ගෝනූස්සෙක් කෑවොත්
ගෝනූස්සා බොහෝ අවස්ථාවල ගෙවත්ත තුළ දක්නට ලැබෙන සත්ත්වයෙක්. ඒ වගේම ගෝනූස්සන් කෑ අවස්ථාද අපට බොහෝ විට අසන්නට ලැබෙනවා. නමූත් එවැනි අවස්ථාවකදී නිවසේදී කළ හැකි ප්‍රතිකාර පිළිබඳව ඇතැම් අය දන්නේ නැහැ. ඒ නිසා අද අත් බෙහෙත් තුළින් එම ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනවා.
දෂ්ඨ මූඛයට ආලේප කිරම සඳහා
- කුප්පමේනියා කොළ දෙහි යූෂ වලින් අඹරා දෂ්ඨ මූඛයේ ගාන්න.
- පෙරුම්කායම් දිය කර දෂ්ඨ කළ ස්ථානයේ ආලේප කරන්න.
- අත්තන කොළ, සකිනාරං කොළ සමග අඹරා ගෑමද සූදුසූය.
- දුම්මල කුඩූ ගිතෙලින් අඹරා ගාන්න.
- අරළු, වසාවාසි, උක් හකුරු සමග අඹරා දෂ්ඨ කළ ස්ථානයේ ගාන්න.
- අමූ කහ සිහින්ව අඹරා එම ස්ථානයේ හොඳින් ආලේප කරන්න.
- දෙහි ඇට, රතු ළුෑනූ, දෙහි ඇඹූලින් අඹරා ගාන්න.
- රසකිඳ කොළ, රතුළුෑනූ සමග අඹරා ගෑමද ඉතා සූදුසූය.
ගෝනූස්සෙක් කෑ අවස්ථාවකදී කළ හැකි විවිධ කෙම් ක්‍රමයන්ද තිබෙනවා. එවැනි කෙම් ක්‍රම අවශ්‍ය නම් ඔබට කළ හැකියි.
- රත් කරල් හැබ මූල් විකා දෂ්ඨ මූඛයට පිඹින්න. ඒ වගේම දෂ්ඨ කළ ස්ථානය හොඳින් පිරිමදින්න.
- කපූ කොළ කොටා යූෂ දෂ්ඨ මූඛයේ ආලේප කිරමද ප්‍රසිද්ධ කෙම් ක්‍රමයකි.
- තෝර කොළ, ගොටූ කොළ හොඳින් කොටා යූෂ ගෙන ලුණූ ස්වල්පයක් දමා කකාරා දෂ්ඨ කළ ස්ථානයේ ගාන්න.
ගෝනූස්සෙක් දෂ්ඨ කළ අවස්ථාවක මෙවැනි ප්‍රතිකාර සහ කෙම් ක්‍රමයන්ද ඔබට නිවසේදීම කළ හැකියි.
ආයූර්වේද වෛද්‍යචාර්ය ජී. ඒ. ජී. නානායක්කාර
ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන...
නොයෙක් හේතූන් නිසා අද රුධිර පීඩනයට අධික වන අය ඉතා වැඩියි. අධිකව ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම, තෙල් අධික ආහාර ගැනීම වගේම...
දෂ්ඨ මූඛයට දුම් ඇල්ලීම.කරපිංච කොළ, නික කොළ, සකි නාරං කොළ සිිහින්ව කපා පොල්කටූ අඟුරක දමා දුම්මල ස්වල්පයක් සමග දුම් ඇල්ලීම ඉතාම...
තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් ලෙස අළුහම් හඳුන්වන්නට පූළුවන්. මූහූණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසාම...
විටින් විට ඇති වන හිසරදයට හා සිරුරේ ඇතිවන වේදනාවටත් ක්ෂණික සහනයක් ගෙන දෙන්නට පැරසිටමෝල් පෙත්තක් ප්‍රමාණවත් වුණත් එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන...
සුවෙන් ඉන්න හැඩට ඉන්න අපි හැමෝම වගේ කැමතියි. ඒත් අපිට එහෙම ඉන්න ටිකක් විතර ඔන්න අමාරුයි. මොකද අපි එහෙම ඉන්න හදනකොට...