකා වැලැඳීමෙන් වැළැකීමට අවශ්‍ය ප්‍රතිශක්තියද ඉන් ලබා ගන්න හැකියාව ලැබෙනවා. බ්‍රිතාන්‍යයේ පමණක් වසරකට කාන්තාවන් 55,000ක ප්‍රමාණයක් පියයුරු පිළිකා පරීක්ෂා කර ගැනීමේ ප්‍රතිකාරය සඳහා යොමු වනවා. විශේෂයෙන් ජීවන රටාව, ආහාර, ව්‍යායාම්වල අඩුපාඩුකම් ද මෙලෙස පියයුරු පිළිකා ඇති වීමට ප්‍රධානම හේතුයි.
එළවළු - පලතුරු :
නිතර පලතුරු ආහාරයට ගැනීම, එළවළු වැඩියෙන් ආහාරයට ගැනීම මඟින් පියයුරු පිළිකා අවදානම වළක්වා ගන්න පුළුවන්. හොඳ ආහාර පාලන රටාවක්ද ඒ සඳහා උදවු වනවා.
ඔලිව් තෙල් :
එලෙසම බර හොඳින් පාලනය කර ගත යුතු වනවා. ඒ සඳහා දිනකට මිනිත්තු 20ක් පමණ ව්‍යායාම කිරීමත් ප්‍රමාණවත්. එසේම එළවළු, පලතුරු ආහාරයට ගැනීමේදීත් නැවුම් එළවළු, පලතුරු තෝරා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. හිතුමතේ එළවළු, පලතුරු අඩු මිලට ගෙන ආහාරයට ගැනීම වෙනත් රෝගවලට අතවැනීමක් වනවා. මීට අමතරව ඔලිව්තෙල් ආහාරයට ගැනීමත් පියයුරු පිළිකා වැළැක්වීමට හොඳ ප්‍රතිකර්මයක්.
ප්‍රධාන හේතුව ආහාර :
බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා රෝගීන්ගෙන් බහුතරය ආහාරමය හේතු මත රෝගාතුර වූ අය බව නවතම පර්යේෂණයකින් හෙළිව තිබෙනවා. මේ නිසාම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ දිනකට එළවළු සහ පලතුරු ග්‍රෑම් 400ක්වත් ආහාරයට එක්කර ගත යුතු බවයි.
බේරාකලී :
බේරාකලී ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන අතර පිළිකා විරෝධී සෛල ශක්තිමත් කරනවා. එයට හේතුව බේරාකලී කෙඳි හෙවත් ෆයිබර් අඩංගු ආහාරයක් වීමයි.
මාංස බෝග :
ගෝවා මල්, ගෝවා වැනි ගෝවා කුලයට අයත් අනෙකුත් ආහාර වර්ගත් පිළිකා රෝගයට එරෙහිව සටන් වදිනවා. ඒ හැරුණු විට බෝන්චි, කඩල, මුං ඇතුළු මාංස බෝග වර්ගත් පිළිකා සෛල විනාශ කරන ආහාර ලෙස ගත හැකියි. යකඩ, කැල්සියම්, විටමින් බී අඩංගු ආහාර ලෙස සලකන මාංස බෝග තම්බා, සුප් ලෙස සකස් කර හෝ වෑංජන ලෙස ආහාරයට ගැනීමෙන් පිළිකා සෛල ඇතිවීම වළක්වා ගත හැකි අතර යකඩ වැනි අතිශය වැදගත් පෝෂකද සිරුරට ලැබෙනවා.
නුසුදුසු ආහාර :
නමුත් ආහාර පිළිබඳ සැලකිලිමත් වන විට ආහාරයට ගත යුතු මෙන්ම ආහාරයට නොගත යුතු දෑ පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. රතු මස් වර්ග, අධික මේදය සහිත මස් වර්ග, සම සහිත කුකුළු මස් ආහාරයට ගැනීමෙන් සහ සකස් කළ මස් වර්ග ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවනවා. එලෙසම බාබර්ක්‍යු කළ මස් වර්ග, ග්‍රිල් කරන ලද මස් වර්ග ආහාරයට ගැනීමත් පිළිකා ඇතිවීමට හේතුවක්. බිස්කට් වර්ග, කේක්, පේස්ටි්‍ර ආදී කෙටි කෑම වර්ග ආහාරයට ගැනීමෙන් සිරුරේ අනවශ්‍ය මේදය එකතු වනවා. එයින් අධික තරබාරුව ඇතිවන අතර එය පිළිකා ඇති වීමටද හේතුවක් විය හැකියි. එබැවින් ආහාරයේදී බෝ නොවන රෝග අවදානමෙන් වැළැකීම ඉතාම වැදගත්.
හංසි ආටිගල
මව්බිම
අධික රුධිර පීඩනය :අධික රුධිර පීඩනය අද බොහෝ දෙනා අතර පැතිර පවතින රෝගයක් බවට පත්ව ඇත. සෞඛ්‍යවත් ජීවන රටාවෙන් බැහැරව...
මෙම ස්ථුලතාව Android Obesity ලෙසද Gynoid Obesity ලෙසින් කොටස් දෙකකි. මෙය ස්ත්‍රීන් සහ පුරුෂයන් සඳහා වෙන් වශයෙන් කතාබහට ලක්වන තත්ත්වයක් වුවද...
වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 39කි. මාගේ සැමියා මට වඩා මාස 6ක් පමණ වයසින් අඩු ය. අප විවාහ වී දැනට වසර 4ක්...
බලපාන හේතු ගර්භාෂය පහත්වීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවකට කල් පවතින කැස්ස, බඩ වියළීම, ආදී තත්ත්ව රෝගී තත්ත්වය උග්‍ර කරවයි. ඒ වගේම කලාතුරකින් ගර්භාෂයේ...
තුවා කොපමණ අවශ්‍යද : පරීක්ෂණයකට අනුව සොයාගෙන තිබෙන්නේ නාගරික කාන්තාවක් සිය ජීවිත කාලය පුරාවට සනීපාරක්ෂක තුවා 16,800ක් පමණ භාවිත කරන බවයි....
ගර්භාෂගත රෝග පිළිබඳව කතා කරන විට අතීතයට සාපේක්ෂව පැහැදිලි වර්ධනයක් දක්නට ලැඛෙනවා. ගොඩක් වෙලාවට මාසික ආර්තවයේ සිදුවන අක්‍රමිකතා සමඟින් පටන් ගැනෙනා...