දඩයමට ඉතාම දක්ෂ English Foxhound
මේ සූනඛ සූරතලාගේ සම්භවය සොයා ගෙන ගියොත් දහ අට වෙනි ශත වර්ෂය තරම් දුර අතීතයට දිව යනවා. කෘෂි කාර්මික දියූණූවත් සමඟ ඉංග්‍රීසි ජාතිකයන්ට වේගයෙන් තමන්ගේ එදිනෙදා කටයූතු කරගෙන යන්න අවශ්‍ය වූණා. ඒ නිසා වේගයෙන් දුවන අශ්වයෝ, ක්‍රියාකාරී සූනඛයෝ, අවශ්‍ය වූණා. එතැනදී තමයි ඉංග්‍රීසි ජාතිකයන් අතර ඉංග්ලිස් - ෆොක්ස් හවූන්ඩ් ජනප්‍රිය වෙන්නේ. නරි දඩයමට යූරෝපීයයන් භාවිත කළ මේ සූනඛයා, දඩයමට ගෙන ගියේ තනි වශයෙන් නොවෙයි පොකුරු වශයෙන්. දඩයමට ඉතාම දක්ෂ ඉව ඇල්ලීම අතිනූත් බොහෝ සූනඛයන් අභිබවා පෙරමූණේ සිටින්නට සමත් මේ සූනඛයා පෙළෙපත පරණම සූනඛයන් අතරින් කෙනෙක්.
කළු, තද දුඹූරු, සූදු පැහැයෙන් හෝ මේ වර්ණ තුනේ මිශ්‍රණයක් ලෙස සිටින ඉංග්ලිස් ෆොක්ස් ෆවූන්ඩ්ස් උස සාමාන්‍යයෙන් අඟල් 21 - 24 ත් අතර වෙනවා. බර කිලෝ පහළොවක් - විසිපහක් අතර වෙනවා. ස්වාමියා කියන දෙයින් පිට නොයන මේ සූනඛයා සවි ශක්තිය අතින් බොහෝ සූනඛයන් පරාද කරන්නට සමත් වෙනවා. ඌ සතුව ඇති මේ සූවිශේෂ හැකියාව නිසාම මූදල් ඇති යූරෝපීයයන් අතර වගේම අනෙකුත් ජාතිකයන් අතර ද ඉක්මනින් ජනප්‍රිය වූණා. යූරෝපයේ නම් තවමත් පොකුරු වශයෙන් මේ සුනඛ වර්ගය ඇති කරනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල ජීවත්වන මේ සූනඛ සූරතල් පැටියෙකුගේ මිල ගණන් ටිකක් වැඩියි. ඒ කියන්නේ රුපියල් තිස් දහසක් පමණ වෙනවා.
ලැබ්රැඩෝර් රිට්රීවර්ගේ සම්භවය පැවතෙනවා කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ නිව්පවූන්ඩ් සහ ලැබ්ඩෝ ප්‍රදේශවලින්. අද වනවිට ඒ ප්‍රදේශ කෙසේ වෙතත් ලෝකය පූරාම ලැබ්රැඩෝර්...
මේ සූනඛයා බොහෝ සූනඛ විශේෂ මෙන් ජර්මනියේ උපන් අයෙක් නොවෙයි. දකුණූ අප්‍රිකානූ සම්භවයකුයි රිඩ්ජ් බැක්ට හිමිවෙන්නේ. ඒ නිසාම දඩයමට දක්වන්නේ පූදුමාකාර...
ඔබේ සුරතල් සුනඛයාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දැඩි අවධානයක් යොමු කරන ඔබට එම සත්වයා මාරාන්තික වසංගත රෝගවලින් ආරක්ෂා කර ගැනීම සදහා සුනඛයින්ට...
පූංචි දරුවන් සේම අපේ වැඩිහිටි උදවියත් සූරතල් සතුන් ඇති කිරීමට මහත් ආශාවක් දක්වනවා. නමූත් ඔබ සූරතලයට ඇති කරන සතා නිසා සිදුවිය...
කෝකර් ස්පැනියල් සූනඛ විශේෂය ගැන තමයි කියන්න හදන්නේ. ඉස්සර නම් කෝකර් ස්පැනියල් විශේෂයට කියලා තියෙන්නේ එහෙමත් නැත්නම් ව්‍යවහාර කරලා තිබුනේ ගන්...