Biz Log
Classifields
Biz Log
Classifields

විෂකුරු සර්පයකු දෂ්ඨ කළොත් ?

සර්පයන් දෂ්ඨ කළ අවස්ථාවල බොහෝ දෙනා ඉතා බියට පත්වීම සාමාන්‍ය තත්ත්වයක්. ඒ විතරක්ද නෙවෙයි ඇතැම් සර්පයන්ගේ නම් අහන්න පවා ඇතැමූන් බියවෙනවා. කරවලා එවැනි සර්පයෙක්. ලොකු, පොඩි වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් මෙවැනි සර්පයන්ට බිය දක්වනවා. ඒ වගේම එවැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක කළ යූත්තේ කුමක්ද කියා සිතන්නවත් ඔවූන් පෙළඹෙන්නේ නැහැ. මේ හේතුව නිසා කරවැලා වැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක සූදුසූ අත් බෙහෙත් ක්‍රම කිහිපයක් සඳහන් කරනවා.

බීම සඳහා අත් බෙහෙත්

  • කරපිංචා ගසේ කොළ, පොතු, කලං 12 බැගින් ගෙන වතුර පත 8:1 ට සිඳ සීනි දමා බොන්න දෙන්න.
  • රණවරා මූලේ පොතු පොල් සමග කොටා මිරිකා රත්කර බීමට දෙන්න. (පත 1/2 ක් පමණ)
  • කරපිංචා කොළ යූෂවලින් හීනටි සහලින් කැඳ සාදා දෙන්න.
  • කරවිල කොළ, කරපිංචා කොළ, කලං 4 බැගින් ගෙන පත 8:1 ට සිඳ සහිඳ ලුණූ දමා බීමට දෙන්න.
  • කෝමාරිකා යූෂ පත 1/2, තැඹිලි පොල් කිරි පත 1/2, එරඬූ තෙල් තේ හැඳි 2 ක් සමග බොන්නට දෙන්න.
මෙවැනි ආකාරයේ අත් බෙහෙත් බීම සඳහා ගැනීමට හැකියි. ඒ වගේම කරවැලා වැනි සර්පයෙක් දෂ්ඨ කළ අවස්ථාවක දෂ්ඨ මූඛයේ ගෑම සඳහා ද ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා.
  • බැබිල කොළ අමූ කහ සමග අඹරා දෂ්ඨ මූඛයේ ගාන්න.
  • කැකිරිි කොළ, දෙහි ඇඹූලෙන් අඹරා එම ස්ථානයේ ආලේප කරන්න.
  • කීකිරිදිය කොළ දෙහි ඇඹූලෙන් අඹරා දෂ් කළ ස්ථානයේ ගාන්න.
  • කරවිල කොළ උණූදියෙන් අඹරා ගෑමද සූදුසූය.
  • ඔලිඳ මූල් ගිතෙලින් අඹරා ගෑමටද පූළුවන.
දෂ්ඨ කළ ස්ථානයේ ගෑමට සහ බීමට සූදුසූ මෙම අත් බෙහෙත් ක්‍රම ඔබට නිවසේදීම ඉතාම පහසූවෙන් සාදාගැනීමට පූළුවන්. නමූත් රෝගියාගේ තත්ත්වය බරපතල නම් වෛද්‍යවරයෙක් ළඟට රෝගියා ගෙනයාමද ඉතා සූදුසූය.

ආයූර්වේද වෛද්‍යාචාර්ය ජී. ඒ. ජී. නානායක

Share This Article

කරදරකාරී ඉන්නන් නැති කරගන්න සරල ක්‍රම ටිකක් මෙන්න

ඉන්නන් යනු ඔබගේ සෞඛ්‍යට හානි කර තත්වයක් නොවේ. නමුත් සමෙහි තැනින් තැන ඉන්නන් ඇති වීම ඔබව අපහසුතාවයට පත් කරවන කාරණයකි. හෝර්මෝන...

අළුහම්වලට පේර කොළ හොඳයි

තරුණ වැඩිහිටි බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුවක් ලෙස අළුහම් හඳුන්වන්නට පූළුවන්. මූහූණේ සහ ශරරයේ ප්‍රියකරු බව අළුහම් මගින් නැතිවෙන අතර මේ නිසාම...

ගෝනූස්සෙක් කෑවොත්

ගෝනූස්සා බොහෝ අවස්ථාවල ගෙවත්ත තුළ දක්නට ලැබෙන සත්ත්වයෙක්. ඒ වගේම ගෝනූස්සන් කෑ අවස්ථාද අපට බොහෝ විට අසන්නට ලැබෙනවා. නමූත් එවැනි අවස්ථාවකදී...

අධික රුධිර පීඩනයට

නොයෙක් හේතූන් නිසා අද රුධිර පීඩනයට අධික වන අය ඉතා වැඩියි. අධිකව ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම, තෙල් අධික ආහාර ගැනීම වගේම...

ආහාර අරුචිය නැති කරන අත් බෙහෙත්

ආහාර අරුචිය ඇති අයෙකු තුළ දක්නට ලැබෙන රෝග ලකෂණ මොනවාද?"සබ්බේ සත්තා ආහාරථිඨීතිකා" යනූවෙන් බූදුන් වහන්සේ දේශනා කර ඇත්තේ සියළු සත්වයන් ආහාරය...

හෙළ වෙද රහස්

සුවෙන් ඉන්න හැඩට ඉන්න අපි හැමෝම වගේ කැමතියි. ඒත් අපිට එහෙම ඉන්න ටිකක් විතර ඔන්න අමාරුයි. මොකද අපි එහෙම ඉන්න හදනකොට...